දළදා මාළිගාව වඳින්න එන බැතිමතුන් ගසා කන  කූඨ මල්කඩ වෙළෙන්දෝ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට  දිවයිනේ විවිධ පලාත් වලින් මහනුවරට පැමිණෙන බැතිමතුන් කූඨ ලෙස ගසා කන මල් කඩ ව්‍යාපරකයින් නිසා දළදා වඳින්නට එන බැතිමතුන් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති.

මෙම මල් කඩ කරුවන්  ඉතා අධික මිළ ගනන් වලට මල් වට්ටි විකුණන බවත්  ,රුපියල්  දහසකට සුදු මල් වට්ටියක් විකුණන බවත් ,නෙළුමල්    වට්ටියක් රුපියල්   750/= ක්ද ,  නිල් මානෙල් වට්ටියක් රුපියල්   500/= ක්ද , මිළකට අළෙවි කරන බවත්   මෙම මිළ ගනන් වලට මල්  මිළදී ගැනීමට තමන්ට  අපහසු බවත් බැතිමතුහු  පවසති.

මෙම සංවිධානාත්මක මල් කඩ වෙළඳුන්  බැතිමතුන්ට බලපෑම් කරමින්    ඉතා අධික ලෙස  මල්වට්ටි විකුණා ගසාකෑම් කරද්දී  වගකිව යුතු අංශ නිහඬව සිටින්නේ  ඇයි දැයි බැතිමතුන් ප්‍රශ්ණ කරයි.

 විදෙස් සංචාරකයන්ට  මල් වට්ටියක් විකුණනු ලබන්නේ  රුපියල්  1500/=  සිට  2000/=    ක් වැනි මිළ ගනන් වලට  බව  වි⁣දෙස් සංචාරකයන්  කැඳවාගෙන එන   සංචාරක මග පෙන්වන්න පිරිස පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *