නව බන්ධනාගර කොමසාරිවරයාට රංගගේ ආදර්ශය ගන්නැයි ඉල්ලිමක්

ජනාධිපති සමාව යටතේ ව්‍යජ තොරතුරු ඇතුලත් කර සිරකරුවෙකු නිදහස් කිරිම සමිබන්ධයෙන් වැඩ තහනමකට ලක් කළ අන්ත දුෂිත අයුරින් බන්ධනාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ තුෂාර උපුල් දෙනිය මහතාගේ වැඩ තහනම් කිරිමත් සමග එහි රාජකාරි ආවරණයට පත් කළ අතිරේඛ ලේකම් වරයාට බන්ධනාගාරය පිරිසිදු කිරිමේ අවස්ථාව එළබ තිබෙි.

ඒ සදහා පළමුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහය ඇතිව බන්ධනාගාර රෝහලට අධ්‍යක්ෂවරයෙකු පත්කර රෝහලේ සිටින ව්‍යාජ රෝගි සිරකරුවන් ඉවත් කල යුතුය.හිටපු කොමසාරිස් ජෙනරාල් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුනවර්ධනගේ ආශිර්වාදයෙන් කිසිදු ලෙඩක් නොමැතිව සිටින සිරකරුවන් මුදලට බන්ධනාගාර රොහලට යොමු කර සිටියි. ඊට හොදම නිදසුන  මරණ දඩුවම නියමවී සිටින දුම්න්ද සිල්වා හා තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සමිපත් විදානගමගේ අය දැනට දිර්ඝ කාලයක සිට ඔවුන් මෙසේ රොහලේ නේවාසිකව ගත කරයි.දුමින්ද සිල්වා සමිබන්ධයෙන් සෑම අංශයක්ම නියෝජනය වන පරිදි වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් පරික්ෂා කර වාර්ථාවක් ඉදිරිපත් කරමින් එම කමිටුව නිර්දේශ කර ඇත්තේ ඔහුට කිසිදු රෝගයක් නොමැති බවයි.

එහෙත් අංගොඩ මානසික රොහලේ විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රනාන්දු විසින්  දුමින්ද සිල්වා පිරික්ෂා කර ඔහු මානසික පිඩනයකින් පෙළෙන බව පවසා සියදිවි නසා ගැනිමට ඉඩ ඇති නිසා රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනිමට යොමු කර ඇත.එහෙත් එම වෛද්‍යවරයා නොදනේ  බන්ධනාගාර ගතවන සියලු දෙනාම මානසික පිඩනයෙන් සිටින බවයි.

මිට අමතරව ඔහුට තුන්වෙිලටම නිවසින් අවශ්‍ය ආහර පාන මෙන්ම පරිඝනක, දුරකතන පහසුකම් ද ලබා දී තිබෙි.මිට පෙර අවස්ථාවකදී එම බන්ධනාගාර රොහලේ වෛද්‍යවරියකගේ කාමරය තුළදී ඇයගේ  පහස ලබමින් සිටි  දුමින්ද සිල්වා   එය දුටු අනේකුත් සිර කරුවන්  සිද්ධිය හෙළි කිරිමත් සමග ඇයට බොරැල්ලට ආසන්න රොහළකට ස්ථාන මාරුව්මක් ලබා ගිය අතර එම පහස සදහා ලක්ෂ විසිපහක මුදලක් ලබා දී ඇති බව වාර්ථාවි.

මුදල් වලට රෝග හා පහසුකම් විනිෂ්චය කරන මෙවැනි තින්දු තිරණ සමිබන්ධයෙන් නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට ආදර්ශයට ගැනිමට ඇත්තේ නව අල්ලස් කොම්ෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් මහධිකරණ විනිසුරු රංග දිසානායක මහතායි.එබැවින් බන්ධනාගාර ගතවන මැති ඇමතිවරුන්ට ක්ෂණිකයේන ඇතිවන හිරබත් උණට ප්‍රතිකාර ලබා දිම නව කොමසාරිස් ජෙනරාල්වරයාගේ වගකිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *