ක්‍රීඩාව සුන් කරන ඇමති සුනිල්ගේ ගැස්ට්ටුව

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විශේෂ ගැසට්ටුවක් 2025 මැයි 21 වැනිදා නිකුත් කළා. මෙය නව ක්‍රීඩා සංස්කෘතියක් ඇතිකර ක්‍රීඩාවේ පුනරුදයට කියා ක්‍රිකට් හා පාපන්දු හොරුන්ව බේරා අනෙකුත් ක්‍රීඩා වැනසීමක් වනවා. ක්‍රිකට් හා පාපන්දු නිලවරණ මේ වන විට අවසන් නිසා තවත් අඩුම වසර දෙකක් ඔවුන්ට කිසිදු කරදරක් නැතුව පාලනයේ සිටිය හැකියි. එහෙත් එනෙක් සංගම් සියල්ලටම මෙය හෙට සිටම බලපානවා.

පුනරුදය කියා ඇමති සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා පනත සංශෝධනය කර ඇත්තේ මෙසේයි.

සෑම ක්‍රීඩා සංගමයක්ම සභාපති හා උප සභාපතිවරු තුනකට සීමා වෙයි. ඉන් එක් උප සභාපති තනතුරක් පාසල් සංගමයට ලබා දිය යුතුයි. ඒක හොදයි. ලේකම් හා උප ලේකම් මෙන්ම භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික සෙසු ප්‍රධාන තනතුරුයි. මේ පිරිස සමගින් විධායක කමිටුව 17කට සීමා විය යුතුය.

දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ. මේ ගැසට් එකට අනුව නීතීඥ, වෛද්‍ය, ඉංජිනේරු නැත්නම් ගණකාධිකාරිවරුන්ට සංගම් වල තනතුරු දරන්න පුලුවන්. ක්‍රීඩා උපාධියක් අරන් අවුරුදු 15ක් නැති කිසිවෙක්ට තනතුරු ගන්න බෑ. වෙනත් කිසිම උපාධියක් දරපු කෙනෙක් හෝ මහාචාර්ය වගෙම ආචාර්ය උනත් ක්‍රීඩා සංගම් තනතුරු දරන්න සුදුසු නෑ.

ක්‍රීඩා සංගමයක තනතුරු ඇතුව හෝ නැතුව විධායක කමිටුව නියෝජනය කරල තියෙනව නම් අවුරුදු 12ක් ඔහුත් නුසුදුසු වෙනව තනතුරු වලට. මේ නීතියට අනුව විතරක් ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 75 න් නිලධාරීන් අති බහුතරය ක්‍රීඩා පරිපාලනයෙන් දොට්ට යනව.

ඒ අස්සේ තනතුරු දරන්න නම් ජාත්‍යන්තර තරග නියෝජනයක් හෝ ජාතික කේවල තරගයක පළමු, දෙවන හෝ තෙවන තැන දිනා සිටින්න ඕන. එහෙම අය ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ නෑ මේ වෙනකොට නෑ. මොකද මේ ක්‍රීඩා පරිපාලනය කියන්නේ ඔලිම්පික්, ක්‍රිකට් හා පාපන්දු හැරුණාම අනිත් ක්‍රීඩා 72ටම අතින් කාල හරක් බලන වැඩක්. ඒ කියන්නේ ස්වේච්ඡා සේවකයෙක්. අනික එහෙම වත්මන් ක්‍රීඩකයෙක්ට නෑදෑයෙක් වුනොත් ඒත් බෑ.

මේක හදල තියෙන්නේ හොද ක්‍රීඩකයෙක් හොද ක්‍රීඩා පරිපාලකයෙක් කියල හිතන්. ලෝකේ කිසිම රටක හොද ක්‍රීඩකයින් හොද පරිපාලකයන් වෙලා නෑ. ගොඩක් හොද පරිපාලකයන් හොද ක්‍රීඩකයන් නෙමෙයි. හොදම උදාහරණය අපි 96 හා 2014 ක්‍රිකට් ලෝක කුසලාන දිනන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ හිටියේ හොද ක්‍රීඩකයින් නෙමෙයි කියන එක.

ඒ විතරයැ.

දේශපාලනඥයින් කිසිවෙක්ට ක්‍රීඩා සංගම් පාලනයට එන්න බෑ. සුසන්තිකා ඔලිම්පික් දිනනකොට නියෝජ්‍ය ඇමති සුගත් ආසියාව දිනනකොට හිටියෙත් මලල ක්‍රීඩා පරිපාලනයේ හොද ක්‍රීඩකයින් නෙමෙයි කියල මේ ඇමති සුනිල් කුමාර ගමගේට කියල නැති හැටි.

මේ ක්‍රීඩා නීති සංශෝධනය මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මේකට විරුද්ධව උසාවි යන්න සල්ලි තියෙන කවුරු ඉදිරියට එයිද කියන එක තමයි ප්‍රශ්නය.

මේ ගැසට් එක කැසට් ගැහුවා වගේ ගැසට් ගහල රිවස් කළ ජනාධිපතිකමෙන් පන්නපු ලංකාවේ එකම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගහපු පොහොර තහනම් කිරීමේ ගැසට් එක වගේමයි. ඒ වගේම මරි මෝඩ එකක්. අනික ලංකාවේ ක්‍රීඩා සංගම් බහුතරයකට ඒ ක්‍රීඩාව දන්නේ නැති පිරිසක් පාලනයට ඇවිත් ක්‍රීඩාව බින්දුවටම දාන එකක්. නැත්නම් ක්‍රීඩා සංගම් අති බහුතරය පාලකයන් නැති තැනක් වෙනවා ශුවර්.

ක්‍රීඩාව සුන් කළ පුකෙන් රුදේ ඇමතියා කියල විතරක් මේ මෝඩයට කියන්න එපා.

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *