ක්‍රිකට් CEOගේ හොර කාමරේ – (ක්‍රිකට් දූෂණ 2)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සදහා සභාපති ඇතුළු විධායක කමිටුවට පූර්ණ සහය හා ශක්තිය ලබා දෙන්නේ කාන්තා අතවර සිද්ධියක් ගැන මේ වන විට අධිකරණයේ විභාග වන ප්‍රධාන විධායක නිලධරී ඈෂ්ලි ද සිල්වා සම්බන්ධවයි. ඒ නිකම්ම නොවේ. හොරකම් වලින් හරි හරියට ඔහුගේ පොකට්ටුවට තරවීමත් හා රැකියා සුරක්ෂිතභාවය නිසාමයි. මේ කම්බ හොරුන්ට කත් අදින ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා තමන්ගේ නිල කාමරයේ බිමට රන් ආලේප කරගෙන තිබෙනවා. නැත්නම් වර්ග අඩි 150ක් වත් නැති හිබිච්චි කාමර කෑල්ලක් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 31ක් වැය වන්නේ නැහැ.

ඒ කතාව සවිස්තරව මෙිසේයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තම කාමරය තරු 7 එකක් විය යුතු බව ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට දැනුම්දී තිබුනේ මැයි මස මුලදීයි. මේ අනුව ඊට අදාල විධායක කමිටු යෝජනාව ජුනි මස සිදුකර ලන්සු කැඳවීම 2024 වසරේ ජුනි මස 10 වැනිදාම සිදු කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

එම ඇස්තමේන්තු පිරිවැය රුපියල් ලක්ෂ 327කට වැඩි වන්නේ හරියටම කිව්වොත් රුපියල් 32,775,862.30ක් ලෙසයි. හැබැයි මේක පරිස්සමට වියදම් කරල රුපියල් ලක්ෂ 319කට වැඩි හෙවත් රුපියල් 31,697,892ක් පමණයි වැයකර ඇත. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් 1,077,970.30ක මුදලක් මෙම කාමරයට තරු 7 පහසුකම් ලබාදීමෙන් ඉතුරු වී තිබෙනවා.

මෙය විගණනය නොමග යැවීම සදහා සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් කියා සිටියේය.

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේට මේක කවුරු හරි පෙන්නලා ක්‍රිකට් ආයතනය ගැන පසුගිය වසරට අදාළව හෝ විශේෂ විගණනයක් සිදු කරන්න කියන්න බැරිද. නැත්නම් දූෂණයට හා වංචාවට විරුද්ධ පුණරුද ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර සහෝදරයාට වහාම ක්‍රියාමාර්ග ගන්න කියන්න . ජනාධිපති සහෝදරයා දන්නව මේ ඇමැතිලා රෙද්ද ගලවන්නේ ඔහුගේ කියල.

ඉතින් ඔබටත් මටත් යහපත් රටක් හදන්න දේශපාලුවන් පැන්නීම විතරක් මදි. මේ වගේ කම්බ හොරුන්ගෙනුත් එළවිය යුතුමය.

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *