දළදා දැක්ම දිර්ඝ නොකර ඇත්තේ ජනතාවයට පහසුකම් දිමට නිලධාරින් අපෝසත් විම

දළදා දැක්මේ මහනුවරට පැමිණි ලක්ෂ දහයකට අධික ජනතාවට අත්‍යාවශ්‍ය පොදු පහසුකම් සැපයීමට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු වගකිව යුතු ඉහළ රාජ්‍ය නිලධාරින් අපොහොසත් වීම නිසා ජනාධිපති වරයාගේ දැඩි සෝෂ දර්ශණයට එම නිලධාරින් ලක්ව තිබේ.සිරි දළදා දැක්ම අප්‍රේල් 27 සිට 30 කද්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් පැවතියද මහනුවරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැති මතුන්ට අවශ්‍ය ප්‍රමාණවත් සනීපාරක්ෂන පහසුකම් සපයා දීමට එම බලධාරින් අපොහොසත් වීම තුලින් මාළිමා රජයට ජනතාව දෝෂාරෝපනය එල්ල කළේය..
මහජනතාවට පහසුකම් සපයා නොදී දළදා දැක්ම දීර්ඝ කිරීමට මහාවායක හිමිපාණන් වහන්සේලාද එකඟත්වය ලබා දී නැතිබව මහා විහාර ආරංචි මාර්ග සඳහන් කරයි.සිතාමතාම රජය අපහසුතාවයට පත් කල එජාප නායකයන්ගේ නිර්දේශ මත පලාත් ප්‍රධාන ලේකම් සහ මහනුවර නාගරිකකොමසාරිස්වරිය කටයුතු කල බවට මාළිමාවේ මහනුවර ප්‍රභලයෝ චෝදනා කරති.
මේ සියලු සංවිධාන කටයුතුවල වගකීම භාරගත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ජනාධිපති වරයාගේ නොසතුටද පළවී තිබේ. මහනුවරට පැමිණි ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් ජංගම වැසිකිළි අඩුම වශයෙන් 750 ක්වත් කොළඹ නගර සභාවෙන් ඇණවුම් කර අමතර ගලිබවුසරයකවත් ලබා ගත හැකි වුවද ,දිස්ත්‍රික් ලේක්ම්වරයා ඇතුලු ප්‍රධාන ලේකම් එම කාර්යය සිදු නොකිරීම නිසා දළදා වන්දනාවට නොසුතූ ලෙස මහනුවරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත අධික බැතිමතුන් දැඩි පීඩාවටද පත්වූ බව මාළිමාවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කීප දෙනෙකුම පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *