මොටර් රථ දෙපාර්ථමේන්තුවට අලුතෙන් පැමිණි ලොක්කාට සතියේ ගතමනාව ලක්ෂ 15ක්

රාජ්‍ය ආයථනවල සිදුවන අයථා ආදායම් ලබන ආයථන අතර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට  හිමිවන්නේ ප්‍රධාන තැනකි. එම කාර්යාලය දෙවැනි වන්නේ රේගුවට පමණක් වන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනුතුව හා සමානව සුරාබදු,දේශිය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනද ඉහළින් තිබෙි.

මේ බව තවත් සනාථ වුයේ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු ලබා ගත් රුපියල් ලක්ෂ හතලික අල්ලසත් සමගය එයින් කියා පනාන්නේ දවසක එහි ආදායම නොවෙිද.

මේ අතර එම දෙපාර්තමේන්තුවට මිට සති කිහිපයකට පෙර එහි සිටි ප්‍රධානියා ඉල්ලා අස්විමත් සමග නව නිළධාරියෙකු පත්විම් ලැබ ආවෙිය.එසේ පැමිණි නිළදාරියාටද අපුරු අත්දැකිමකට මුහුණපෑමට සිදුව ඇති බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ගවලින් වාර්ථාවෙි.සුපුරුදු පරිදි සතිය අවසානයේ එහි නිළමාරියෙකු නව ප්‍රධානියා හමුවිමට පැමිණ තිබෙි. ඒ නිකම්ම නොවෙි.සතිය අවසානයේ එකතුවු මුදලේ ලොකු මහත්තයාගේ කොටස රැගෙනය.ලොක්කා හමුවිමට පැමිණි නිලදාරියාගේ හැසිරිම ස්භාවය නිසා අසා ඇත්තේ ඔය මොනවාදැයි යන්නයි.ඒ වනවිට ලොක්කාට සතියේ අයත් මුදල ලක්ෂ පහළවකට ආසන්න මුදල බව පවසා ඇත.හෙතෙම එම කොටස ප්‍රතික්ෂේපකර එම නිළධාරියා ආපසු හරවා යවා ඇත්‍ර

යළිත් දෙවන සතිය ඇරබිණි.එහෙත් එම සතියේ රජයේ නිවාඩු කිහිපයක් තිබිම නිසා ආදායම ආඩුවී ඇත.සුපුරුදු පරිදි සතිය අවසානයේ යළිත් ලොක්කාගේ කොටස රැගෙන ආදාළ නිළධාරියා කාර්යාලයට ඇතුලුවී ඇත.ඒවනවිට ඔහු අත මිලියනයකට ආසන් මුදලක් ලොක්කාගේ කොටස ලෙස රැගෙනවිත් ඇත. එයද භාර නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙි.මෙයින් කියා පාන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට ගලා යන අතයට මුදල නොවෙිද.එසේම නව ප්‍රධානියාට ලොකු වගකිමක් පැවරි ඇත්තේ තමන් එම මුදල ප්‍රතික්ෂේප කරනාවා සේම එහි සිදුවන අතයට ගනුදෙනු නතර තරිමට නව තාක්ෂනය යොදාගෙන වැඩ පිළිවෙළක් සකස් කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *