මාසයට ලක්ෂයක පිඩියක් අරගෙන කෝටි දෙක හමාරකක ජීප් රියක් පදින පොලිස් ලොක්කා

ජීප් රිය කෝටි දෙකහාමාරකි.   නමුත් සියලු දීමනා සහිත පඩිය රුපියල් ලක්ෂයකි.⁣ සුපිරි ගෙවල් දෙකකි

දකුණ  භාරව සිටියදි මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගෙන් ගිණුමට ලක්ෂ 50 ක් බැරකර ගත් සිද්ධියකට  ඉහළ පරීක්ණ වලට ලක්වූවෙකි.එහෙත් පරීක්ෂණ ලිපි ගොනු පොලිස් මූලස්ථානයෙන්  යට ගසා ඇතිබව එම මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

උදේ සවස   බුදුන් වඳින උපාසක මහතෙකි. අයථා වත්කම්  රැස් කලේ  කෙළෙසදැයි අල්ලස් දූෂණ කොමිෂන් සභාව සොයා බැලිය යුතු බව සමකාලින කාකි ඇදුමලාගත් අය කියයි.

ලක්ෂයක  පඩියක් මාසිකව ගනු ලබන  මෙම කාකි ඇදු අදින ලොක්කට කෝටි දෙකහාමාරත් වටිනා අති සුපිරි නවීන ජීප් රියක් සහ නිවාස දෙකක් තනන්නට මුදල් ලැබුණේ  කෙසේද යන්න   සොයා බැලිය  යුතු බව එම දෙපාර්තමේන්තුවෙි අයම  ප්‍රශ්ණ කෙරෙයි.

මාර  සිංහයෙක්  මෙන් අති සුඛෝපභෝගී    ජීප් රියේ නැග කිරිසයුර වටා පිහිටි   මංමාවත් වල සැරිසරන මේ    ලොක්කා දකින බොහෝ ජනී ජනයා   පොලිස් පොඩ්⁣ඩෝ නගන ප්‍රශ්ණය නම් ප්‍රදේශයේ ප්‍රකෝටි පති ව්‍යාපාරිකයන්ටත් නැති ධනයක් මොහුට ලැබුණේ කෙසේද යන්නයි.

දේශපාලනඥයන්ගේ වත්කම් සොයනා දූෂණ විරෝධී කොමිසම්  සහ අයථා  වත්කම් උපයාගන්නා රාජ්‍ය නිවේදිත නිලධාරින් ගැන සොයන  කොමිෂන්  සභා නිද්‍රාශීලී ඇයි දැයි   පොඩ්ඩෝ සහ තතු දත්තෝ ප්‍රශ්ණ කරති.

මෙ වන විට රටඋඩ නව නිවසක් ඉදිකරගෙන යයි.බඩු සපයන්නේ කාකි අදුම ලාගත්  පොඩ්ඩන්  බව ආරංචි මාර්ග සඳහන් කරයි. පුනරුදයේ සිස්ටම් චේන්ජ් එක  නිසා  මේවා යටකරන්නත් ඒ ඒ තැන්වලට මේයාලගේ  ලොක්කකො රිංගා ගෙන නිසා ඔක්කා්ම පාපිස්ස යටට යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *