උඩරට නිළමේ කෙනෙකුගේ නම වන මඩුගල්ලේ ලෙසින් හදුන්වන මහනුවර කම්කරු කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් තමන් හමුවට පැමිණෙන මහජනතාවට ඉතා පහත් ආකාරයෙන් සලකන බවත්, බැණ වදිනබවත් ,එම කාර්යාලයට සේවය ලබා ගැනීමට යන එන ජනතාව සහ එම කාර්යාලයේ ඇතැම් සේවකයන්ද පවසයි.
මාසිකව ලක්ෂ දෙකකට අධික මහජන මුදලින් වැටුප් දීමනා ලබන මෙම උමතු නිලධාරියා ,රූමත් කතුන්ට කරුණාව දක්වන ,තමන් හමුවට සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට බූරා පනින්නේ පිස්සු බල්ලෙකු ලෙස බව මහජනතාව සදහන් කරයි.
උඩරට නිළමේගේ නම අගට යොදා ගත් මෙම උඩඟු නිලධාරියා කාර්යාලයේ ඇතැම් නිලධාරින්ද නුරුස්නා අයෙකු බවත්,ඔහු හරිහැටි කළුගලක ඔළුව වද්දගෙන නැති හොර නිළමෙකු බවත් ඔහුගේ තතු දන්නා උඩදුම්බර ගමේ තතු දත් අයද පවසයි.
මෙම අසත්පුරුෂ උසස් නිලධාරියා නිසා කම්කරු දෙපාර්තමේන්තුව ජනතා අප්රසාදයට ලක් වන බැවින් මොහු සම්බන්ධව කම්කරු අධ්යක්ෂක ජනරාල් වරිය කිසියම් පියවරක් ගත යුතු බව මහනුවර කම්කරු කාර්යාලයට යන එන මහජනතාව සදහන් කරයි.

