හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන වොයිෂ් ඔෆ් ශ්‍රී ලංකා නිවුස් එකට තොප්පිය දාගත් විදුහල්පතිනියක්

වොයිස් ඔෆ් ශ්‍රී ලංකා  වෙබ් ප්‍රවෘත්ති අඩවියේ පලවූ මහනුවර  නගරයේ ජනප්‍රිය බාළිකා විදුහල්වලට ලමුන් ඇතුලත් කරගැනීමේදී සිදුවන මහා පරිමාණ අතයට මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුපිත වූ මහනුවර නගරයේ බාළිකා විදුහලක විදුහල්පතිනියක්    පුහුල් හොරා කරෙන්  දැනේ  නම් පරණ ජන කතාව සිහිගන්වමින් මහනුවර පොලීසියට පැමිණ තමන්ට  සහ විදුහලට අපහාස වූ බව පවසමින් පැමිණිළි කර ඇති බව වාර්ථාවෙි.

තොප්පිය තමන්ටම දාගෙන  කෑගහන මහනුවර නගරයේ ජනප්‍රිය  සමහර විදුහල්වල විදුහල්පතිනියන්ගේ මුදල්ජාවාරම් ගැන මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි හෙළි කලේ  ජාතික ජනබලවේගයේ  නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාය.

මේ සිද්ධිය ගැන පලාතේ අධ්‍යාපන බලධාරින් නිහඬ දැයි විමසූ විට  පොහොට්ටු  ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නිර්දේශ මත පත්වූ පලාත් අධ්‍යාපන බලධාරියෙක් ගලේ පහරාගත්  බළලෙකු මෙන් මෙම මුදල් ගනුදෙනු  කල විදුහල්පතිනිය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් කරන බවද කීය.

මෙම ප්‍රසිද්ධ  ප්‍රකාශ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල මෙන්ම  වෙබ් මාධ්‍ය ජාලාවලද පලවිමත් සමග එයින් කළබල වූ මහනුවර  බාළිකා පාසලක විදුහල්පතිනියක්  පොලීසියේ පැමිීණිළි දැමුවේ   වොයිෂ්  ඔෆ් ශ්‍රී ලංකා වෙබ් ජාලයේ පලවූ  ප්‍රවෘත්තිය   නිසා තමාට සහ විදුහලට අපහාස වූ බව පවසමින් ය.

කෙසේ වෙතත්   තොප්පිය කලින්ම දාගත්  මහනුවර නගරයේ ඇතැම් විදුහල්වල විදුහල්පතිනියන්  තමන්ගේ  ඇඟ පුරාම ජරාව තවරා ගෙන ඇති බව මහනුවර මාධ්‍යවේදීහු පවසති.

මහනුවර එක් විදුහලක  විදුහල්පතිවරයෙක් විදුහලේ පැරණි ⁣  ඩෙස් පුටු අලුත් වැඩියා කරන මුවාවෙන් ඒවා ලොරියක පටවා ගෙන ගොස් රහසිගතව විකුණා දැමූ පුවතක් නුවර පලාතෙම  කතා බහට ලක්ව තිබේ.

  මහනුවර නගරයේ ඇතැම් විදුහල්වල  ළමුන් ඇතුලත් කර ගැනීමේදී දෙමව්පියන්ගෙන් අත යටින් ලක්ෂ ගනනින් මුදල් ගන්නා බව  ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.ඒවා අනාවරණය කරන මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් බිය වැද්දීමට පොලිසියේ පොත් වල  පිටු පුරවා පැමිණිළි දමන   ඇතැම් විදුහල්පතිනියන්   පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශ   විශේෂ පරීක්ෂණයක් කල යුතුය.

දැනටමත් දෙමව්පියන් මහනුවර නගරයේ ඇතැම් විදුහල්වල දූෂිත  විදුහල්පතිවරු සහ විදුහල්පතිනියන්ගේ  අත යට මුදල් ලබා ගැනීම් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අධ්‍යාපන ඇමතිනියට ලිඛිතව පැමිණිළි කර ඇත.බොහෝ ඇතැම් දූෂිත විදුහල්පතිනියන් විදුහල්පතිවරු   ප්‍රකෝටිපතියන් වී සිටිති.සමහරුන්ට රුපියල් කෝටි දෙකක් වටිනා වාහනද තිබේ.මෙම අයවලුන්ගේ වත්කම් පරීක්ෂා කල යුතු බව මහනුවර ජනතාව  පවසති.

පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ  සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලගතු නිලධාරින්ගේ  සහායෙන්  තනතුරු ලබාගත් මධ්‍යම පලාතේ බොහෝ ඇතැම් දූෂිත නිලධාරින් සහ නිලධාරිනියන්ගේ දුෂණ හෙළිකරන   මාධ්‍යවේදීන් සොයමින් වෙහෙසෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *