ජාතික ජනබලවෙිග ආණ්ඩුව බලයට පත්වී සිය මංගල අයවැය ඉදිරිපත් කර මාස හතරක් ගතවිමටත් ප්‍රථම වෙළද හා ප්‍රවාහන අමාත්‍යංශ ආරම්භ කල වැඩවල ප්‍රගතිය මේවනවිට එළි දැක්විමට කටයුතු කර තිබෙි.
ඒ අනුව 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද සුපොඛභෝගි බස් රථ අභලන්විම නිසා ඒවා දෛනික ධාවනයෙන් සමිපුර්නයෙන්ම ඉවත් කර තීබු අතර ඒ සදහා නවතම එංජිමි කටිටල සහා අනෙකුත් අමතර උපාංග කඩිනිමින් ආනයනය කර ලංගම කාර්මික ශිල්පින් විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරිමට අද (18 ) කටුබැද්ද ඩිපෝ පරිශ්‍රයෙදි සිදු විය. ඒ ප්‍රවාහන හා මහමාර්ග නියේජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.ඒ අනුව ප්‍රථම අදියර යටතේ බස්රථ නවයක් අලුත්වැඩියා කර ඇති අතර එවා පළමුව කෙටි ගමන්වාර සදහා යොමු කර පසුව අධිවෙිගි මාර්ග සදහා යොමු කිරිමට නියමිත බව වාර්ථාවෙි.

මේ අතර “ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී අද (18) දින සිදු කෙරිණි.
ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් පාලන මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.
පසුගිය රජය මිලදී ගත් වී ඉදිරියටත් සහල් කර සතොස හරහා පාලන මිල යටතේ අලෙවි කිරිමට නියමිත බව සදහන්වේ.