හිටපු ක්‍රීඩකයෙක් වන රංග විමලවංස මූල්‍ය වංචා චෝදනාවකට වසර දෙකක බරපතල වැඩසහිතව බන්ධනාගාර ගතවී මෝසමක් මගින් ඇප පිට එලියට පැමිණ සිටින අතර ඔහුගෙන්ද තැගි ලබා ගැනිමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර ඇති බව වාර්ථාවෙි.
ඔහුට අදාල දඬුවම කොටුව මහේස්ත්‍රාත් විසින් ලබා දෙන්නේ 2023 දෙසැම්බර් මාසයේදීයි.ඒ අනුව බන්ධනාගාරගත වූ ඔහු අභියාචනාවක් ඉදිරිපත් කර ඇප පිට එළියට පැමිණ ඇත.
ඔහු ඉන් මාස දෙකකට පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ දූ පුතුන්ට ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන්නේ අනුග්‍රාහකයෙක් මාර්ගයෙනි.
නීල කාස හොරෙකුගෙන් මෙවන් තෑගි ලබා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට අවසර ලබා දීමම හාස්‍ය ජනකයි.
රංග විමලවංස යනු මූල්‍ය වංචා නිසා මීට පෙරද හිරේ ගිය අයෙකු වන අතර, විදෙස් කතකගෙන් මුදල් මංකොල්ල කෑමකටද මොහු වැරදිකරුවෙකු වී ඇත.
ඒ වගේම ක්‍රීඩා කරන සමයේ විදෙස් රටවල්වලට මිනිසුන් පටවන මිනිස් ජාවාරමකටත් සහාය දැක්වූ බවටද චෝදනා එල්ල වී තිබෙි.
2025-06-11