මහනුවර මහ නගර සභාවේ පුරපති වරයා නොදැන මහ නගර සභාවට අයත් මහජන පුස්තකාලයේ රැකියා පත්වීම් කීපයක් දී ඇති නගර සභාවේ නාගරික කොමසාරිසිවරිය පිළිබඳව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා නගර සභා මාසික මහා සභා රැස්වීමේදී එ් පිළිබදව හෙළිකර තිබේ.
මහනුවර මහ නගර සභාවේ ව්‍යාපෘති කීපයක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරුන් විසින්ම එල්ල කරන වංචා දූංෂණ චෝදනාවන්ට අදාළ සියලු ලිපිගොනු යට ගසමින් ඇය නගරයේ ජනතාවගේද මාළිමා දේශපාළන අධිකාරියේද දැඩි අප්‍රසාදයට පත්වී සිටින බව ජාතිකජන බලවේගයේ ක්‍රියාකාරීහු පවසති.
නගර සභාවට විවිධ පුද්ගලයන් රුපියල් කෝටි ගනනින් පොලු තියා කට්ටි පැන සිටියදී ඔවුන් සමග රහසිගතව ඩීල් දමන නාගරික කොමසාරිස් වරිය මහනුවර නාගරික ජනතාවගේ අප්‍රසන්නම නිලධාරිනිය බවට පත්ව සිටියි.
තමාට ඉහළින් සිටින පලාත්පාලන අමාත්‍යාංශයේ නිලධාරිනියන් අභිබවා සෘජුව ආණ්ඩුකාර වරයා හමුවී අයථා ලෙස පත්වීම් ලබා දෙමින් නගර සභාව තුල ඒකාධිපති පාලනයක් ගෙන යන කොමසාරිස් වරියගේ ගජ මිතුරිය ආණ්ඩුකාර ලේකම් වරිය නිසා ,කොමසාරිස් වරිය හිතුවක්කාර ලෙස වැඩ කරන බව මධ්‍යම පලාතේ පලාත් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති.
මහනුවර නගරයේ වීථී බදුදී හිතුවක්කාර ලෙස එම වීථී බදුගත් ව්‍යාපාරිකයාට සහන සලසන්න නගර සභාවේ නිලධාරින්ට බලපෑම් කරන කොමසාරිස් වරිය අයථා ටෙන්ඩර් ගනුදෙනු වලට සම්පන්ධ බවට නගර සභාවේ නිලධාරීන්ම පවසති.
මහනුවර මහ නගර සභාවේ පුරපති වරයාගේ දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටින නාගරික කොමසාරිස් වරිය ඇතුලු ඇගේ දූෂිත නිලධාරි නඩයට නගර සභාවට පැමිණෙන නාගරික ප්‍රජාවට නිසි සේවය ලබා දීමට නොහැකි නම් නගර සභාවෙන් මාරුවක් ලබා ගෙන යන්නැයිද පුරපති වරයා විවෘත සභාවේදී ප්‍රකාශ කර ඇති බව වාර්ථාවෙි.
මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණය ටෙන්ඩර් දීමේදී සිදුව ඇති රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචා සිදුවීම් වලට අදාළ සියලු ලිපි ගොනු අස්ථාන ගත කරඑහි පරීක්ෂණද යට ගසන්නේ නාගරික කොමසාරිස් වරිය බව නගර සභාවේ නිලධාරින් සහ නිලධාරිනියන් කීප දෙනෙක් නගරාධිපති වරයාට රහසිගතව තොරතුරු ලබා දී ඇති බව දැනගන්නට ලැබිණි.
නගර සභාව සතු මහනුවර වැව ඉදිරිපිට වටිනා වානිජ ඉඩමක් කූඨ ලෙස ප්‍රබල ව්‍යාපාරිකයෙකුට ලබා දීමට නාගරික කොමසාරිස් වරිය නගර සභාවේ මහජන නියෝජිත පාලනය නොමැති සමයේ කටයුතු කර ඇති බවද එය ව්‍යවර්ථ වූයේ තවත් පාර්ශවයක් නඩු මගට අවතීර්ණ වූ නිසා බවද ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දූෂිත කොමසාරිස් වරිය ජාතික ජන බලවේග ආණ්ඩු පාලනයේදීද එම පක්ෂයේම ප්‍රබලයන්ගේ ආරක්ෂාව යටතේ සිටිමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්වන අයුරින් සූක්ෂමව ක්‍රියාකරන බව මාළිමාවේ මහනුවර ප්‍රබල ක්‍රියාකාරීන්ම පවසති.