අධ්‍යක්ෂ මණ්ඩලයට පුරපුපාඩු පත් නොකිරිමෙන් ටෙලිකොම් සමාගමේ මැක්සිස් කරණයට

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ආණ්ඩුවෙන් පත්කළ මහබැංකු නියෝජිතයා ලෙස කටයුතු කළ නිළදාරියා මැක්සි සමාගමට වාසිදායක ලෙස කටයුතු කිරිම සදහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුව ඉවත් කළ පුරප්පාඩුවට අයෙකු පත් නොකිරිම නිසා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සමාන විම නිසා කිසිදු තින්දු තිරණයක් ගැනිමට නොහැකි තත්වයක් උදාවී ඇති බව වාර්ථාවෙි.

අධ්‍යක්ෂ මණ්ඩලය නවයකින් සමන් විත අතර ඉන් පහක් ආණ්ඩුවෙන්ද ඉතිරි හතර දෙනා මැක්ෂිස් ආයතනයෙන්ද පත් කරයි.
ජනාධිපති මැතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන ජනබලවේග ආණ්ඩුව විශාල ජයක් අත්කර ගත් පසු ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට ආණ්ඩුව මගින් අධ්යක්ෂක මණ්ඩලයේ පස් දෙනෙකු නම් කරන ලදී. ඒ අනුව ප්‍රථම අධ්යක්ෂක මණ්ඩලය රැස්විමෙිදි මහා භාණ්ඩාගාරයේ නියෝජනය කරමින් රනිල් වික්රමසිංහ ආණ්ඩු සමයේ පත්ව සිටි චතුර මොහොට්ටිගෙදර යන අය මැක්සිස්සිස් අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් හට සහයෝගය දක්වමින් ආණ්ඩුව මගින් පත් කරන ලද අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් හට තර්ජනය කර ඇති බව වාර්ථාවෙි.


චතුර මොහොට්ටිගෙදර මැක්සිස් අධ්යක්ෂක මණ්ඩලය සමග එකතු වූ විට බහුතර බලය මැක්සිස් අධ්යක්ෂක මණ්ඩලය වෙත නතුවි හේතුවෙන් ආණ්ඩුවෙන් පත්කල අධ්යක්ෂක මණ්ඩලයට පඹයන් සේ සිටීමට සිදුවි ඇත. කෙසේහෝ පසුව දෙසැම්බර් මස 18 වන දින චතුර මොහොට්ටිගෙදර යන අය වත්මන් මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉවත් කර තිබෙි.
තත්වය මෙසේ තිබිය දී රටේ ඩිජිටල් ආර්ථිකකරණය පිළිබඳ කටයුතු ඉතාමත් කඩිමුඩියේ සිදුකරමින් පවතින අතර එයට මනාවූ දායකත්වයක් ලබා දිය යුතු ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම ඉබි ගමනේ කටයුතු කරමින් සිටින බව වාර්ථාවෙි. මීට ප්‍රධාන හේතුව රජයේ ක්‍රියාකාරකම්වලට මැක්සිස්ස් අධ්යක්ෂක මණ්ඩලයේ සිටි සිටින සාමාජිකයින් රජයේ කටයුතු පිළිබඳ දක්වන නිද්රාශීලි ප්‍රතිපත්තියයි.
එහෙත් අද දක්වා මොහොට්ටිගෙදර ඉල්ලා අස්වූ පසු එම පුරප්පාඩුවට පිරවීම සඳහා ආණ්ඩුවට නොහැකිවී ඇත. ඊට ප්‍රධාන හේතුව ලෙස ද මැක්සිස් අධ්යක්ෂක මණ්ඩලයේ සිටින උදය කුමාර් සහ සුරේන් අමරසේකර යන අය විසින් විවිධ අවස්ථාවන්හිදී තමන් සිදු කරනු ලැබූ දූෂණ වංචාව මකා ගැනීමට ටෙලිකොම් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ පුද්ගලයන් උසි ගැන්වීම බව වාර්ථාවෙි.
මේ සඳහා හොදම උදාහරණය ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා සඳහා වෙන් කොට තිබූ කාමරය කඩා ඉවත් කිරීම සහ සභාපතිවරයා සඳහා වෙන්කරනු ලැබූ තිබූ වාහනය විකුණා දැමීම දැක්විය හැක. සභාපතිවරයාට වාහනයක් නොමැතිව විවිධ අකරතැබ්බයන්ට හට මුහුණපෑමට ලක්වන බව වාර්තා වී ඇත.
තවද ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ජානක අබේසිංහ සහ ඔහු විසින් පත්කකරන ලද ඔහුට හිතවත් ඔහුගේ සමකාලීන ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන නිලධාරීන් කිපදෙනෙකු මෙම වසරේදී විශ්‍රම ගැනීමට නියමිත අතර එබැවින් ඔවුන් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේ කිසිදු තීන්දු තීරණයක් නොගෙන අයාලේ පවත්වාගෙන යාමට ඉඩ හැර ඇත. මෙමගින් ශ්‍රි ලංකා ටෙලිකොම්හි පාරිභෝගිකයන්ට, සේවකයන්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට විශාල අගතියක් සිදු වී ඇත. මේ සඳහා වහාම මැදිහත් වන ලෙස ශ්‍රි ලංකා ටෙලිකොම් සියලු සේවකයින් වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *