ඉදිකිරීම් සමාගමක ගිණුමට මුදල් බැර කරගෙන මහනුවර සුපිරි බාළිකාවට ලමුන් ඇතුල් කර ගන්නාවිදුහල්පතිනී

මහනුවර නගරයේ  ප්‍රධාන පෙළේ බාළිකා විදුහලකට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා එම විදුහලේ  විදුහල්පතිනිය පිළිමතලාව ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක ගිණුමට මුදල් බැර කරන්නැයි ඉල්ලා සිටින බව මව්පිවන් රැසක් අධ්‍යාපන ඇමතිනී සහ අගමැතිනි ආචාර්ය හරීනී අමරසූරිය මෙනවියට  ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම විදුහල්පතිනි මෑතකදී දෙමව්පිය යුවලකගෙන්  ඇගේ දියණිය හත වසරට ඇතුලත් කරගැනීම සඳහා  බිංඳුවේ  නම තියන ඉදිකිරීම් සමාගමක ගිණුමට රුපියල් ලක්ෂ 14  ක මුදලක් බැර කරගෙන තිබෙන බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විදුහලේ මීට පෙර සේවය කල විදුහල්පතිනියන්  එම විදුහලට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දහය බැගින් අ⁣යථා ලෙස මුදල් ගැනීමේ සහ වෙනත් අක්‍රමිකතා සිදු කිරීම් නිසා  එම විදුහල්පතිනියන්ට විශ්‍රාම ගියද ඔවුනගේ විශ්‍රාම වැටුපද අහිමි විය.

මෙම විදුහල මහනුවර නගරයේ ප්‍රසිද්ධ බාළිකා විදුහලක් වන අතර  ,එම විදුහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් පෙන්වා එය ඉදිකිරීමට මුදල් ආධාර අවැසි බව පවසා  මෙලෙස වෙනත් ගිණුම් වලට දෙමව්පියන්ගෙන්  මුදල් ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසක්බවට පත්ව තිබේ.

 හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ්ගේ නිර්දේශ මත විදුහල්පතිනිය ලෙස මහනුවර සුපිරි බාළිකා විදුහලේ පුටුවට පැමිණි    සේනාවක්  භාර  කාන්තාවක් වන මැය තමන් කාටවත් බය නැති බවත් ,අධ්‍යාපන ඇමතිනී නොව මහාරජාටවත් බය නැති බවත් පවසමින් තමන් විදුහල්පති ධූරය දරණ පාසැලට  මුදලට ලමුන් ඇතුලත් කර ගැනීම ජයටම කරගෙන යන බව විදුහලේ අනෙකුත් ගුරුවරියන් මෙන්ම ආදී ශිෂ්‍ය සංගමයේ ඇතැම් සාමාජිකාවන්ටද දෙමව්පියන් මාර්ගයෙන් දැන ගන්නට ලැබී තිබේ.

මැයගේ ජාවාරමේ ප්‍රධාන කොටස් කරුවා වහා ගිනි ඇවිළෙන ද්‍රවයක් රට පුරා බෙදන  සංස්ථාවක සේවකයෙකු බවද ඔහු හරහාද මෙම ජාවාරම සිදු කරගෙන යන බවද ඉතා විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැයගේ මෙම ජාවාරම සඳහා විදුහලේ ඇතැම් ආදී සිසුවියන්ගේද සහාය ලබාගනී.රජයේ මුදල් වැය කර විදුහලේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ල පෙන්වා එයට මුදල් ආධාර අවැසි බව පවසා  කන්ට්‍රක්ෂන්  සමාගමේ ගිනුමට මුදල් බැර කර ගැනීයි.

මෙම විදුහල්පතිනිය අසීමාන්තික ලෙස උපයා ගත් ධනය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ  අයථා ලෙස එක්රැස් කරගත් මුල්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට     බොහෝ දෙමව්පියන් ඉල්ලා සිටි.

මෙම විදුහලට ලමයෙකු   ඇතුල් කිරීම සඳහා අඩුම වශයෙන් රුපියල් ලක්ෂ දහයක මුදල් නොට්ටු පිදේනියක්  ශූර ධීර විදුහල්පතිනියට  අනිවාරයයෙන් දිය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *