ඟඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් ධුරයට පත් මේනක හේරත් නම් නිළධාරියා සිය අවශ්‍යතාවයන්ට ඔහු හමුවෙන්නට කාර්යාලයට පැමිණෙන ජනතාවට නොදී දොර වසා දමන බවට වාර්ථාවෙි.
පසුගිය රජයන් යටතේ තනතුරු ලබාගෙන දේංශපාලනඥයන්ට කඩේ යමින් පලාතට කිසිදු සේවයක් නොකල මෙම ප්‍රාදේශීය ලේකම් වරයා හදීසියකටවත් මහජනතාවට අත්‍යාවශ්‍ය කාරණාවකට ඔහුගේ කාර්යාලයට ගොස් හමුවන්න බැරි බව ජනතාව සදහන් කරයි.
සංචිතයේ සිට දේශපාළනඥයන්ගේ පිහිටෙන් යලිත් ඟඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් පුටුවට පැමිණි මෙම නිලධාරියාට එරෙහිව විවිධ චෝදනා රැසක් තිබෙන අතර ඒ සියල්ල යට ගසන්නේ පලාත් මහාචාර්ය ආණ්ඩුකාරයා බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ.
මධ්‍යම පලාතේ අධ්‍යාපනය විනාශ කල පුද්ගලයෙකු ලෙස නම් දරා ඇති ඔහු පලාත් අමාත්‍යාංශ ලේකම් ධූරයේ සිටියදී පලාතේ රූමත් ගුරුවරියන් දඹුල්ලේ දේශපාලනඥයෙකුගේ හෝටලයට රැගෙන ගොස් තම පහත් ආශාවන් ඉටුකරගත් බවත් ,තම අමාත්‍යාංශයේ රූමත් නිලධාරිනියන්ට ලිංගික බලපෑම් එල්ල කර බව මධ්‍යම පලාතේ ගුරු විදුහල්පති වෘත්තීය සංඟම් වල විරෝධයට පාත්‍ර වී ලේකම් ධූරය අහිමි වී සංචිතයට යොමු කෙරිණි.
මහනුවර නගරයේ ප්‍රධාන විදුහලක ස්පා එකක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදුන් එවකට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ධුර හොබවා ඇති මේනක හේරත් එම කාර්යයට පූර්ණ සහාය ලබාදී හිටපු පොහොට්ටු පත් කල මන්ත්‍රී ආචාර්ය රංජිත් බණ්ඩාරගේ අනියම් පෙම්වතිය වූ චමරී අන්දරගේ සහ හිටපු පොහොට්ටු ඇමති මහින්දානන්දගේ කේවට්ටයෙකු වු වත්මන් පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් කැටුව ගොස් එම ස්පා එක විවෘත කිරීමටද කටයුතු කළ බවද වාර්ථාවෙි.