රටවැසියන් චූන් කරන දේපළ රාජසන්තක කරන ටෙලි නාට්‍ය මාලාව

නව රජය බලයට පැමිණි පසුව පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විවිධ පුද්ගලයන් විසින් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි දේපළ තහනම් කිරීම කරනු ලබයි. ගත වූ මාස 5 ක කාළය තුල එසේ තහනමට ලක්කල දේපළ වල වටිනාකම රුපියල් බිලියන 4 කට අධිකය. එසේ තහනම් නියෝග ගත් දේපළ ගැන ප්‍රවෘත්ති දකින පක්ෂ භේදයකින් තොරව රට වැසියන් උද්දාමයට පත්ව ඇත. ඒත් එහි ඇත්ත කතාව කුමක්ද?

මෙම රජය බලයට පත්වූවාට පසුව එක ශතයක දේපලක් රාජසන්තක වී නැත. එසේ නම් තහනම් කල බිලියන 4 කට අධික දේපළ කුමක්ද? විශේෂයෙන් රටපුරා සිටින අයථා ලෙස මුදල් ඉපයූ අය ගැන පොලිස් දෙපාර්තමේන්තුවට නාමික සහ නිර්නාමිකව ලැබෙන පැමිණිලි සියල්ලම විමර්ශනය කිරීමේ කාර්ය පැවරෙන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය වෙතය.  එසේ  ලැබෙන පැමිණිලි ගැන විමර්ශනය කරන්න පටං ගන්නේම  රාජපක්ෂ රෙජිමයේ අතකොළුවක් ලෙස ක්‍රියාත්මක වෙන දූෂිත නිළධාරියකුවන ජේෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් නැමැති නිළධාරියා යටතේ සිටින අනෙක් දූෂිත නිළධාරීන්ය.

ඔවුන් විසින් මුලින්ම කරන්නේ අදාල පරීක්ෂණය ආරභයේදීම එක් එක් පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කර ඔවුන්ගේ දේපළ රාජසන්තක කරන බවට ප්‍රවෘත්තියක් නිර්මාණය කොට ඒ සදහා ප්‍රසිද්ධියක් ලබාදී අදාල නිශ්චල දේපළ ඉදිරියේ තාවකාලි තහනමට ලක්කල බවට පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමය. සත්‍ය කරුණු නොදත් බොහෝ රටවැසියන් විශේෂයෙන් මෙම ආණ්ඩුව බලයට පත් කිරීමට ජන්දය දුන් අය ඒ ගැන සතුට පලකරමින් කවි නිසැදැස් සහ ගීත නිර්මාණය කරමින් සතුටු වේ. එම සතුට තාවකාලික බව ඔවුන් දන්නේ නැත. අදාළ පැමිණිල්ල පිලිබදව විමර්ශනය කිරීම සදහා අදාල දේපළ වසර දෙකක කාළයකට තාවකාලික තහනම් කරන අතර අදාල කාලය තුල විමර්ශන නිමවා අධිකරණ ක්‍රියා මාර්ගය ගෙන ඉන් අණතුරුව අධිකරණයේ අවසන් තීන්දුව අනුව දේපළ රාජසන්තක කල යුතුය. එය සිදු වේවිද? යන්න ප්‍රශ්න සහගතය.

 ඒ මේතාක් කල් එසේ තාවකාලිකව තහනමට ලක්කල දේපල නැවත අයිතිකරු වෙතම ලබා දී ඇත. එසේ වන්නේ ඇයි.  මෙහි අතර මැදියන් ලෙස ක්‍රියාත්මක වන නීතීඥයන් කීපදෙනෙකු සිටී.තාවකාලික තහනමට ලක්කල අදාල දේපළ පිලිබදව පරීක්ෂණ පවත්වන නිළධාරීන්ම අදාල අනීතික ලෙස දේපළ රැස්කල අය ලබාදෙන මුදල් ඉඩම් සහ වාහන වලට වසග වී ඔවුන්ට එරෙහිව ඇති සාක්ෂි ගොණු පිටිං අදාල සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් වෙත ලබා දීමයි. ඉන් පසුව අදාල නීතීඥයන් විසින් ඩීල් එක දාන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල ගොණුව බාර නිළධාරියා සමගය.

 එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරියාට මනා සහයක් ලබාදෙන්නේ අදාල ගොණුව පිළිබදව සාඛච්චා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිළධාරියා විසින් වැඩේ නොකෙරෙන ගානට තොරතුරු ලබා දීම කරයි.  ඊටපසුව කෙරෙන්නේ කිසිම මාධ්‍ය සංදර්ශනයකින් තොරව අනීතික ලෙස එම දේපළ උපයාගත් අයටම පවරා දීමයි. මේ ගැන වත්මන් වැඩ බලන පොලිස්පති තුමාසේම මහජන ආරක්ෂක ඇමතිවරයා සහ එම අමාත්‍යාංශයේ ඉහල පුටුවල ඉන්නා අය නිසි දැනුවත් භාවයක් තිබේද යන්න ප්‍රශ්නය කි.

(නීතී විරෝධී වත්කම් කොඨඨාශයේ සිට විශ්‍රාම ගිය නිළධාරියෙක් විද්‍යුත තෑපැලට යොමු කළ ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *