මහින්ද විජේරාම නිවසට ආසකරන්නේ මේ නිසා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජිවත් වන විජේරාම පිහිටි නිවාසය සම්බන්ධයෙන් විශාල ආණ්දොලනයක් මේවන විට ඇති වී ඇති අතර ඊට හේතුවී ඇත්තේ එම නිවසේ හා භූමියේ ඇති විශාලත්වය නිසා බව සදහන් කළ යුතුය. අක්කරයකුයි පර්චස් 13 ක විශාල ඉඩම තුළ වර්ග අඩි තිස්දහසක ප්‍රමාණය කොළඹ 7 ප්‍රදේශයේ පවතින වටිනාකම නිසා මෙම තත්වය තවත් ඉහළ ගොස් ඇත.
මෙම නිවසේ වටිනාකම වැඩි වන්නේ විදේශ ඇමතිව සිටි ලක්ෂමන් කදිරගාර් මහතා භාවිතා කරන කාලයේ එහි ආරක්ෂක කාමරයක් ඉදිකිරිමත් සමගය. එල් ටී ටී ඊ ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු තර්ජනය හමුවේ විදේශයෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින ලෙස අංග සම්පුර්ණ කාමර හතරකට අවශ්‍ය උපකරණ ආනයනය කර තිබෙි. ඒ අනුව ඉන් එකක් ජනාධිපති මන්දිරයේත්, තවත් එකක් අරලියගහ මන්දිරයේත් , ඉතිරි දෙකින් එකක් මෙම විජේරාම නිවසේ හා අනෙක් එක එවකට අනුරුද්ධ රත්වත්තේ ජිවත් වු නිළ නිවසේ සවිකර තිබෙි.
හදිසි අවස්ථාවක එම කාමරයට ආරක්ෂකයින් රැගෙන ගිය පසු එහි දවස් දෙක තුනක් එළියට නොපැමිණ ජිවත් විමට අවශ්‍ය පහසුකම් සහිතව එය නිමවා ඇති අතර ඇදක්, ශිතකරණයක් ඇතුලු කාමරයකට අවශ්‍ය උපකරණද එහි පවතින බව වාර්ථාවේ. තවද වෙනත් ඇමති වරුන්ට ලබාදුන් නිවාස නිසා මෙන් නොව මෙම එහි තිබූ පැරණි නිවසට අමතරව මෙම ඉඩම තුල මුල් නිවසට යාකොට තවත් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. එහි කුඩා සම්න්ත්‍රන කාමරයක්. අමතර කාර්‍ය මන්ඩලයක් සිටිය හැකි කාමර කීපයක්ද තිබීම විශේෂ කි.
මෙම නිවාසය පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කොටි ගණනක් වැය කර අලුත්වැඩියා කර තවත් අංග එක් කරමින් ඉදිකිරිම් කර ඇති බව ද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *