වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදුබඩ ප්‍රධාන මාර්ගයේ දී 2023ඔක්තොම්බර් 28 දිනවිශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මත්පැන් පානය කර ඔහු පැදවූ ජීප් රථය තවත් වාහන කීපයක ගැටි රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාවට වැල්ලවත්ත පොලීසිය ඔහුව අත් අඩංගුවට ගත්තේය.
එවකට පැවති දේශපාලන අධිකාරීයේ නියෝග මත ක්‍රියාත්මක වූ එදින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසියට පුද්ගලිකවම උපදෙස් තිබුනේ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නව අධිකරණ වෛද්‍ය නිළධාරියෙකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි. ඒ දේශබන්දු තෙන්නකෝන් රවී සෙවිරත්න මහතා සමග පැවති අමනාපය නිසාය.ඊට එවකට පොලිසිය භාර ඇමති ටිරාන් අලස් මහතාද විශාල සහයක් ලබා දුන් බව පසුවඅණාවරණය විය.
2024 පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූවාට පසුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ලෙස රවී සෙනවිරත්නව පත්කරන ලදි.රවී සෙනවිරත්නට ඇප ලැබුන විගස ඔහුව රිය අනතුරෙන් කිසිම පුද්ගලයකුට ශාරීරික පීඩාවක් නොවී තිබියදීත් තමාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට තීන්දුවක් දෙනලෙස ඉල්ලා ශ්‍රේස්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළේය. එම පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතික තීරණයකට යටත්ව 2024 නොවැම්බර් මස නිශ්ප්‍රභා කළේය.
ඊට පසුව රවී සෙනවිරත්න මහතා බීමත්ව රිය පදවා රිය අනතුර සිදුකිරීම පිළිබදව ගල්කිස්ස උසාවිය ඉදිරියේ අදාල නඩුව කැදවූ දින පහත සදහන් චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරන ලදි. එහිදී රවී සෙනවිරත්න මහතා නිවැරදි කරු බව කියා සිටි හෙයින් නඩුව වැඩි දුර විභාග කිරීම පසුගිය මස 25 වෙනි දිනට කල් තබන ලදි.
රවී සෙනවිරත්න මහතා සමග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක රණවීර මහතා, සම්බන්ධීකරණ ලේකම් ගජසිංහ මහතා සහ ජාතික බුද්ධි ඒකකට අනුයුත්ත කොට ඇති නමුත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ රැදී සිටින පොලිස් අධිකාරී පියනන්ද ( ඔහු විශ්‍රාමිකයකු බැවින් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇත) අලුත් කුමන්ත්‍රනයක් දියත් කළේය.
ඒ රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස උසාවියේ ගොණුකර ඇති නඩුවේ චෝදනා පත්‍රය වෙනස් කිරීමට බී වාර්තාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කිරීමයි. ඒ සදහා තෝරා ගත්තේ පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ය. ඔහු කියන්න කලිං වැඩේ භාර ගත්තාය. එයට හේතුව කිසිවකුත් දැන සිටියේ නැත. පසුගිය 25 වෙනි දින අදාල නඩුව කැදවූ විට ගොනුකර තිබූ චෝදනා තුනෙන් මුල් චෝදනා දෙකම ඉල්ලා අස්කර ගැනීමටත් අවසන් චෝදනාව වන අනතුරක් වලක්වා නොගැනීම ගැන පමනක් චෝදනා ගොනු කිරීමට අවසර දෙන ලෙසට බී වාර්ථාවක් විවෘත අධිකරණයේදී ඉදිරිපත් කිරිමයි.
එම ඉල්ලීම එදින සිටි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් විසින් ප්‍රතික්ෂේප කල පසුව පොලීසිය සහ රවී සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා ඉල්ලා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් පොලීසිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වෙනත් මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලෙසයි. කෙසේ වෙතත් රුවන් ගුණසේකර මහතා අධිකරණයේදි පවසා ඇත්තේ නීතීපති උපදෙස් මත චෝදනා පත්‍රය වෙනස් කරන බවයි.එහිදී මහේස්‍රාත්වරයා විමසා ඇත්තේ නීතීපතී උපදෙස් ලිඛිතව ලැබි ඇද්ද යන්නයි.ඒ අනුව නීතීපති උපදෙස අධිකරණයට විමසිමට තිරණය කර තිබෙි.
කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර එම නඩුවකැදවා දින දෙකකට පසුව සිය බිරිඳ සහ දරුවන් සමග විදෙස් ගත වී ඇත්තේ සිය පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරිම සදහා බව පවසමිණි.කෙසේ වෙතත් එසේ ගියේ නැවත රස්සාවට පැමිණීමට නොවන බවට තොරතුරු වාර්ථාවෙි.ඔහු එහි දී දේශපාලන රැකවරණ යටතේ පුරවැසි භාවය ඉල්ලුම් කිරීමට සැලසුම් කර ඇති බව සදහන්වේ.
එනම් ඔහුට වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න බේරා ගැනීමට අධිකරණයට බලපෑම් කරන ලෙසට දේශපාලන අධිකාරියෙන් බලපෑම් ඇති වූ බවත් තමගේ ආරක්ෂාවට එය සිදුකල බවත් නැවත ලංකාවට ගියහොත් තමාගේ ජීවිතයට අනතුරු සිදුවන නිසා ඔහුට ලංකාවට යෑමට නොහැකි නිසා දේශපාලන රැකවරණය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරිමට සැලසුම් කර තිබෙි.