ලංකාවේ ක්‍රීඩාව සංවර්ධ්නය කිරීම සදහා පසුගිය දශක දෙකේ ගෙන ඇති තිරසර ක්‍රියාමාර්ග ප්‍රමාණය බින්දුවටත් වඩා අඩුය. ක්‍රීඩාවේ යහපැවැත්ම සදහා රජය ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත්, අන්තර්ජාතික ඔල්‍යිම්පික් කවුන්සිලයට අනුබද්ධ ජාතික ඔලියිම්පික් කමිටුවටත් විශාල කාර්‍යභාරයක් පැවරේ. නමුත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු යනු දේශපාලකයන්ගේ ගෝලබාලයන්ට රැකියා ලබා දෙන කිසිදු හරයාත්මක දෙයක් ක්‍රීඩවට සිදු නොකල සුදු අලියෙකි. ජාතික ඔල්‍යිම්පික් කමිටුව යනු අන්තර්ජාතිකව ලැබෙන ඩොලර් කන්දරාවේ සුවදට ඉව වැටුනු දේශීය ව්‍යාපාරිකයන්ගේ ගොදුරක් වූ ස්ථානයකි.
එහි ප්‍රථිපලය් ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඔහේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටින ගොඩ සිට පිහිනන්න උගන්නනවා සේ නීති සකස් කරමින් ජීවිකාව ගෙනියන තත්වයට පත්වූ අතර ජාතික ඔලිම්පික් කමිටුව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ බලු පොරයට අසු වී දිගින් දිගටම දූෂණය වන ස්ථානයක් බවට පත්වීමයි.
පසුගිය දශක කිහිපයේම මෙම ආයතන දෙක ක්‍රීඩා සංවර්ධනයට උර දෙනවාට වඩා නඩු හබ වල පැටලෙමින් ක්‍රීඩාව පස්සට ඇදීම පමණක් විද්‍යාමාන විය
මෙම තත්වයන් තුල ලංකාවේ බොහෝමයක් ක්‍රීඩා ඉතා අපහසුවෙන් ඉදිරියට ගමන් කරන අතර සහයෝගය වෙනුවෙනට ඔවුන්ට බොහෝ විට ලැබෙනුයේ උක්ත ආයතන දෙකේ අකඩාකප්පල් කාරී ක්‍රියා වල ගොදුරු වීමටයි.
එහි නවතනම නාටකයේ කච්චපුටගේ චරිතය ඔල්‍ලිම්පික් කමිටුවේ සුරේශ් සුභ්‍රමනියම් රග දක්වන අතර සහය නලුවා ලෙස ප්‍රීති පෙරේරා රග දක්වයි. සේරිවානිජ චරිතය ලැබී ඇත්තේ පසුගියදා ජාතික ඔල්‍යිම්පික් කමිටු මහ සභාවේදී සුරේශ්, මැක්ස්වෙල් ඇතුලු නඩයේ හොර, අසාර්ථක පාලනයට විරුද්ධව හඩ නැගූ තවමත් දේශීයව නැගී සිටීමට වෙර දරන අලුත් ක්‍රීඩා සංගම් ය. එම ක්‍රීඩා සංගම් ඉතා අපහසුවෙම් එක් එක් ක්‍රීඩා ලංකාවේ ස්තාපිත කිරීමට අපමන වෙහෙසක් ගනිද්දී සුරේශ් නැමැති කච්චපුටයා තම සහචර යූටියුබ් නාලිකා, මාධ්‍යවේදී ආදිය යොදා ගනිමින් එම ක්‍රීඩාවන්හී අඩුපාඩු සොයා ඒවා ලංකාව තුල තහනම් කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටීයි. බොහෝ උත්සාහයන් ලත් තැනම ලොප් වන්නේ ඔහුගේ උත්සාහයන්ට කිසිම තාර්කික පසූබිමක් නැති බැවිනි. මෙම උත්සාහයන්ට උල්පන්දන් දෙන ප්‍රධාන සහය නලුවා ප්‍රීති පෙරේරා නම් ලංකාවේ ක්‍රීඩාව විනාස කල තවත් කුප්‍රකට ව්‍යාපාරිකයෙකි. පසු ගිය රජයන්ගේ ඇමතිවරුන්ගේ ඇට සූප්පු කරමින් විවිධ රාජ්‍ය ආයතන වල ඉහල තනතුරු දැරා ඔහු ඒවා විනාශයට ඇද ගෙන ගොස් දැන් සුරේශ්ගේ ඇටේ එල්ලී සිටී.
තාර්කික නොවන උත්සාහයන් ව්‍යර්ථ වී ඇති පසු බිමක ඔහුගේ ගොදුරු වී ඇති ක්‍රීඩා සංගම් වල අන්තර්ජාතික සංගම් වලට කතා කරමින් කෙසේ හෝ එම ක්‍රීඩා ලංකාවෙන් තුරන් කිරීමේ තුච්ච උත්සාහයක සුරේශ් නම් කච්චපුටයා නිරතෙ වෙමින් සිටීම අතිශ්‍ය භයානකය..ඊට හේතුව මෙම ක්‍රිඩා පසුගිය කාලය තුල දේශීයව ක්‍රිඩකයන් නිර්මාණය කර අන්තර්ජාතික මට්ටමට සූදානම් කර ඇති පසුබිමක කච්චපුටගෙර් පලිගැනීමෙන් හදිසියේවත් එම ක්‍රීඩා සංගම් වල නිලධාරීන් මෙම පීඩා දරාගැනීමට නොහැකිව එම ක්‍රීඩා සංගම් අතහැර දැමුවහොත් දහසක් බලාපොරොත්තු දල්වාගෙන සිටින ක්‍රීඩකයන් අසරණ වීමයි.
ක්‍රීඩා අමාත්‍යවරයා වහාම මේ තත්වයට් මැදිහත් වී පලිගැනීමේ චේතනාවෙන් රටේම ක්‍රීඩාව වනසන සුරේශ් කච්චපුටව වහාම බැද තැබිය යුතුය. නැතහොත් ක්‍රීඩාව අනාගථතය සුභ දායී නොවනු ඇත.
හසිත අකලංක දෙයාලගේ