අනුරාධපුර පළාතේ නීතී විරෝධී ගල්වලවල් ආරම්භ කරමින් රජයේ ඉඩම් අත්පත් කරගනිමින් විවිධ අක්‍රමිකතාවයන්ට හවුල් වූ මාවිල් ආරූ වන්දි මුදල් ගසා කෑම නිසා ජන අප්‍රසාදයට පත්වූ පොහොට්ටු දේශපාලකයෙකු හා එක්ව විවිධ ජාවාරම් කල ,ප්‍රදේංශය පුරා අවිධිමත් ඉදිකිරීම් කොන්ත්‍රාත් කල පුද්ගලයෙක් පසුව ,අනුරාධපුර පලාතෙන් පළාවිත් තම ගමවූ පිළිමතලාවේද ඉන්නට බැරිව මහනුවර නගරයේ නිවසක් කුලියට ගෙන පදිංචි වී සිටීන අයෙකු මහනුවර පැරණිම ජවිපේ සමාජිකයාගේ චරිතයට පණපොවමින් සිටියි.
කලක් එජාපයේද ,පසුව පොහොට්ටුවේද ජැක් ගසා සිටින කොන්ත්‍රාත් කරුවෙක් වන මොහු මාළිමාවේ ප්‍රභලයන්ට කිට්ටුවී සිටීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මාළිමාවේ සහ ජවිපෙ පැරණි ක්‍රියාකාරීන් මෙවන් අපතයන් ලංකරගෙන මාළිමාව සිස්ටම් චේන්ජ් කරන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කරති.
මොහු තත්ත්වයෙන් බාල කොන්ක්‍රිට් විදුලි කණු නිෂ්පාදනය කර ,ඒවාද ප්‍රමිතියෙන් තොරවීම නිසා කඩාවැටී අඩපණ වීමෙන් පසු අනුරාධපුර පළාතේ පොහොට්ටු දේශපාලකයාට හේත්තූ වී පසුව නීතී විරෝධී ගල් වලවල් ,ගල් ක්‍රෂර් පවත්වාගෙන යමින් නිධන් ජාවාරමටද සම්බන්ධ වී සිටි අයෙකු බව බොහෝ දෙනා පවසති.
මාළිමාවේ ප්‍රභලයන් පසු පස යමින් ජායාරූප වලට පෙනී සිටින මොහු පිළිබඳව ජාතික ජන බලවේගයේ නායකයන් මීට වඩා අවධානයකින් පසු නොවුණොත් මොහු යලිත් ඔහු කලින් සිටි එක්සත් ජාතික පක්ෂයටම රිංගන බව බොහෝ දෙනා පවසති.
ලකී ජයවර්ධනගේ ලේකම් වරයෙකු ලෙස කටයුතු කල මොහු එස් එම් චන්ද්‍රසේන හිටපු අමාත්‍ය වරයාගේත් ,දැනට අයථා මුදල් ගනුදෙනු නිසා සිරදඬුවම් විඳින උතුරු මැද ප්‍රධාන ඇමතිව සිටි එස් එම් රංජිත්ගේ සහ ශාන්ති චන්ද්‍රසේනගේ අයථා කටයුතු වලටද දායක වූ අයෙකු වන අතර මොහු ඔවුන්ද අතහැර දමා මහනුවර නගරයට රිංගා මාළිමාවට එකතු වූ පුද්ගලයන් සමග සමීප සබඳතා පවත්වමින් මේ දිනවල ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ ටිල්වින් සිල්වා අනුර කුමාර දිසානායක ලාල් කාන්ත වැන්නවුන්ටත් වඩා ජවිපෙ වී සිටියි.
