පොලිස්පති ලෙස ප්‍රියන්ත විරසුරිය මහතා පත් විමත් සමග ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු ස්ථාන මාරුවිම් ලබා දිම කෙරෙහි අවධානය යොමුය ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව දැනට ජේෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින වැඩබලන පරිපාලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා මධ්‍යම පළාතභාර ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති පතිනායක ඇතුලු තවත් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවිම් ලැබිමට නියමිත බව සදහන් වේ.
එහිදී ප්‍රියන්ත විරසුරිය මහතා වැඩබලන පොලිස්පති තනතුරේ සේවය කරන අවදියේ පතිනායක මහතා පොලිස් කොමිෂමට දන්වා ඇත්තේ ප්‍රියන්ත විරසුරිය මහතා සමග වැඩ කළ නොහැකි බවයි.එම තත්වය මත විරසුරිය මහතාත් මහජන ආරක්ෂක අමාත්‍යට දන්වා ඇත්තේ පතිනායක මහතාගෙන් සිය රාජකාරි සදහ සදහයක් නොලැබෙන බවයි.
ඒ අනුව පතිනායක මහතාට වෙනත් එකක් භාර දී මධ්‍යම පළාත සදහා රන්මල් කොඩිතුවක්කු මහතාත්, බස්නාහිර පළාත සංජිව මැදවත්ත මහතාවත් පත්කිරිමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව පරිපාලන එකකය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජිව ධර්මරත්න මහතා පත් කිරිම කෙරෙහි අවධානය යොමුවී ඇති බව සදහන්වේ.