ජනාධිපතිතුමනි , වැඩ අවසන් කර ඇති පල්ලේකැලේ යුදහමුදා රෝහල විවෘත කර දෙන්නැයි නිළධාරින් ඉල්ලයි

සියලු පහසුකම්වලින් සමන්විත වැඩ අවසන් කර ඇති පල්ලේකැලේ යුදහමුදා රෝහල විවෘත කරන ලෙස රණවිරුවන් ජනපතිගෙන් ඉල්ලයි
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ ඉදිකර ඇති නවීන පහසුකම්වලින් සමන්විත යුදහමුදා රෝහල ඉදිකර දැනට මාස ගණනක් ගතව ඇතත් එය විවෘත නොකිරිමෙන් දැනට සේවයේ සිටින හා විශ්‍රාමික යුදහමුදා සමාජිකයින් හා එම පවුල්වල සමාජිකටින්ට ප්‍රතිකාර ගැනිමට අනුරාධපුරය හෝ නාරාහේන්පිට පිහිටි යුදහමුදා රෝහල්වලට යෑමට සිදුව තිබෙි.
හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ කාලයේ එහි ඉදිකිරිම් සැලසුම් සකස් කර ඉදිකිරිම් ආරම්භ කර ඊට අවශ්‍ය භාහිර රෝගි අංශයේ සිට ,දන්ත එකකයක්,ශල්‍යාගාරයක් ඇතුලු නේවාසික පහසුකම්වලින් සමන්විතව ගොඩනැගිලි ඉදිකර ඇත.එවාට අවශ්‍ය උපකරණද මිලට ගෙන ඇති අතර රෝහල විවෘත නොකිරිමෙන් එම උපකරණවල වගකිමි සහතික කාලයද අවසන් වෙමින් පවතින බව වාර්තවේ.
මේවනවිටත් රෝහලේ සේවය අවශ්‍ය කාර්ය්‍ය මංඩලයද ස්ථානගත කර ඇති අතර හමුදාපති විකුම් ලියනගේට සේවා දිගුවක් ලබා ගැනිම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරිමට සැලසුම් සකසු කළ ද එම උත්සහය පසුව ව්‍යාර්ත විය.
කෙසේ වෙතත් හිටපු යුදහමුදාපති විකුම් ලියනගේ එම රෝහල ඉදිරිපිට ඇති අපනශාලාවක් පමණක් පසුගිය මැතිවරණයට පෙර විවෘත කර ගියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හමුදා සමාජිකයින් ඉල්ලා සිටින්නේ මෙම රෝහළ විවෘත කර රෝහල ඉදිකිරිමේදි උස්ස නිලදාරින් සිදුකළ අක්‍රමිකතා ගැනද සොයා බලා රෝහල ඉදිකරන මුවාවෙන් සිය නිවාස ඉදිකර ගත් හමුදාපතිවරුන් ගැනද සොයා බලන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *