තොරුන් මෝරුන් මානසික ලෙඩුන් කරන දොස්තර තාරක

බන්ධනාගර රෝහලේ වෛද්‍ය සායනයට මුල්ලේරියාව රෝහලේ සිට පැමිණෙන විශේෂඥ මානසික වෛද්‍ය තාරක ප්‍රනාන්දු සිය තොරා ගත් රැදවියන් පමණක් සායනයට කැදවා ඔවුන්ට මානසික රෝගයක් ඇති බව සදහන් කරමින් රෝහලේ ප්‍රතිකාරවලට හෝ ඇප ලබා ගැනිමට අවශ්‍ය වෛද්‍ය සහතික ඉහළ අය කිරිම්වලට නිකුත් කරන බව වාර්ථාවෙි.

මුදලට අදාළ නිර්දේශ ලබා දෙන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  දුම්න්ද සිල්වා හා තංගල්ල හිටපු ප්‍රාදේශිය සභාවේ හිටපු සභපති සම්පත් විදාන පතිරණට මානසික රෝගයක් ඇති බව පවසා මේවන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට සලස්වා ඇත්තේ මෙම වෛද්‍යවරයාගේ නිර්දේශය මතය.

ඊට අමතරව හිමයුගොලෝබින්  එන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගර ගතව සිටි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ට මානසික රෝගයක් ඇති බව සදහන් කරමින් ඇප ලබා ගැනිමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශය ලබා දී ඇත්තේද මෙම වෛද්‍යවරයා වන අතර ඒ සදහා ලබා ගෙන ඇති මුදල ලක්ෂ හැටකි.

එහෙත් සැබැවටම මානසික රෝලවලින් පෙළෙන රැදවියන් අගහරුවාදාට පවත්වන මෙම මානසික වෛද්‍ය සායනයේදි වෛද්‍ය තාරක හමුවිමට අවස්ථාවක් නොලැබේ.මානසික රෝගවලින් පෙලෙන ඇතැම් රැදවියන් අවස්ථා ගණනාවකදී සියදිවි නසා ගැනිමට තැත්කර ඇතත් ඔවුන්ව පරික්ෂා නොකරන බව සදහන්වේ.

බන්ධනාගාරය නිළධාරින් සිදු කළ විෂමාචාරයන් සම්බන්ධයෙන් පරික්ෂණ කරනවා සේම බන්ධනාගාර රොහලේ සිදුවන තොරුන් මෝරන් මානසික ලෙඩුන් කරන මෙම මහා වංචාව නතර කළ යුතු අතර ඒ සදහා වහාම කළ යුත්තේ එම වෛද්‍යවරුන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඉන් ඉවත් කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *