පළාත් පාලන ආයතනවල බලය පිහිටවිම සදහා ආණ්ඩුව සේම විපක්ෂය ද මේ දිනවල දිවා රාත්‍රි නොබලා සිය ගොඩ වැඩි කර ගැනිම සදහා නොයෙකුත් පාර්ශවයන්ගේ සහය ලබා ගැනිමට උත්සහ කළ ද එහිදී ඇතැම් ස්වාධින කණ්ඩායම් කෙරෙහි වැඩි නැබුරුවක් දක්වන බව පෙනි යයි.
එහෙත් එම ස්වාධින කණ්ඩායම් කුමණ අපේක්ෂාවෙන් ඉදිරිපත්ව , කාගේ උවමනාවන් වෙනුවෙන් ඉදිරිපත්වුයේද යන්න සොයා බැලිය යුතුය.
ඊට හොදම උදාහරණය නම් මෙවර කොළඹ මහනගර සභාවට දාදු කැටයෙන් ස්වාධිනව තරග වැද මන්ත්‍රි ආසන තුනක් හිමි කරගත් කණ්ඩායම කුඩු ලාල්ගේ නිවුන් දරුවන් විසින් මෙහෙයවනු ලැබිමයි. ලාල් පීරිස් දැන් ඉන්නේ එංගලන්තයේ අවන්හලක් පවත්වා ගෙන යමින් මෙ සංවිධාන කටයුතු සිදු කරන බව වාර්ථාවෙි.ඒ අනුව එම නිවුන් දරුවන් සහ එම කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකවරයා මෙවර කොළඹ නගර සභාවට තේරි පත්ව ඇත.
ලාල් පීරිස් ද ස්වාධීන කණ්ඩායමකින් තරග වැදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් පැවති ආණ්ඩුවල හිතවතෙක් ලෙස කටයුතු කළේය.
ඔහුගේ දරුවන් දෙදෙනා ද ස්වාධීන කණ්ඩායමකින් තරග කරමින් පහුගිය නගර සභාවේත් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කර ඇත. එහෙත් ඔවුන් මොනතරම් දේශපාලන සම්බන්ධකම් තිබුණත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඒ අයට අපේක්ෂකත්වය ලැබුනේ නැත.