නිලාවෙලි වෙරළේ ඛනිජ වැලි කැණීමට සැරසෙන ජෙට් හෝල්ඩින් සමාගමට එල්ලවන ජනතා විරෝධය පාලනය කරන කුච්චවේලි පොලිස් ස්ථානාධිපතිවරයාට සමාගමෙන් රාත්‍රි සාදයක් පවත්වා ඇති බව වාර්ථාවෙි.
නිලාවෙලි වෙරළ තීරයේ ඛනිජ වැලි කැණීම් කර ඒවා පිරිපහදු කිරීමට ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් එරක්කණ්ඩි වාලයුත්තු ප්‍රදේශයේ පිරිපහදු වක් ඉදිකිරීමට ජෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම කටයුතු කරන අතර ඊට ප්‍රදේශයේ ජනතාව සිය විරෝධය පල කර තිබෙි. ඒ ඛනිජ වැලි පිරිපහදු කරන යන්ත්‍රාගාරය නිසා ප්‍රදේශයේ පරිසරයට හානි වන බවත් යන්ත්‍රාගාරය සඳහා රජයේ ඉඩම් අක්කර 21 ද අල්ලා ගැනීම නීති විරෝධී බවත් පවසමිනි. මෙහිදි ප්‍රදේශවාසීන් 12 දෙනෙකුට එරෙහිව ජෙට් හෝල්ඩින් කළමණාකාරීත්වය කුච්චවේලි පොලිසියේ පැමිණිලි කර තිබුණේ තමන්ගේ කටයුතු සඳහා ප්‍රදේශවාසීන් බාධා කරන බව පවසමිනි.
ඒ අනුව කුච්චවේලී පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිල්ලට අනුව පොලිසියට ගෙන්වු ගම්වැසියන් 12 දෙනෙකු දිනක් පුරා රස්තියාදු කර පසුදා ඔවුන් යලි කැඳවා ජෙට් හෝල්ඩින් සමාගමට පක්ෂව පැමිණිල්ල විභාග කර තිබුණේ ඔහුන්ට බාධා කලහොත් අත් අඩංගුවට ගන්නා බව සදහන් කරමිණි.
ඉදිරියේ දී ඛනිජ වැලි කැණීම් කරන විට ඇතිවන ජනතා විරෝධය පාලනය කර ගැනීමේ අටියෙන්
ජෙට් හෝල්ඩින් සමාගම ඉකුත් 22 වැනිදා කුච්චවේලි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් කිහිප දෙනෙකු හට රාත්‍රි ප්‍රිය සාදයක් පැවැත්වු බව වාර්ථාවෙි. ඊට ආණ්ඩුපක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද එක්ව සිටි බව වාර්තා විය.