උණුසුම් වූ  දියවඩන නිළමේ  නිලවරණය  තරඟයට  බංකොලොත් වූ ව්‍යාපාරිකයෝ බෙහෙත්  සහ වාහන වෙළෙන්දෝ මෙන්ම පිනාචාර්යවරුත්

      මේ දිනවල මහනුවර  ලෝක උරුම සිද්ධස්ථානයක  නව ධූරයක් සඳහා වූ ඓතිහාසික කන්ද උඩරට නිළමේ වරුන්ගේ  උණුසුම් නිලවරණය    සඳහා  දැන් දැන් සටන  ආරම්භ වී තිබේ.

සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේගේ ඓතිහාසික උරුමය සහ ගිහිභාරකාරත්වය හිමිව තිබෙන දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල බංඩාරගේ ධුර කාලය ලබන මාසයෙන් අවසන් විමට දින ලංවන්න ලංවන්න ඒ සදහි අලුතින් එම තනතුර සඳහා ඉදිරිපත්විමට බලා සිටින අයගේ  උණුසුම් තරඟකාරී වාතාවරණය ඇතිවී තිබේ.

සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී මහා නායක හිමිපාණන් වහන්සේලාගේ පැවිදි භාරකාරත්වයට පත්ව මහනුවර  ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන පූජනීය වන්දනීය වාම ශ්‍රී දළදා වහන්සේගේ එකී පැවිදි භාරකාරත්වයට අමතරව ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් භාරකාරත්ව ධූරයට අදාළ ගිහි ප්‍රභූ වරයාගේ සේවාවද නිතැතින්ම ලැබෙයි.

එම ධූරයේ නිල කාලය  2025  වසරේ සැප්තැම්බර් මස  02 වන දින අවසන් වීමට නියමිතව  ඇත.එලෙස දළදා වහන්සේගේ ගිහි භාරකාරත්ව ධූරය හිමිවන දියවඩන නිළමේ වරයාගේ නිල  කාලය අවසන් වීමත් සමග එම  ධූරයට  සුදුසු නව දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කරගන්නා තෙක් , එම ධූරයේ වැඩ බැලීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් දළදා මාළිගාවේ පරිපාලන කටයුතු   සහ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයට වැඩබලන දියවඩන නිළමේ වරයෙකු පත් කිරීමේ බලයද ඇත්තේ රජයේ   බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාටය.

ශ්‍රී දළදා මාළිගාවට නව දියවඩන නිළමේ වරයෙකු  තෝරා පත් කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගේ අධීක්ෂණය  යටතේ ජන්ද විමසීමක්ද සිදු කරන අතර එම ජන්දය ලබාදීමේ හිමිකම ලංකාවේ දිස්ත්‍රික්ක  18 ක ප්‍රාදේශීය ලේකම් වරුනටද  ලැබෙයි.එය අතීත රජ දවසේ  දිසාවටද ,පසු කලෙක මෙරට ඉංග්‍රීසී  පාලනය සමයේ රජයේ ඒජන්ත හෙවත්  ගවර්මන්ට් ඒජන්ට්වරුන්ටද හිමිව තිබූ බව සදහන්වේ.

1931 අංක 19  දරණ විහාර දේවාල ගම්පණතේ ප්‍රකාරව  4/01 වගන්තිය යටතේ පාලනය වන ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානවල සියලුම ගිහි (  දේවාල වල) පැවිදි භාරකරුවන්ටද දියවඩන නිළමේ වරයෙකු පත්කිරීම සඳහා ජන්දය පාවිච්චි කිරීමේ බලය හිමිවනු   ඇත.

සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී මහානායක හිමි පාණන් වහන්සේලාටද ,උන්වහන්සේලාගේ  ,පාර්ශවයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හී විහාරාධිකාරී හා විහාර භාරකාරත්වය හිමි නායක භික්ෂූන් වහන්සේලාටද , මෙහිදී ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේය.

ඌව පලාත ,මධ්‍යම පලාත ,සබරගමුව පලාත  ,මාතර මොරවක් කෝරළේ ,හිනිදුම් පත්තුව ( ගාල්ල) සහ උතුරු පලාතේ වව්නියාව සිංහළ පත්තුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් වරුන්ටද ,දළදා මාළිගාවට දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කර ගන්නා නිලවරණයේදී සියජන්දය පාවිච්චි කිරීමේ බලය හිමිව ඇත.

ඒ නුව දැනට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පරිපාලන කටයුතු  , භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ කටයුතු සහ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි කර ගැනීමට දන්නා පරිදි  නිළමෙලා තිදෙදෙනෙකු  අතර උණුසුම් තරඟකාරීත්වයක්  ආරම්භ වී තිබේ.මෙම සටනේදී විවිධ පුද්ගලයන්  මේවන විට සමාජ මාධ්‍ය ජාලා  ,පත්‍රිකා දැන්වීම්  පත්‍රිකා යොදවාගෙන එක් එක්  නිළමේ අපේක්ෂකයන්ට එරෙහිව අපහාසාත්මක මඩ ප්‍රචාර පතුරුවන  තත්ත්වයක් දැක ගන්නට තිබේ .

ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිළමේ ධූරය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතාද මෙවරත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ  ධූරයට ඉදිරිපත් වීමට තිරණය කර ඇත.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අනුබද්ධ ,අතීත රජ දවසේ පිහිටුවන ලද  සිව් මහා දේවාල  වූ ,ඓතිහාසික ශ්‍රී කතරගම දේවාළයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාද ,මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ අධිකාරම් වලව්වේ සරත් බණ්ඩාරනායන මහතාද  දියවඩන නිළමේ ධූරය අපේක්ෂාවෙන් මෙම නිලවරණයට ඉදිරිපත්වී සිටිති.

මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් සහ මහනුවර ඓතිහාසික ශ්‍රී විශ්ණු දේවාලයේ සහ මාවනැල්ල ඓතිහාසික ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ  බස්නායක නිළමේ ධූරය හොබවන   මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරුන්ගෙන්  දියවඩන නිළමේ තනතුර සඳහා  ඉදිරිපත් වන්නේදැයි විමසූ විට මෙතෙක් ඒ සම්බන්ධව තමන් තීරණයක් ගෙන නැතැයි පැවසූහ.

තවත් සෘජුව ඉදිරිපත් නොවූ අපේක්ෂකයන් කීප දෙනෙක්  තමන් උඩරට ප්‍රභූ පවුල් පරම්පරාවෙන් පැවත එන  සාමාජිකයන් බව පවසමින්  දළදා මාළිගාවේ දියවඩන  නිළමේ ධූරය සඳහා වූ නිලවරණයට තමන් ඉදිරිපත් වන බව පවසති.

කෙසේ වෙතත් දළදා මාළිගාවේ දියවඩන  නිළමේ ධූරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් එම ධූරය ලබා ගැනීම සඳහා අත දිග හැර මුදල්  වියදම් කිරීමක්  කරන බව නම් ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තහවුරු විය.එය සමාජ කතාබහටද  ලක්ව තිබේ.

මෙම උත්තරීතර ධූරය සඳහා පත්වන්නා කවුරු වුවත් සූරාවෙන් දුරාචාරයෙන් සහ සූදූවෙන්  මෙන්ම විවිධ විෂමාචාරයන්ගෙන්   තොර  සාදූ චරිතයක් විය යුතු බව සමාජයේ මෙන්ම බොදුනුවන්ගේද  පොදු මතය වී තිබේ.

සෘජුව මෙම ධූරය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් ලෙස ප්‍රසිද්ධියේ මේ දිනවල රටපුරා ඇවිදිමින් ඒ ඒ සිද්ධස්ථාන වෙත යන එනු ලබන්නේ  ජන්දයට හිමිකම් ඇති ප්‍රාදේශීය ලේකම් වරු හමුවන්නේ ,ඉතා ප්‍රසිද්ධ චරිත තුනකි,එනම් ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල , බස්නායක නිළමේ වරුන් වන සරත් බණ්ඩාරනායක  සහ දමින්ද බණ්ඩාර උඩුරාවණ යන මහත්වරුන් බව වාර්ථාවේ.

දැනට මෙම ඓතිහාසික තනතුර සඳහා රජයේ කිසිදු බලපෑමක් හෝ දේශපාළන වශයෙන් අත පෙවීමක් හෝ සිදුව නැති බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග ඔස්සේ  අනාවරණය විය.

මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාටත් ඒ ඒ විහාරස්ථාන  භාරකාරත්වයටත් ,දේවාල වල බස්නායක නිළමේ වරුන්ටත් සිතැඟි පරිදි මෙම නිලවරණයේදී තමන් කැමති ප්‍රභූ වරයෙකුට   දියවඩන නිළමේ ලෙස පත්වීමට ජන්දය ලබා දීමේ අවස්ථාව උදාවෙයි.

කෙසේ වෙතත් ප්‍රබල ව්‍යාපාරිකයන්,ඉඩම් හිමියන්  මැණික් ව්‍යාපාරිකයන් මහාචාර්යවරුන්  වාහන සේල් ආයතන හිමි,විදෙස් රටවලින් ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයන් ,තමන්ට අතීතයේ සිට උඩරට රදළ පරම්පරාවෙන් උරුමයක් ඇතැයි පවසන ප්‍රභූ පවුල්වල සම්බන්ධතාවයන් ඇතැයි කියන පුද්ගලයන් සහ ශ්‍රී දළදා   සමිඳුන් වහන්සේ මෙරටට වැඩම කරවූ හේමමාලි  කුමරියගේ ලේ උරුම ඥතීත්යවයන් ඇති බව පවසන පරපුරෙන් පැවත එන්නන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූරයට හිමිකම්  ඇතැයි  පවසන අයද     මෙම  නිලවරණයට  ඉදිරිපත් වන බව කියති.

දළදා මාළිගාව සතුඉඩම් දේපළ සහ අනෙකුත් වස්තුව  බෞද්ධ ජනතාව සතුවන අතර ඒවා හිඟන  අපේක්ෂකයන් අතට පත්වුවහොත්  දළදා මාළිගාවද විකුණා දමන තත්ත්වයේ දියවඩන නිළමේ අපේක්ෂකයන් මෙවර  ඉදිරිපත් වී සිටිති.  අත් දෙක උඩට ඔසවා දෙවියන්ට කන්නලව් කරන   ඇතැම් අපේෂකයන් දැනටමත් තමන් වටා  ශරීර ආරක්ෂකයන්  දහයක් පමණ  දමා ගෙන සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *