මහනුවර ජනප්‍රිය  පිරිමි ප්‍රාථමික අමුතු නිල ඇඳුම් ගැහිල්ලක්

මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ ජනප්‍රිය පිරිමි  විදුහලක ප්‍රාථමික අංශයේ  සිසුන්ට සම්ප්‍රදායික සුදු පාසැල් නිල ඇඳුම වෙනුවට  වර්ණ දෙකකින් යුත් නිල ඇඳුමක්  භාවිතා කරන ලෙස එම විදුහලේ විදුහල්පති නියෝග කර වාර්ථාවෙි.

මෙම නිල ඇඳුම නගරයේ පුද්ගලික ටේලර් සාප්පුවකින්  මුදල් ගෙවා මසා ගන්නා   ලෙසද  විදුහල්පති වරයා ලිඛිතව දන්වා ඇති  බවද  පවසන දෙමව්පියන්  මෙම  ගනුදෙනුව  හරහා  විදුහල්පතිට අතයට විශාල කොමිස් මුදලක්       ලැබෙන බවට මාපියන් චෝදනා කරයි.

ඒ අනුව ළමුන්  දහසකට පමණ    මෙම නිල ඇඳුම්  අලුතෙන්    මසා ගන්නා ලෙස ලිඛිතව  දන්වා තිබේ.මෙම  ජාවාරම සම්බන්ධයෙන්    අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිළි කර ඇතත් මේවනතෙක් කිසිදු   පියවරක් ගෙන නොමැති

 බව දෙමව්පියන් පවසයි.

මෙම විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ දෙමව්පියන් ගසා කන ජාවාරමට ඇතැම් දෙමව්පියන් පිරිසක්ද සහාය දක්වන අතර මෙම නිළඇඳුම රුපියල්  3000/= ක් වන වැය වන බව සදහන්වේ.

ක්ලීන් ශ්‍රී  ලංකා වැඩ සටහන යටතේ මෙවැනි දූෂිත විදුහල්පතිවරු ගැනත් සොයා බලන්නැයි  මහනුවර ජනතාව  අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරීනී අමරසූරිය මෙනවියගෙන්  ඉල්ලා  සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *