මුළු ලොවම කම්පා කරමින් 2019 අප්‍රේල් මස 21 වෙනි ඉරිදා පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි රෝමානු කතෝලික බැතිමතුන් ඉලක්ක කරගනිමින් දේවස්ථානය තුනකට සහ එදිනම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් දෙකක් ඇතුළු ද තවත් ස්ථා දෙකක අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කළේය. එහි ප්‍රතිපලයක් ලෙස 300 කට ආසන්න දෙස් විදෙස් පුද්ගලයන් පිරිසක් මිය ගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඉන් පිරිසක් සදාකාලික ආබාධිත තත්වට පත්විය.
එම ප්‍රහාරය කොතරම් දුරට විහිදී ගියාද කිවහොත් රටේ දේශපාලන දිශානතියද වෙනස් කළේය.
මෙම ප්‍රහාරය රහස් ප්‍රහාරයක් ලෙස පැවතියේ පැය දෙකකටත් අඩු කාළයකි. එසේ වූයේ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කල ” ගහනවා කියලා දැනගෙන හිටියා ඒත් මේවගේ ගහයි කියලා හිතුවේ නෑ” ප්‍රකාශය අනුව මෙම ප්‍රහාර මාලාව පිළිබදව සියළු තොරතුරු ආරක්ෂක අංශ දැනුවත්ව සිට ඇත. නමුත් ඔවුන් මෙය වලක්වාලූයේ නැත.
2019 අප්‍රේල් 09 වෙනි දිනැති ලිපිය මගින් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා විසින් රජයේ නිළ ආරක්ෂාව ලබා ගන්නා සියළුම ප්‍රභූවරුන්ට මෙම ප්‍රහාරය පිළිබදව ලිඛිත දැනුවත් කිරීමක් සිදුකර ඇත. එම දැනුවත් කිරීම කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ටද ලැබී තිබුණි. නමුත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ජනතාවට මෙම ප්‍රහාරය ගැන කරුණු දැනුම් නොදුන්නා සේම කාදිනල් මැල්කම් රංජිත් එය තම අනුගාමිකයන්ට දැනුම් නොදී නිහඩව සිටියා පමණක් නොව රටක කාදිනල් වරයා අනිවාර්යයෙන්ම සහභාගී වියයුතු පාස්කු දේව මෙහෙය සදහා සහභාගී නොවී සිටීමට වග බලාගත්තේය.
ප්‍රහාරයෙන් පසුව ඔහු අපූරු ලෙස කිසිවක් නොදත් පුද්ගලයකු ලෙස සාම දූතයාගේ චරිතය රඟපෑම සිදුකලේය.
ඉන් පසුව කාදිනල් මැල්කම් රංජිත් ඍජුවම ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියේය. ඒ ගෝඨාභය රාජපක්ෂ කාදිනල්ගේ ලේලිය වූ ශිරන්ති රාජපක්ෂ ගේ මස්සිනා වීම නිසාය. ආණ්ඩු පෙරලියට පෙරම අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව ස්වාධීන කණ්ඩායම් කීපයක් පාස්කු ප්‍රහාරය වලක්වා නොගත් කණෟඩායමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කලේය.
කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ද ප්‍රහාරය එල්ල වන බව දැනගෙන තම අනුගාමිකයන්ට නොකියා සිටීමේ පව් සෝදා ගැනීමට ඔහුද පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කන්ඩායම් අනුගමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්මක් ඉදිරිපත් කළේය. ආණ්ඩු පෙරළියෙන් පසුව මුක්තිය නිසා ශ්‍රේෂෟඨාධිකරණය වෙතින් බේරී සිටි හිටපු ජනාධිපතිගේ නමද වග උත්තරකරුවන්ගේ ලේඛනයට ඇතුලත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
කාළය ගෙවෙමින් තිබියදී පාස්කු ප්‍රහාරය සිදුවී හරියටම මාස 25 ක් පිරෙන දින එනම් 2021 මැයි මස 20 වෙනි දින කොළඹ වරායට පැමිණෙමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිබත් වීම ආරම්භ විය. ඉන් දැවැන්ත පරිසර විනාශයක් සිදුවිය. එම විනාශයට එරෙහිව පරිසර සංවිධාන තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරුවෙිය. පාස්කු ප්‍රහාරයේ තම පව් සෝදාගැනීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හරහා සිදුවූ පරිසර විනාශයට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය වෙත යෑමට කාදිනල් මැල්කම් රංජිත් ඉදිරිපත් වූයේය.
පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට එරෙහිව පනවා තිබූ නඩු 4 ම ඒකාබද්ධ කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත්කලේය. ඒ අනුව ඇමරිකාණු ඩොලර් බිලියනයක් හෙවත් ඇමරිකාණු ඩොලර් කෝටි 100 ක් ලංකා රජයට ගෙවිය යුතු බවටත් එම මුදල වසරක කාළසීමාවක් අතර ගෙවා අවසන් කලයුතු බවට නියෝග කෙරිණි.
කාදිනල් මැල්කම් රංජිත් හැර එම නඩුව පැවරූ පරිසර සංවිධාන තුනම ලද ජයග්‍රහණය පිළිබඳව පම්පෝරි ගැසීමට ගියේ නැත. නමුත් නඩුවට පාස්කු ප්‍රහාරය ගැන තම පව් සෝදා ගැනීමට අවසන් මොහොතේ අදාල නඩුවට සම්බන්ද වූ කාදිනල් මැල්කම් රංජිත් ඔහුගේ වන්දි බට්ටයන් යොදවා මාධ්‍ය සාකච්චා සේම ඩීල් දාන යූ ටියුබ් කාරයන් සමගද සාකච්චා පවත්වමින් පම්පෝරිය ගැසිය. පාස්කු ප්‍රහාරය කළින් දැනගත් අයෙකු ලෙස කාදිනල් මැල්කම් රංජිත් ඇඟේ ගෑවී ඇති පාස්කු ප්‍රහාරයේ දැළිකුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් ගෙවීමට නියමිත ඇමරිකන් ඩොලර් බිලියනකට සේදී යන්නේ නැත. ඔබ එනතුරු ස්වර්ගයේ දිවියන් නොව ආපයේ සාතන් සැදී පැහැදී බලා සිටින බවය