ගතානු ගතික මිලේච්චත්වයෙන් යුත් ශ්‍රීලංකා පොලීසිය මිදෙන්නේ කවදාද?

පොලීසියේ මූලික කාර්යභාරය සමාජයේ සාමය පවත්වාගෙන යාමයි. එයට සහයවීම සදහා පාලකයන් විසින් හඳුන්වාදෙනු ලබන නීති සමාජය තුල බලගැන්වීම සිදුකරණු ලබන්නේ පොලීසිය විසිනි. අදාළ නීති කැඩූකල ඔවුනට දඩුවම් දීම අධිකරණය මගින් සිදුකලද අධිකරණයට එය ඉටු කිරීමට මූලික වශයෙන් සහය වීම පොලීසිය සතු කාර්යභාරය වේ.

අප රට ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් වලින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය හැරුණ කල අන් සියළුම එහි සාමාජිකත්වය දරණ රටවල පොලීසිය ඉතිහාසයේ සිටම මිලේච්චය. එයට හේතුව වූයේ එම රටවල පොලීසිය ඇති කරණු ලැබුවේ එම රටවල් පාලනය කල එංගලන්තය විසින් ඔවුන්ගේ පැලැන්තියේ දේපල සහ ජීවිත ආරක්ෂා කර ගැනීමටය. එම කාර්ය ඉටුකර ගැනීමට ඔවුන් එම රටවල පොලීසිය ආරම්භ කරන විට වෙනත් ජාතීන් රැගෙන විත් පොලීසිය ආරම්භ කර ඇත. දැන් අපි ලංකාවේ පොලීසිය ගැන බලමු.
ලංකාවේ පොලීසිය ආරම්භ කිරීමට මුල්ම නිළධාරීන් සදහා රැගෙන ආවේ ඉන්දුනීසියාවේ ජාවා දූපතෙන් ( ජා ජාතිකයක්) සහ මැලේසියාවෙන් ( මැලේ ජාතිකයන්) ය. ලංකාවේ රාජකාරි කරද්දී මියගිය පළමු නිළධාරියාවූ සභාන් ද ජාවා දූපතෙන් පැමිණි ජා ජාතිකයෙකි.
ලෝකේ දියුණු රටවල පොලීසිය ජනතාවට සේවය කිරීමට බැඳී සිටියත් ලංකාව වැනි රටවල පොලීසිය සේවය කරණු ලබන්නේ පාලකයාටය. පොලීසිය මොනම මට්ටමේ පහත් ක්‍රියාවක් කරත් පොලීසිය ආරක්ෂා කිරීමට පාලකයා ඉදිරිපත් වීම පොලීසිය තව තවත් මිලේච්චත්වය කරා යාමට බලපා ඇත. 87-89 කාළයේ පොලීසිය ආරක්ෂා කිරීමට වගකීමෙන් ආරක්ෂා වීමේ පනත වැනි පනත් පමණක් නොව ආරක්ෂක අංශ විසින් මරා දැමූ ඕනෑම අයකුගේ මළසිරුර පශ්චාත්මරණ පරීක්ෂණයක් නොපවත්වා විනාශ කිරීම සදහා නීතියක් පනවා පොලීසියට බලය දුන්නාය.
ඉතිහාසයේ දී එම දුර්ධාන්ත නීතිවලින් බැට කා විනාශ නොවු නායකයන් අද රටේ පාලකයන්‍ ය. හැබැයි බලය ලබා ගැනීමට පෙර රටේ පුරවැසියන්ට වත්මන් පාලකයන් ලබා දුන් පොරොන්දු වූයේ පාලකයාට සේවය කරන පොලීසිය වෙනුවට මහජනතාවට සේවය කරන පොලීසියක් ස්ථාපිත කරන බවයි. එම තත්වය උදාකරදීමට ජනාධිපති වරයා විසින් පොලීසිය භාර අමාත්‍යාංශයේ ඇමතිවරයා ,ලේකම්වරයා සම්බන්දීකරණ ලේකම්වරයා සහ උපදේශකවරයා ලෙස හිටපු පොලිස් නිළධාරීන් පත්කළේය. ජනාධිපති වරයාගේ අභිලාෂය ඔහු විසින් වගකීම භාර දුන් අය ඉටුකරාද? නැත .ඔවුන් විසින් පොලීසියට සහ රටට ජාත්‍යන්තරව ලබා දුන් කළුපැල්ලම වූයේ කොටහේන පොලීසිය විසින් මනුශ්‍ය ඝාතනයක් කිරීමේ සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වීමට කියා ගෙනගොස් ඝාතනය කිරීමයි. එම ඝාතනය කිරීමට සමගාමීව වත්මන් විදෙස් ඇමති වරයා ජිනීවා මානව හිමිකම් සැසියට සම්භන්ද වී සිටියේය. කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වූයේ රටේ උත්සන්න වෙමින් පවති ඝාතන රැල්ල මැඩීම සදහා එසේ කරන ලෙසට පොලීසිය භාර අමාත්‍යාංශයේ උපදේශක සහ ලේකම්වරයා විසින් උපදෙස් දී ඇති බවයි.
නමුත් එම උපදෙස් පිළිපැදීම නිසා අහක සිටි වැඩබලන පොලිස්පති වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව ඇත. උපදෙස් අමාත්‍යාංශය හරහා පැමිණි නිසා අනීතික ලෙස සැකකරුවන් ඝාතනය කල පොලිස් නිළධාරීන්ට එරෙහිව කිසිත් සිදුවී නැත. ඊට කෙටි කලකට පසුව වැලිකඩ පොලීසිය තුලදී අත් අඩංගුවට ගත් සැකකරුවකු පහර දී ඝාතනය කිරීම ගැන එයට සම්භන්ද නිළධාරීන් වැඩ තහනමකට ලක්කර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුවේය. එසේ වූයේ එ සදහා අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා නොදී තිබූ නිසාය.
දැනට සේවා තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ට පොලිස්පති ධූරය ලැබුනවිටදී පළමුව කරේ රටේ සියළුම නගරවල සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ආධාර එකතුකොට පොලිස්පති වරයාට සුබපතමින් බැනර් සහ කටවුට් ගැසීමය. ඊට පසුව යුක්තිය නමින් නාඩගම්ක් ආරම්භ කළේය. එය ආරම්භ කරේ වැලිගම 15 හෝටලයට පහර දීමට පොලිස් නිළධාරීන්ම යොදවා පොලිස් නිළධාරියකුගේම ජීවිතයක් බිලිදීමෙනි.
ඊට පසුව ඔහු රටේම ඇති පොලීසිවලට උපදෙස් දුන්නේ. ඒ මත්ද්‍රව්‍ය අත්ඩංගුවට ගන්නා ලෙසත් එය ප්‍රමාණික වශයෙන් වැඩි විය යුතු බවත්‍ ය. පොලීසිය වැඩේ පටන් ගත්තේ ඉතාමත් සතුටුනි. ඒ අත් අඩංගුවට ගත් බහුතරයක් දෙනා සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 කට වඩා ඉදිරිපත් කිරීමයි. එම අත්ඩංගුවට ගෙන ඉදිරිපත් කල සියළුම දෙනාගෙන් 90% දෙනා සදහා මත්ද්‍රව්‍ය පොලීසිය මගින් හදුන්වා දී තිබුණි. ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ පහසුකම් ඇත්තේ රැදවියන් 18000 කට වුවත් යුක්තිය මෙහෙයුම හරහා බොරු නඩු දැමීමෙන් රැදවියන් සංඛ්‍යාව 32 දක්වා ඉහල ගියාය. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 කට වඩා හෝ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 කට වඩා අත් අඩංගුවට පත්වුවහොත් සැකකරුට හෝ සැකකාරියට මරණීය දන්ඩනයෙන් දඩුවම් කිරීමට ලැබෙන අතර එම වරදට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නඩු ගොණුකිරීමට පෙර ඇප ලබා ගත යුත්තේ මහාධිකරණ වෙතින් වීමයි. යුක්තිය එහෙයුමේදී අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කල මහාධිකරණ වෙතින් ඇප ලබාගත යුතු බොහෝ පිරිසකට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබා දුන්නාය.
දින කීපයකට පෙර මීතොටමුල්ලේදී ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනයට සැකපිට අත් අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකුට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක වැඩියෙන් සන්තකයේ තිබූ බවට හදුන්වාදී ඇත. එසේ හදුන්වා දීම පොලීසියේ නොහැකියාව නොවේ නම් හේතුව කුමක්ද? අදාල ඝාතනයට සම්භන්ද සැකකරුවන් අත් අඩංගුවට ගන්නේ එය ඍජුවම කල යුතුය. එසේ නොකොට අදාල සැකකරුවන් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබූබවට හදුන්වා දීම පොලීසියේ මිලේච්චත්වය විදහාපෑම නොවේද?
පොලීසිය අදටත් යාවත්කාළීන වී නැත .තවමත් පොලීසිය හැසිරෙන්නේ ඉතිහාසයේ පුරාවට හැසිරුන මිලේච්චත්වය පෙර දැරි කරගෙනය. එය රටේ ඉදිරි ගමනට බාධාවකි.
ජනාධිපතිතුමාට මේ රට හොඳ රටක් කිරීමේ අවංක චේතනාවක් ඇත්නම් සිදුකල යුත්තේ පොලීසිය මිලේච්චවය දෙසට තව තවත් ලගාවීමට අනුබල දෙන පොලිස් අමාත්‍යාංශයේ ඉහලම පිටුවේ සිට පහලම පුටුව දක්වා සිටින අයව ඉවත් කර පුනරුත්තාපනය කිරීමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *