අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා ජනාධිපතිතුමණි

තිස් වසරක් පුරා උතුර නැගෙනහිර පැවති බෙදුම්වාදී යුද්ධය අවසන් වී හරියටම අවුරුදු 16 සැපිරේ.

මෙම ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ කාර්ය්‍ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය නොහොත් නිත්‍ය ග්‍රාමආරක්ෂක නිළධාරීන් සහ සීමා ගම්මාන වල සිටි ග්‍රාම ආරක්ෂකයන් ද ජීවිත පූජා කලා සේම මුහුණට මුහුණ සටන් වලට මැදිහත්ව සදාකාලික ආබාධිත තත්වයට පත් විය.

මෙම සටන් වලදී පොලීසිය සහ විශේෂ කාර්ය්‍ය බළකායේ නිළධාරීන් 2568 ක් ජීවිත පූජා කළේය. එසේම නිත්‍ය සිවිල් ආරක්ෂක බළකායේ නිළධාරීන් 456 ක්ද දිවි පිදූ අතර 5000 කට ආසන්න පිරිසක් සදාකාලික හෝ ආබාධිත තත්වයට පත්වූහ.

යුද්ධයෙන් මිය ගිය විරුවන් සිහිකිරීම උදෙසා ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ එක් කෙලවරක රණවිරු ස්මාරකයක් ඉදි කර තිබෙි. අවාසනාවක තරම කොතෙක්ද කිවහොත් එම රණවිරු ස්මාරකයේ යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගේ නම් පමණක් පුවරුවල සදහන්ව ඇති අතර පොලීසිය ප්‍රමුඛ විශේෂ කාර්ය්‍ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායේ කිසිදු නමක් එහි ඇති පුවරුවල සටහන් කර නැත. එම නම් ඇතුලත් නොකරන්නේ නම් එම ස්මාරක යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා රණවිරු ස්මාරකය ලෙස නම් කිරීම කල යුතුය. යුද්ධයේදී දිවිපිදූ පොලීසිය ප්‍රමුඛ විශේෂ කාර්ය්‍ය බලකායේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් වෙනුවෙන් වෙනම ස්මාරකයක් ඉදිකල යුතු නොවේද?

ජයග්‍රහණය ලබා ගත්වූ වසර 16 ක කාළය තුල මොන තත්වයේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරීන් යුද්ධයේ ගොදුරු බවට පත්වූ තම යටත් නිළධාරීන් ගේ සුබ සාධනය පමනක් නොව උසස්වීම් පවා ලබා දීමට කටයුතු කරමින් ඔවුන් ගැන සොයා බැලීම අගය කලයුතු කාර්යකි.

එය එසේ වුවද යුද්ධයේදී  දෙවැනි තැනට දිවි පූජා කල පොලීස් නිලධාරින් ගැන සොයා බලන්න ,රැකවරණයක් , සුබසාධනය බලන්න බලධාරින්  කිසිවෙකු නොමැති වීම යුද්ධය නිසා සාදාකාලික සහ ආබාධිත තත්වට පත්වූ නිළධාරීන් ගේ අවාසනාව නොවේද?

 බලයට පැමිණීමට පෙර හා යුද්ධය නිමවීමෙන් පසුව රටේ පාලන බලය හෙබවූ ජනාධිපතිවරු හතර දෙනෙකි. ඒත් ඒ කිසිදු ජනාධිපතිවරයකු පොලිස් දෙපාර්තමේන්තුව තුල යුද්ධය නිසා ඍජුවම අසරණ බාවයට පත්වූ නිළධාරීන් ගේ වෙනුවෙන් අප නැගූ හඩට සවන් දුන්නේ නැත. ඒ නිසා මේ පිළිබදව ඔබ තුමාගේ අවධානය යොමු වෙතැයි අපි බලාපොරොත්තු වෙමු

(පොලිස් පොඩ්ඩෙක් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *