යාපනය නමට පමණක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති අඩුපහඩු නිසා මගින්ට දැඩි දුෂ්කරතාවයකට පත්විමට සිදුව ඇති බව වාර්ථාවෙි.
මගීන්ට ගුවන්යානයක් පැමිණෙනතෙක් නතරවී සිටිමට ඉදිකර ඇති තාවකාලික යටි එකෙහි සිටිමට නොහැකිව ඇත්තේ ඒහි ඇති උෂ්ණත්වය අධිකවිම නිසාවෙනි.ඊට අමතරව එසේ රෙදිවලින් ඉදිකර ඇති 20#20 තාවකාලික හටි එක සදහා මාසයකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්ද ගෙවන බව සදහන්වේ.
වැසිකිලි උතුරා යන අතර ප්‍රදේශය පුරා එහි ගදනිසා දැඩි ගැටලුවකට සේවකයින් මෙන්ම ආරක්ෂාවට සිටින ගුවන් හමුදා නිළධාරින්ද සිටියි. අඩුම තරමේ වැසිකිළිය භාවිතා කරන අයට අවශ්‍ය එහි ටිෂු කඩදාසිවත් නොමැත.
එහෙත් සේවකයින් දෙදෙනෙක් ප්‍රවාහනය සදහා මාසයකට රුපියල් හාරලක්ෂ හැත්තෑපන්දහසක් වැය කර වැන්රථයක් කුළියට ගෙන ඇත.
ගිය ආණ්ඩුවලට වඩා වර්ථමාන ආණ්ඩුවේ හොරු බල්ටි ගසමින් ආයතනය ගසා කමින් සිටින්නේද ඉහළ කළමනාකාරිත්වය දැනුවත්ව බව ද වාර්ථාවෙි.