කලක් තමන්ගේ බඩ වියත රැකගන්නට පිහිටවූ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයන්ද අනුරාධපුරේ ඔහුට විවිධ ජාවාරම් තුලින් හම්බ කර ගන්නට අවස්ථාව ලබා දුන් හිටපු ඇමති ඒ එම් චන්ද්‍රසේනවද විවේචනය කරමින් උන් මට මොනවද දුන්නේ කියමින් ජාතික ජනබලවේගය හා එක්ව ව්‍යාජ දේශප්‍රේමියෙක් වී සිටින බව අසීරූ සමයේ මාළිමාවට සහාය දුන් පාක්ෂිකයන් පවසති.
වැඩි කල් යන්නට මත්තෙන් ජාතික ජන බලවේගය පක්ෂයට වෙනත් පක්ෂවල සිට රිංගාගත් මෙවැනි පුද්ගලයන් පක්ෂය විනාශය කරා ගෙන යන බවක් මහනුවර මාළිමාවේ ප්‍රබලයෝ අවබෝධ කරගන්නා විට එජාපයට පොහොට්ටුවට සහ ශ්‍රීලනිපයට සිදුවූ දේ සිදුවී අවසන් බව ජාතික ජන බල වේගය ආණ්ඩුව පිහිටුවන්නට දිවා රෑ ක්‍රියාකල පාක්ෂිකයෝ පවසති. මෙම පුද්ගලයා මහනුවර නව නගරාධිපති මාලිමාවේ චන්ද්‍රසිරි විජේනායක මහතාට ලංවී සිටීම ඔහු සමග චායාරූප වලට පෙනී සිටීම බොහෝ මාලිමා පක්ෂ ක්‍රියාකාරීන්ගේ පිළිකුලට හේතුවී ඇත්තේ මොහු එජාප ක්‍රියාකාරියෙකු ලෙස සිටි සමයේ ඔහු සිදුකල විවිධ ක්‍රියාවන් නිසාය.
එජාප හිටපු ප්‍රභලයෙකුවු ලකී ජයවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම් වරයාද මොහු බව උඩුනුවර යටිනුවර ජනතාව පවසති.මෙවන් පිල් මාරුකරන්නන් ලංකර ගැනීම මාලිමාවේ අවාසනාවක් බව මාලිමා ක්‍රියාකාරීහූ පවසති.
පසුගිය කාලයේ මහනුවර නගරාධිපති ධූරය සඳහා මාළිමාවේ වත්මන් නගරාධිපති වූ චන්ද්‍රසිරි විජේනායකට සුදුසුකම් නැතැයි ප්‍රසිද්ධියේම මොහු පැවසු අතර චන්ද්‍රසිරි විාජ්නායක මහතා මහනුවර පුරපති ධූරයේ දිවුරුම් දෙන අවස්ථාවේ ඔහුට සමිපවී චායාරූප වලටද පෙනී සිටියේ කිසිදු හිරිකිතයක් නැතිව බව ජවිපෙ සහ මාළිමාවේ පැරණි ක්‍රියාකාරීහු පවසති.
මෙම පුද්ගලයා මහනුවරට ජනපති අගමැතිනී සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මැති ඇමතිවරු නුවරට පැමිණි විට සියලු දෙනා මැදට පැන ජායාරූප වලටද පෙනී සිටින අතර මොහු කවුදැයි හොඳින් දන්නේ යටිනුවර උඩුනුවර එජාප ක්‍රියාකාරීන් සහ අනුරාධපුර හොරොව්පතාන කැබිතිගෙලේලෑව පෙදෙස්වල නීතී විරෝධී ගල් වලවල් සහ ගල් ක්‍රෂර් හිමි පොහොට්ටුවට සම්බන්ධ වූ ව්‍යාපාරිකයන්ය .නිතර නිතර එස් එම් චන්ද්‍රසේනගේ නිවසේ රැඳී සිටි මොහු මෑතකදී ජවිපෙ ප්‍රබලයෙකු වී සිටීම ගැන ජවිපෙ පැරැන්නන් සහ මාළිමාවේ ක්‍රියාකාරීන් මවිතය පල කරති.