පියුමිට කුණුකොල්ලයට ගෙවල් දුන් ප්‍රයිම් ප්‍රේම්, පියුමිව නිතර නිතර හම්බත්වෙලා

එවකට රුපියල් ලක්ෂ 300කට ආසන්න මිලක් සහිත වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටි THE GRAND WARD PLACE හි 23 වැනි මහලේ නිවස නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට  රුපියල් ලක්ෂ 148ක් වැනි සහනදායී මිලකට ලබාදී ඇත්තේ  ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ වරප්‍රසාදයකින් බව මේවන විට හෙළිවී ඇත.

නිරූපන ශිල්පී පියුමි රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ තොරතුරු හෙළිකරගෙන තිබේ.

 ප්‍රයිම් ගෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ලබාගත් ප්‍රකාශයක් හා සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතාගේ ප්‍රකාශයක් අනුව මේ තොරතුරු හෙළිව ඇති බව වාර්තා වේ.

2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින් THE GRAND WARD PLACE හි  නිවස මිලදී ගෙන ඇත්තේ  සියලු ගෘහ භාණ්ඩ සහිතවය.

එය වර්ග අඩි 1,440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන තුන්සියක්  බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 5 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසියට පවසා ඇත.

පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය පමණක් බවද වාර්තා වේ.

කෙසේවුවද, මේ නිවස පියුමිට ලබාදීමෙන් පසුව අවස්ථා කිහිපයකදී පියුමි හා ප්‍රේමලාල් තැන් තැන්වල මුණගැසී ඇති බවද හෙළිව තිබේ.

මේ අතර ප්‍රයිම් ප්‍රේම් විසින් පියුමිගේ එම නිවසේ  මදිපාඩු මුදලට පියුමි ප්‍රයිම් ලෑන්ඩ්ස් හි වෙළද දැන්වීමකට ඉදිරිපත්වීමට එකග වූ බවට වන ගිවිසුමක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.

එහෙත් අදාළ ගිවිසුමට අනුව ප්‍රයිම් වෙනුවෙන් පියුමි රගපෑ වෙළද දැන්වීමක් නම් CID යට මෙතක් සොයා ගැනීමට හැකි වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *