ඔත්තු කරුට පස්සෙන් පන්නා වෙඩි තැබීම දෙවියන් වහන්සේගේ කියවීමට කොතරම් දුරට අණුකූලද

“මිලේච්ච පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන්නේ එය සිදුවන බව දැනගෙන ඒ ගැන අපිට නොකී කාඩිනල්ට ඕනෑ ලෙසටද” යනුවෙන්  අප මිට පෙර ප්‍රශ්ණ කළේය.  කාඩිනල් ප්‍රමුඛ කතෝලික සභාව හෝ පල්ලියෙන් නඩත්තු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක තරිඳු ජයවර්ධනවත් එයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට උත්තර දීමට ඉදිරිපත් වූයේ කාදිනල්ගේ පදයට නටන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. ඒ පසුගිය දා පාර්ලිමේන්තුවේ දීය. මරදානේ චොප්පෙගේ රංගනයක් ඉදිරිපත් කරමින් එතුමා කී දේට තවත් කරුණු හෙළි කිරිමට සුදානම්ය.

 කතෝලික සභාව ළදරු කළල ගබ්සාවට විරුද්ධය. එසේම මිණීමැරීමටද විරුද්ධ ය. ඒත් තම දෙටු දියණියට ලැබීමට සිටි වයස මාස 4 ක් වූ දරුගැබ රාජගිරියේ නර්සින් හෝම් එක මාර්ගයෙන් ගබ්සා කරවූ, එම කළලයේ පීතෲත්වය හිමිව සිටි හෙට්ටිආරච්චි නම් යුධහමුදා සොල්දාදුවාව තිරශ්චීන ලෙස ඝාතනය කරවූ වත්මන් හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු හට ඔබතුමා ම පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයකට හාත්පසින් විරුද්ධව වසරක සේවා දිගුවක් ලබා දුන්නේ කාදිනල් මැල්කම් රංජිත් ගේ පුද්ගලික ඉල්ලීමට නොවේ නම් ඒ ගැන ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ දීම පැහැදිලි කිරීමක් කිරිමට හැකිය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවෙන් පැහැදිලි වූයේ අප විසින් සිදුකල සත්‍ය හෙලිදරව්ව නිසා කරකියා ගතහැකි දෙයක්සිතා ගැනීමට බැරිව අසරණවී සිටින බොරු වීරයා වන කාදිනල් මැල්කම් රංජිත් ගේ අඳෝනාවයි.

මිලේච්ඡ පාස්කු ප්‍රහාරය සිදුවන බව දැන සිටි ප්‍රභූවරුන්ගේ ඉහලින්ම සිටි පිරිස අතර කාදිනල් මැල්කම් රංජිත්ය ද සිටි බව නැවතත් අවධාරණය යුතුව හෙළි කරන්නේමු.

 ඔහුට අවශ්‍ය වූයේ තම ඥාති පුතෙක් වන ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති කිරීමටය. ඒ සදහා දෙවතාවක් නොසිතා ඔහු අනුගාමිකයන්ව මරණයේ දොරකඩට යවා පාස්කු දේව මෙහෙයට සහභාගී නොවී පල්ලි තුල බෝම්බ පිපිරුනාට පසු වීරයාගේ චරිතය රඟපෑවාය. කාදිනල් මැල්කම් රංජිත්ට කිසි දිනක පරණ ගිවිසුමේ මෝසස් වීමට බැරිය. ඔබ අළුත් ගිවිසුමේ ජුදාස්‍ ය.

මෑතදී පොලිස් කොමිෂන් සභාව හිටපු ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයන් පහකල බව නිවේදනය කලේය. ඊට පසු දිනම මාධ්‍ය සාකච්ඡාවක් කැදවූ කතෝලික සභාවේ ජූඩ් පීරිස් පියතුමා කීවේ “නිලන්ත ජයවර්ධනව එල්ලා මරා දැමිය යුතුයි” යනුවෙනි. හඩ ජූඩ් පීරිස් ගේ වුවද වචන කාදිනල් මැල්කම් රංජිත් ගේය. කතෝලික සභාව සිතුවේ එයට කතෝලික අපි ඔල්වරසන් දේවි කියා වුවත් සිදුවූයේ අපි එම ප්‍රකාශයට එරෙහිව නැගී සිටීමයි. කාදිනල් මැල්කම් රංජිත් ගේ වචන සමාජයට කියූ ජූඩ් පීරිස් පියතුමා දෝවනය කර පිරිසිදු කිරීමට ඊට පසුදින නැවත මාධ්‍ය සාකච්චාවක් කැදවූ කතෝලික සභාව එම සිරිල් ගාමිණී පියතුමාට පැවරුවෙිය.

පසුව සිරිල් ගාමිණී පියතුමා කියා සිටියේ අපරාධමය චෝදනා යටතේ නිලන්ත ජයවර්ධන විරුද්ධව නඩු අසා දඩුවම් කලයුතු බවත් ජූඩ් පීරිස් පියතුමාගේ මතය කතෝලික සභාවේ මතය නොවන බවත් ය. එසේ කී පමණින් ජූඩ් පීරිස් පියතුමා නිදහස් වන්නේ කෙසේද? අපට දෙවියන් වහන්සේ කියා දී ඇත්තේ ” කෙනෙකු ඔබේ කම්මුලට පහරක් දුනහොත් සිනාසී අනෙක් කම්මුලද ඔහු දෙසට යොමු කරන්න” කියාය. මිණීමැරීමට අණදෙන මිණීමරුවන්ට ශුද්ධ වූ ලෝගුව ඇඳීමට අවසර නැතත් මැදමූලන බයිබලය අතැතිව සිටින කාදිනල් මැල්කම් රංජිත් ට එවැනි ගහලයන් වටින්නේය.

පසුගිය දිනක තවත් විශේෂ සිදුවීමක් වූයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව සේවයෙන් පහකර දැමීම පාර්ලිමේන්තුවේදී බහුතර ජන්දයෙන් සම්මත වීමයි. එහිදී මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල මහතා වටිනා හෙළිදරව්වක් කරන කළේය.” පාස්කු ප්‍රහාරය සිදුවන බවට තොරතුරු ලැබී තිබියදී ඒ ගැන නිසිලෙස ක්‍රියාත්මක නොවීම ගැන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැරදි කරුවකු බව ඔහු පිළිබදව විමර්ශනය කල කමිටුව විසින් ඒකමතිකව තීරණය කර ඇති බවයි”

මෙම තීන්දුව ලබාදුන් කමිටුවේ එක් සාමාජිකයකු වූයේ වත්මන් පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාය. සතියක් ඇතුලත ඔහු එකිනෙකට පරස්පර කරුණු දෙකක් කීවෙිය.

එනම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය එල්ලවන බවට ලද තොරතුර නිසි ලෙස බැහැර නොකර සිටීම නිසා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවයි.ඊට අමතරව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එවකට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසට සිටිමින් පාස්කු ප්‍රහාරය සිදුවන බවට තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවීම නිසා කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සිදුවූ බැවින් ඔහු එයට වැරදිකරු බවයි.

නිලන්ත ජයවර්ධන බැහැර නොකරාය කියූ පණිවිඩය දේශබන්දු තෙන්නකෝන්ට කීවේ කවුද? යන්න ලලිත් ඒකනායක මහතාම  පැහැදිලි කර දියයුතුය.

පාස්කු ප්‍රහාරය පිළිබදව පමණක් නොව එය එල්ල කල සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ගැන නිලන්ත ජයවර්ධන විසින් 2015 සිට රජයේ යම් යම් පාර්ශ්වයන් වෙත 300 වතාවකට අධික අවස්ථා ගනනාවකදී ලබා දුන් තොරතුරු හෙළිවී ඇත. ඉදියේදී ඒවා අපද හෙලිදරව් කිරිමට සුදානම්ය. එවිට බොහෝ දෙනෙකුට රිදෙනු ඇත. ඒත් සමාජය සත්‍ය දැනගනු ඇත.

නිලන්ත ජයවර්ධන වරදක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම ඔහුට දඩුවම් දිය යුතුය. ඒත් මෑතකදී හිටපු බුද්ධි අධ්‍යක්ෂ වරයෙකු වූ පාලිත කොහොන මහතා යූ ටියුබ් නාලිකාවක් සමග කරනලද සම්මුඛ සාඛච්චා වකදී පැහැදිවම කියා සිටියේ නිලන්ත ජයවර්ධන තමන්ට අයත් පාස්කු ප්‍රරහාරය පිළිබද තොරතුර නිසි ලෙසට අදාල වගකිවයුතු පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව නිලන්ත ජයවර්ධන යනු මිලේච්ඡ පාස්කු ප්‍රරහාරය පිළිබදව ප්‍රධාන දේශීය ඔත්තුකරුය. අදාල ඔත්තුව ලැබීම නිසා පාස්කු ඉරුදින දේව මෙහෙයට සභාගීනොවී මාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු ඇතුළු 280කට අධික කතෝලික අනුගාමිකයන් ගේ ජීවිත මරණයේ දොරකඩට යවා තවත් 500 කට අධික පිරිසක් ආබාධිත තත්වයට පත්කර දැන් වීරයාගේ චරිතයට පණ පොවන කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාව සිදුකරණු ලබන්නේ ඔත්තුකරුට පන්න පන්නා වෙඩි තැබීම දෙවියන් වහන්සේ ගේ දේශනාවට අනුකූල වන්නේ කෙසේද යන්න පහදා දෙනු මැනවි.

සුරජ් ප්‍රනාන්දු – මීගමුව ( විද්‍යුත් තෑපෑලට ලැබුණු ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *