මිණීමරු ඕඅයිසී ට අමාත්‍යාංශය උපදේශක ගේ ආරක්ෂාව.

ගිරිඋල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත විසින් පසුගිය මැයි  28 දින රාත්‍රියේදී අංක 94/A පිංකුඹුර කණුගල මුරුතැන්න ලිපිනයේ දී රාජිණී නම් 17 හැවිරිදි විවාහක යුවතියක් බලෙන් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් අප හෙළිදරව් කර නමුත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකුගේ බලපෑමක් එල්ල වී ඇති බව වාර්ථාවෙි.

එම සිඳුවීම යටපත් කිරිමට ඔහු විසින්  රුපියල් එක්ලක්ෂ විසිදහසක් ද (120000/=)  ලබා දීමත් ඊට පසුව දිගින් දිගටම අදාල යුවතිය දූෂණය කිරීමත් එසේ කිරීම දරාගත නොහැකිව ඇය එම නිවසේදීම ගෙලවැලලාගෙන මිය ගියාය. එය වක්‍ර ලෙස මිණීමැරුමකි.

ඇයට එම සියදිවි නසා ගැනීමට ආසන්නම හේතුව වන්නේ ගිරිඋල්ල පොලීසියේ ඕඅයිසී පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත විසින් ඉවක් බවක් නොමැතිව ඇයව බලහත්කාරයෙන් දූෂණය කිරීමයි. එවැනි අපරාධයක් සිදුකල ඕඅයිසී කියන්නේ “මාව ආරක්ෂා කරන්න ඉහලම කෙනෙක් ඉන්නවා” කියාය. ඒ ගැන සොයා බැලීමේදී හෙළීවුයේ ඉහලම කෙනා වෙන කවුරුත් නොව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක රණවීරය. ඒ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීර නුවර නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටින විට ඔහුගේ කාර්ය්‍ය මණ්ඩලයේ පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත සේවය කර ඇත. එසේ සේවයට එකව ඇත්තේ තලාතුඔය පොලීසියේ සේවය කරමින් සිටියදී පොලිස් කාන්තාවක් දූෂණය කිරීමේ වරදට චෝදනාවක් තිබියදීය. පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත කියන්නේ එකල රණවීර මහතාට අවශ්‍ය ලෙසට නාරි මාංශ සැපයීම වෙනුවෙන් ඔහු ප්‍රති උපකාරයක් ලෙසට තමාව ආරක්ෂා කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *