මහත් බලා පොරොත්තු තබමින් බලයට පත් කල ජාතික ජන බලවෙිගයට රනිල් මලික්ලාගේ මෙන්ම රාජපක්ෂලාගේ අනුගාමිකයෙකු ලෙස නව ආණ්ඩුවට පැනගත් නවතම ආර්ථික ඝාතකයෙක් වන දුම්න්ද හුලංගොමුව නිසා ආණ්ඩුවට නොදුරේදීම මහා අනතුරකට මුහුණ පැමට සිදුවන බවට තොරතුරු වාර්ථාවෙි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණයට පෙර කියා සිටියේ රටේ ආර්ථිකය මෙහෙයවීමට එතෙක් මෙතෙක් බිහි නොවූ ආර්ථික මණ්ඩලයක් බිහි කරන බව පැවසු අතර මැතිවරණ දෙකකදී ජනතාව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට විශාල ජනවරමක් ලබා දුන්නේ එම වෙනස දෑසින් බලා ගැනීමටය.
දැන් සැබෑවටම සිදුවන්නේ එයද යන්න මාලිමාව බලයට ගෙන ඒමට දිවි පරදුවට තබමින් කටයුතු කල පාක්ෂිකයන් වික්ෂිප්තව බලා සිටීයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් තව නොබෝ දිනකින් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය. ඒ පුරප්පාඩුව දුමින්ද හුලංගමුව පත් කිරිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
ඔහුගේ පැටිකිරිය මදක් විමසා බැලිමෙිදි ඔහු රාජපක්ෂලාට සේම රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ලෙසට රටේ ආර්ථිකය විනාශ කිරීමට නොඅඩුව දායකත්වය සපයා අවශ්‍ය මොහොතේ හැව මාරුකරගෙන ජාතික ජන බලවේගයේ ආර්ථික කවුසලයට රිංගා ගත් අයෙකි. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු දුමින්ද හලංගමුවගේ ඉල්ලීම පරිදි ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයට අර්ජුන හේරත්වද, අපනයන සංවර්ධන මන්ඩලයට මංගල විජේසිංහවද පත්කරවා ගන්නා ලදි. එය වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය ඝාතනය කිරීමට දුමින්ද හලංගමුව තැබූ මුල් පියවර දෙකය.
කඹරයාට දිව දෙකක් ඇතත් දුමින්ද හුලංගමුවට දිවවල් තුනක් ඇත. එක් දිවකින් ජනාධිපති අනුර කුමාර දිසානායකට කියන දෙයට සම්පූර්ණයෙන් විරුද්ධ දෙයක් අපනයනකරුවන්ට දෙවන දිවෙන් කියන ඔහු මුලින් කී ඒවාට වඩා වෙනස්ම දෙයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පවසයි.
මොහු කියන බොරුවලට ජනාධිපතිගේ ආර්ථික උපදේශයන් හා ඇමතිවරුන් වන ආචාර්ය්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය්‍ය හර්ෂණ සූරියප්පෙරුම දෙදෙනාද රැවටී සිටීම රටේ අවාසනාවකි. මෙම ආර්ථික ඝාතකයාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කලයුතු බවට යෝජනාකර ඇත්තේ කලක් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිව සිටි 2015/2019 රනිල්ගේ කැබිනට් මණ්ඩලයේ සිටි මලික් සමරවික්‍රමය. මෙම පත් කිරීම හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරි වසර දෙකක කාලය තුලදී රටේ ආර්ථිකය වනසා විශාල ජනවරමකින් පත්වූ මෙම ආණ්ඩුව විනාශ කිරීමටය. මෙවැනි අපරාධයක් සිදුවීමට ඉඩදී දෑස් කන් පියා බලා සිටිය හැක්කේ තවත් ආර්ථික ඝාතකයෙකුට පමණි.ජනතාව විශාල බලා පොරොත්තුවක් තබා මලික්ලාගේ යටි අරමුණු ඉටුකර ගැනිමට රටේ ජනතාව ජාතික ජනබල වෙිගයට බලය ලබා නොදුන් බව ආණ්ඩුවේ බලධාරින් අවධානය කළ යුතු බවද අවධාරණය කරන්නේමු.
2025-02-03