හෝමාගම මරණ පරීක්ෂණයේ මුවාවෙන් සාක්ෂිකරුවන් දඩයම් කරන අයි.පී. නිහාල්ගේ කෙරුවාව

බිරිඳට කළ අයුතු යෝජනාවට එරෙහි වූ සැකකරුට කොට්ඨාස තුනක නිලධාරීන් ඉදිරිපිට මාරාන්තික ප්‍රහාරයක් — නිල පොත්වල සටහන් තැබූ කොස්තාපල්වරුන්ට මරණ තර්ජන සහ සිරගත කිරීමේ සැලසුම්

නීතිය හා සාමය තමන් අතින් සිදුවන බරපතළ වැරදි වසා ගැනීමට ඕනෑම අහිංසකයෙකු බිල්ලට දීමට පසු බට නොවන පොලිස් නිලධාරීන්  පිළිබඳව අප අසා ඇත්තෙමු. එවැනි අඳුරු කතාවක් මේ වන විට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයෙන් කරළියට පැමිණ තිබේ. ඒ, පසුගියදා හෝමාගම පොලිසිය තුළ තරුණයෙකු මියයාමේ සිදුවීමේ විමර්ශන භාරව සිටින පොලිස් පරීක්ෂක නිහාල් නමැත්තාගේ අප්‍රකට කෙරුවාවන් සොයා බැලීමේදීය.

පොලිසියේ ඉහළ පුටුවල සිටින උසස් නිලධාරීන් ඉදිරියේ අතිශය අවංක, දක්ෂ නිලධාරියෙකු ලෙස රඟපාමින් ඔවුන්ව නොමඟ යවා ඇති මොහුගේ සැබෑ ස්වරූපය හොඳින්ම දන්නේ පොලිසියේ පහළ ශ්‍රේණිවල සේවය කරන “පොඩි එවුන්” ය. ලොකු නිලධාරීන් සතුටු කිරීම වෙනුවෙන් ඕනෑම අයථා වැඩක් කිරීමට සූදානම් මොහු, සිය දූෂිත ක්‍රියා වසන් කර ගැනීමට රුසියෙකු බව දෙපාර්තමේන්තුවේ පළපුරුදු කනිෂ්ඨ නිලධාරීන් අතර ප්‍රකට රහසකි. එහෙත්, “කොට්ටෝරුවා වටේට කොට කොට ගියත් කෙසෙල් ගසට කෙටූ දාට හොට පැටලෙනවා” යන පැරණි කියමන සැබෑ කරමින්, ඔහුගේ බරපතළ දූෂිත ක්‍රියාවක් නිල පොලිස් ලේඛන මගින්ම හෙළිදරව් වී තිබේ.

පෙරෙට්ටුව දා කොට්ඨාස තුනක් ඉදිරියේ සිදුවූ මාරාන්තික ප්‍රහාරය

සිද්ධිය ආරම්භ වන්නේ 2025 වසරේ ඔක්තෝබර් මස 29 වන දිනයි. හෝමාගම පොලිසියේ බලඅපරාධ අංක 155/25 ට අදාළව අත්අඩංගුවට ගෙන සිටි එම්.ආර්. තිලකරත්න නමැති සැකකරු, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම පොලිසියේ පොලිස් කොස්තාපල් සම්පත් (96914) සහ පොලිස් කොස්තාපල් තමර (29086) යන නිලධාරීන් දෙදෙනා විසින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන එනු ලැබීය. එම අවස්ථාවේ ගල්කිස්ස, හෝමාගම සහ නුගේගොඩ යන පොලිස් කොට්ඨාස තුනේම අපරාධ අංශ නිලධාරීන් සිය සැකකරුවන් පෙරෙට්ටු සඳහා එහි රැගෙන විත් තිබුණි.පෙරෙට්ටුව ආරම්භ වී සුළු වේලාවකට පසු එතැනට කඩා වැදුණු පොලිස් පරීක්ෂක නිහාල්, කොට්ඨාස තුනේම පොලිස් නිලධාරීන් බලා සිටියදීම හෝමාගම පොලිසියෙන් රැගෙන ආ තිලකරත්න නමැති සැකකරු බිම පෙරලාගෙන ඔහුගේ මුහුණට සහ හිසට මාරාන්තික තුවාල සිදුවන අයුරින් අමානුෂික ලෙස පහර දෙන්නට විය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සමන් සහ එවකට ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ජයසිංහ යන නිලධාරීන් ද මෙම සිදුවීම සියැසින් දැක තිබුණි. බරපතළ තුවාල ලැබූ සැකකරු තවදුරටත් එහි සිටියහොත් ජීවිත හානියක් පවා සිදුවිය හැකි බැවින්, හෝමාගම කොස්තාපල්වරුන් දෙදෙනා වහාම ඔහුව එම ස්ථානයෙන් ඉවත් කරගෙන යාමට පියවර ගත්හ.

“(උඹ වැරදිලාවත් පොලිසියක් ඇතුළෙදි මට අහුවෙන්න එපා; අනිවාර්යයෙන්ම මරනවා!” )— අයුතු යෝජනාවට විරුද්ධ වූ සැකකරුට අයි.පී. නිහාල් දුන් පිළිතුර

පහරදීම පිටුපස ඇති කැත පුද්ගලික කෝන්තරය

රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රසිද්ධියේ සැකකරුවෙකුට මෙලෙස පහර දීමට හේතුව සොයා බැලීමේදී අනාවරණය වන්නේ පොලිස් නිල ඇඳුමටත් නිගා දෙන කතාවකි. පොලිස් පරීක්ෂක නිහාල් විසින් සැකකාර තිලකරත්නගේ බිරිඳට අවස්ථා ගණනාවකදීම අයුතු යෝජනා ඉදිරිපත් කර තිබේ. තම බිරිඳට සිදුවන මෙම හිරිහැරය ඉවසාගත නොහැකි වූ තිලකරත්න ඊට එරෙහිව අයි.පී. නිහාල් සමඟ දැඩි ආරවුලක් ඇති කරගෙන තිබුණි. තිලකරත්න තමාට බැන වැදුණු සෑම අවස්ථාවකදීම නිහාල් තර්ජනය කර ඇත්තේ පොලිසියක් තුළදී හසුවුවහොත් මරා දමන බවටයි. ඔක්තෝබර් 29 වන දින බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේදී ක්‍රියාත්මක වූයේ එම පුද්ගලික වෛරයයි.

(ආර්.අයි.බී. 6018 සටහන, ලොක්කන්ගේ නිහඬතාව සහ මරණ තර්ජන)

දැඩි ලෙස තුවාල ලැබූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, හෝමාගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනා එදිනම පැය 12.20 ට හෝමාගම පොලිසියේ ආර්.අයි.බී. (RIB) පොතේ ඡේද අංක 6018 යටතේ සිදුවූ සියල්ල නිල වශයෙන් සටහන් කර, එවකට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මානවඩු වෙත දැනුම් දුන්හ. එහෙත්, අයි.පී. නිහාල්ගේ සමීප මිතුරෙකු වූ මානවඩු, තුවාල ලැබූ සැකකරු අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම හිතාමතාම මඟ හැර, එම සටහන් පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර කොස්තාපල්වරුන්ට තර්ජනය කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බල කළේය.

පුදුමයට කරුණ නම්, පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුම මෙම නිල සටහන කියවා තිබියදීත් ඔවුන් සියලු දෙනා එය යට ගැසීමට කටයුතු කිරීමයි. ඉන් නොනැවතුණු අයි.පී. නිහාල්, සත්‍ය සටහන් කළ කොස්තාපල්වරුන් දෙදෙනාට පසුව තර්ජනය කර ඇත්තේ “කට හෙල්ලුවොත් මරනවා” යනුවෙනි.(විමර්ශන සාධකය     තහවුරු වූ තොරතුරු

සිදුවීම සිදුවූ දිනය හා ස්ථානය        2025 ඔක්තෝබර් 29 — බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය (පෙරෙට්ටු පරිශ්‍රය)

පහරකෑමට ලක්වූ සැකකරු එම්.ආර්. තිලකරත්න (හෝමාගම පොලිසියේ බලඅපරාධ 155/25 සැකකරුවිමර්ශන සාධකය            තහවුරු වූ තොරතුරු ප්‍රධාන ලිඛිත සාක්ෂිය            2025.10.29 දින පැය 12.20 ට හෝමාගම පොලිසියේ ආර්.අයි.බී. පොතේ ඡේද අංක 6018 සටහන සටහන් තැබූ නිලධාරීන්       පොලිස් කොස්තාපල් සම්පත් (96914) සහ පොලිස් කොස්තාපල් තමර (29086)

නරියාට කුකුළන් භාරදීම: )මරණ පරීක්ෂණයේ මුවාවෙන් පළිගැනීම

මෙම කතාවේ වඩාත්ම භයානක පරිච්ඡේදය දැන් ආරම්භ වී තිබේ. හෝමාගම පොලිසිය තුළදී තරුණයෙකු මියයාමේ සිදුවීමේ විමර්ශන භාර දී ඇත්තේ ද මෙම අයි.පී. නිහාල්ටමය. එය “නරියාට කුකුළන් භාර දුන්නා” වැනි තත්ත්වයකි. තමාගේ අනියම් සම්බන්ධතා සහ පහරදීමේ සිදුවීම ලොවට හෙළිවෙතැයි බියෙන් පසුවන මොහු, හෝමාගම තරුණයාගේ මරණ පරීක්ෂණයට පටලවා තමාට එරෙහිව පොත්වල සටහන් තැබූ කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු අවංක නිලධාරීන් පිරිස සිරගත කිරීමේ සූදානමකින් පසුවන බව පොලිස් නිලධාරීහු බියකින් තොරව පවසති.

සාමාන්‍යයෙන් පොලිස් අත්අඩංගුවේදී පහරදීම් සිදුවුවද, ඉහළ නිලධාරීන් සමඟ ගැටී තම රැකියාව අහිමි කර ගැනීමට ඇති බිය නිසා කිසිදු කනිෂ්ඨ නිලධාරියෙකු ඒවා පොත්වල සටහන් කරන්නේ නැත. එහෙත් එවැනි නිර්භීත පියවරක් ගත් මෙම නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන සොයා නොබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන උසස් නිලධාරීන් පොල් පිතිවලින් වුවද කපාගත හැකි තරමට අකර්මණ්‍ය වී ඇති බවට දෙපාර්තමේන්තුව තුළම දැඩි විවේචන එල්ල වේ. අරක්කු බෝතලයකට සහ කුකුළු මස් ටිකකට ලොල් වී දූෂිතයන් රකින මෙවැනි උසස් නිලධාරීන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පවා අද සිදුව ඇත්තේ දූෂිතයන්ගේ “කොකා පෙන්වීම්” හමුවේ අභියෝගයට ලක්වීමටය. සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය නම්, හෝමාගම පොලිසියේ ආර්.අයි.බී. පොතේ 6018 වන ඡේදය ඊට ඕනෑවටත් වඩා සාක්ෂි සපයනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *