නිස්කෝ ආයතනය මහා මූලය වංචාවක

මුදල් අය කරන අධ්‍යාපනික පාඨමාලා රැසක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නාමය හා රාජ්‍ය ලාංඡනය භාවිතා කරන නිස්කෝ ආයතනය මහා මූලය වංචාවක නිරතව සිටින බව වාර්ථාවෙි.

එක් අවුරුදු අධ්‍යාපනික පාඨමාලා රැසක් ක්‍රියාත්මක මෙහි එක් පාඨමාලාවකට පුද්ගලයින් සියයකට අධික පිරිසක් බඳවා ගනු ලබන අතර අයෙකුගෙන් රුපියල් 54,000 ක මුදලක් අය කරනු ලබයි.

තම ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බවත් පාඨමාලාව අවසානයේ රාජ්‍ය ලාංඡනය සහිත පිළිගත හැකි සහතික පත්‍රයක් ඩිප්ලෝමා ධාරීන්ට ලබාදෙන බව පවසමින් මුදල් උපයන සී/ස ජාතික තරුණ සේවා සමුපකාරය හෙවත් නිස්කෝ ආයතනය සිය ප්‍රවර්ධන වැඩසටහන් තුල එසේ පවසමින් කරන වංචාව නිසා එකී පාඨමාලාවන් හැදෑරූ බොහෝ පිරිසක් අසරණව සිටිති. ඒ එම ඩිප්ලෝමා සහතිකය භාවිතා කොට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සතපහක ප්‍රයෝජනයක් ලබාගත නොමැති හෙයිනි.

ශ්‍රී ලංකා මනෝවිද්‍යා උපදේශන සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි බවත් ඕනෑම විශ්ව විද්‍යාලයක උපාධිය දක්වා මෙම ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වූ පසු හැදෑරීමට හැකි බවත් ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල මනෝ උපදේශකයකු ලෙස සේවයට එක්විය හැකි බවත් විදේශ ගත වීමේදී වුවද වලංගු සහ එහිදී උපදේශකයකු ලෙස සේවයට එක්විය හැකි ලෙස සහිතක පත්‍රයක් ලැබෙන බවත් පවසා ව්‍යාජ ප්‍රවර්ධන ප්‍රචාරන ලබාදී මෙම වංචාවට විශාල පිරිසක් හසුකරගෙන තිබේ.

මහා බේගල් රැසක් ඇද බෑවද අධ්‍යයන කටයුතු සදහා යොදවා ඇති දේශකයන් ගේ ආචාර්ය උපාධි පවා පිළිගත නොහැකි තත්ත්වයක් ඇති බව පෙනී යයි.

මේ තත්ත්වය මත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය දා නිවේදනයක් නිකුත් කර ඇති අතර ඉන් පවසා ඇත්තේ නිස්කෝ ආයතනය රාජ්‍ය ලාංඡනය හා අමාත්‍යාංශයේ නම අවභාවිතා කරමින් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *