මොකක්ද මේ බන්ධනාගාර කැරැල්ල

ලංකාවේ නීතියානුකූල බන්ධනාගාර ආරම්භ වන්නේ ඉංග්‍රීසි පාලනය යටතේය. එකල එය යාපනය හැමන් හිල් , කොළඹ වැලිකඩ දකුණු පලාතේ තංගල්ල සහ හම්බන්තොට රට මැද මහනුවර බෝගම්බර ආදී තෝරාගත් ස්ථාන කීපයක බන්ධනාගාර ආරම්භ කලද අදවන විටඑය බන්ධනාගාර 33 ක් දක්වා ඉහලගොස් ඇත.
මෙම බන්ධනාගාර වලින් අධිකරණය මගින් වරදකරුවන් වූ පිරිස රදවන බන්ධනාගාර ඇත්තේ අතලොස්සකි .ලංකාවේම ඇති බන්ධනාගාර 33 හි දඩුවම් ලැබූ හෝ රිමාන්ඩ් බාරයේ තබාගත හැකි ප්‍රමාණය 18000 කි. ඒත් අදවන විට රදවා ගෙන සිටින රැදවියන් ප්‍රමාණය 44000 කි.
මෙම ආණ්ඩුව බලයට පත්වන විට රදවා සිටි රැදවියන් ප්‍රමාණය 32000 කි. එය එතරම් ප්‍රමාණයක් දක්වා ඉහල යාමට බලපෑවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්වූ විගස ආරම්භ කරන ලද යුක්තිය මෙහෙයුමයි. එහිදී සිදුවූයේ පොලිස් වසම් වල පදිංචි සිටි පෙර වැරදි ඇති පුද්ගලයන්ව ඉවක් බවක් නොමැතිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත නොහැකි ලෙසට මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හදුන්වා දී ( පොලීසිය මගින් අතින් දමා) රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමය. පොලීසිය එසේ සිදු කිරීමට හේතු පාදක වූයේ අත් අඩංගුවට ගත් ප්‍රමාණය වැඩි කර ගැනීමට පොලිස් ස්ථාන අතර පැවති තරගයයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද එම බන්ධනාගාර පිරීයාම අඩු කර ගැනීමට කිසිම දැක්මක් තිබුනේ නැත. එම තදබදය අඩුකර ගැනීමට ක්‍රියාත්මක කලයුතු දෑ පිළිබදව යම් යම් පුද්ගලයන් ලබාදුන් උපදෙස් තුට්ටුවකට ආණ්ඩුව මායිම් කළේ නැත. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ සෑම අයෙකුම සිතා සිටින්නේ ඔවුන් සියළුම දේ දන්නා බවත් කිසිවකුගෙන් ඔවුන්ට උපදෙස් අවශ්‍ය නොවන බවත්ය. ලංකාවට ආවේණික වූ කෙළවිලා ගියාට පසු කෙඳිරිගෑම මේ ආණ්ඩුවටද අඩුවක් නැතිව තිබෙි.
බන්ධනාගාර තදබදය අඩුකර ගන්නවා වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළේ එය දරාගත නොහැකි ප්‍රමාණයට වැඩි කිරීමය. එසේ කරේ රටේ මත්ද්‍රව්‍ය නිවාරණ කරන්නට කියා පොලීසිය මගින් කරණු ලබන අත් අඩංගුවට ගැනීම් වැඩි කිරීමට පොලීසිය පෙළඹවීම යි. ආණ්ඩුව කියන ඕනෑම දෙයක් කිසිම වග විභාගයකින් තොරව කිරීමට නෝන්ජල් පොලිස්පති වරයකු සිටීමද මෙයට බලපෑ තවත් හේතුවකි.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සහ අනෙක් බන්ධනාගාර තුල පැනනැගී තත්වය වෙනස් ය. මීගමුව බන්ධනාගාරයේ ඇතිවූයේ බන්ධනාගාරය තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය පිළිබදව පාලන අධිකාරියට ඔත්තු ලබා දීම නිසා හටගත් වියාකූළතාවයකි. එය පළමු දිනයේම ව්‍යවර්ථ කිරීමට නොහැකි වන්නේ ඒ ගැන ඍජුවම නියෝගක් ලබා දීමට තරම් දැනුමක් විෂය භාර ඇමතිවරයාට හෝ ඇමති වයාට උපදෙස් ලබා දීමට තරම් දැනුමක් ජනාධිපතිවරයාට නොතිබීමයි. මීට වසර කීපයකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ මෙවැනි සිදුවීමක් සිදුවූ අතර පැය 6 ක් යන්නට මත්තෙන් එය මැඬ පැවැත්වීමට පොලීසියේ සහය ඇතිව බන්ධනාගාර අධිකාරිය පියවර ගෙන තිබුණ බවට තොරතුරු වාර්තා විය.
මීගමුව බන්ධනාගාර යේ පළමුදින රැදවියන් දෙදෙනෙකු මියගොස් 50 ක වැඩි පිරිසක් තුවාල ලැබූවද ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු නොලැබුන නිසා ඇමතිවරයා දන්නේ නැත. කරුණු එසේ තිබියදී කිසිම ලැජ්ජාවක් නැතිව ඊටපසු මාධ්‍ය වෙත පැමිණ අල්ලේ පැලවෙන බොරු කිවෙිය. පළමු දින ඇතිවූ තත්වය මැඬලීම නොකර එය වර්ධනය වන්නට පාර හැදුවේ වත්මන් ආණ්ඩුවය. ඒ ඔවුන්ගේ මූලික පරමාර්ථය එම බන්ධනාගාරය වසා එම ඉඩම ලාභ උපයන ව්‍යාපාරය ක් සදහා යෙදවීමය. ඒ සදහා ආණ්ඩුව මූලික කරුණු දෙකක් ඉටුකලාය.
පෙර දින සිදුවීම මැඩ පැවත්වා නොතිබුන බව දැන දැනම වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර පොලිස් නිළධාරින්ට 10 දෙනෙකු ශාරීරික අභ්‍යාස ඇඳුමින් සැරසී ගිනිඅවි සහිතව මීගමුව බන්ධනාගාරය වෙත යැවීමය. එම නිළධාරින් කලේ කිසිම ඉවක් බවක් නොමැතිව බන්ධනාගාරය තුලට ගොස් රැදවියන්ට පහර දීමය. කිපුන රැදවියන් කලේ එම බන්ධනාගාර පොලිස් නිළධාරින්ව තම ග්‍රහනයට ගෙන රදවාගැනීමයි.
ඊළගට බන්ධනාගාරය තුල කොටුවී සිටින රැදවියන්ට බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ ඇති කුඩා සිදුරහරහා වෙඩි තැබීමට නිලධාරියකු පෙළඹවීමයි. ඔහුගේ එම නොමනා ක්‍රියාව නිසා රැදවියන් දෙදෙනෙකු මරණයට පත්වූ අතර ඊට පසුරැදවියන් පලමුව කරේ තම ග්‍රහනයේ සිටි බන්ධනාගාර පොලිස් නිළධාරින්ට සෑම දෙනාටම ඉතාමත් තිරස්චීන ලෙස දසවධදී මරා දැමීමයි. එහිදී නිලධාරීන්ගේ ලිංගික අවයව කපා දැමීම ,ගුදමාර්ගයට කොසු මිටි වැනි දෑ ඇතුල්කිරීම රබර් බට කටට ඔබා ගිල්ලවා තිබීම වැනි දෑ කර තිබුණි.
රැදවියන් මර්ධන කිරීමට එස්ටීඑෆ් නිළධාරින් යෙදවූ අතර ඔවුන් විසින් ඔවුන්ගේ පුහුණුව අනුව ක්‍රියාත්මක වීම නිසා රැදවියන් 26 ක් ඝාතනය වී තිබුණි. බන්ධනාගාර පොලිස් නිළධාරින් 7 ක් එතනම මියගොස් සිටි අතර ඉතිරි තිදෙනා රෝහල් ගතකර සිටියදී දැඩි සත්කාර ඒකකය තුලදී මිය ගියේය. බන්ධනාගාර ඉඩම පවරා ගැනීමේ මූලික පියවර ලෙස මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස නම් කර හිස් කිරීමට කටයුතු කිරීම ආරම්භ කර ඇත. තවමත් එය සම්පූර්ණයෙන්ම හිස් කර නැතත් එය ක්‍රමානුකූලව සිදු වෙමින් පවතී.
ගැටුමින් මියගිය නිළධාරින්ට සාධාරණයක් කිරීමට රැදවියන් 61 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොණු කිරීමට කටයුතු කරමින් සිටින බව අධිකරණ ඇමති ප්‍රකාශ කලද වෙඩි තබා මරා දැමූ රැදවියන් 28 දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ආකාරය ගැන නිහඩය.
නමුත් පසුගිය දින මහර බන්ධනාගාරයේ ඇති වූයේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. එදින බන්ධනාගාරය තුල කෘතිම ගැටුමක් නිර්මාණය කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් කටයුතු කරමින් සිටිනා බවට එහි නිළධාරින්ට තොරතුරු ලැබී තිබුණි. ඊට පෙරදින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට තොරතුරු ලැබී තිබියදීත් පාස්කු වලක්වා නොගැනීම වෙනුවෙන් මරණීය දණ්ඩනයෙන් දඩුවම් කර තිබුණි. එම තීන්දුවට සමගාමීව තවත් කණ්ඩායමක් තොරතුරු ලැබී තිබියදී එය වලක්වා නොගත් වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ට සහ සීඅයිඩී අධ්‍යක්ෂ ශානී අබේසේකරට එරෙහිව නඩු නොපවරන්න හේතුව කුමක්දැයි ආණ්ඩුවෙන් ඍජුවම ප්‍රශ්න කරමින් සිටියේය. එය සම්පූර්ණයෙන්ම අමතක කිරීමට මහර බන්ධනාගාර තොරා ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වූයේය. එය ඉව වැටුන නිළධාරින් කරේ එය රැදවියන්ට දැනුම්දී ඒ බව රැදවියන් ගේ සමීපතමයන්ට දැනුම් දීමට දුරකතන ඇමතුම් ගැනීමට නිළධාරින්ගේ ජංගම දුරකතන රැදවියන්ට ලබා දීමයි.
ඒ අනුව වැඩේ පටං ගන්න කොටම රැදවියන්ගේ පවුල් වලඅය බන්ධනාගාර එලියේ සිට වටකරගෙන සිටියේය. මීගමුවේ සෙල්ලම මහර කිරීමට නොහැකි විය. සිදුවීම අතේ පත්තු වෙනකොට ආණ්ඩුව තැටිය මාරු කරාය. එය කරේ මෙම ගැටුම රාජපක්ෂ ගිණුමට බැර කරමින් ගැටුම පටං ගන්න කොටම රැදවියන් ගේ ඥාතීන් බන්ධනාගාරය අසලට පැමිණීම හාස්‍යට ලක්කරමින් මුහුණුපොතේ පෝස්ට් පල කිරීමය. ආණ්ඩුව වෙනුවෙන් ඍජුවම පෙනී සිටිමින් මුහුණු පොතේ ලියන 38 දෙනෙකු එකම අර්ථය සහිතව පෝස්ට් පලකර තිබූ අතර දහස් ගානින් ඒවා ෂෙයා කර තිබුණි.
ආණ්ඩුවේ නියෝජ්‍ය ධීවර ඇමති රත්න ගමගේ යොදා තිබුනේ ” බන්ධනාගාර සෙල්ලම සැලසුම් සහගත විපක්ෂ ව්‍යාපෘතියක්” කියාය. ආණ්ඩුව ඔවුන්ගේය, රාජ්‍ය බුද්ධි සේවය, ඔවුන්ගේය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඔවුන්ගේය .එපමණක් නොව අධිකරණයද ඔවුන්ගේ කරගනිමින් සිටින මොහොතක එවැනි කඩාකප්පල් කාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර මුහුණුපොතේ පෝස්ට් දමමින් සිටීම ප්‍රශ්නයක් නොවේද? උබලා පටන් ගත්තු කැරැල්ල අපි ඉවරයක් කරනවා කියූ රැදවියන් මහර බන්ධනාගාරය තුල ගිණි තැබිය හැකි සෑම ස්ථානයක්ම ගිණි තැබුවාය.
මේ වන විට ආණ්ඩුව බන්ධනාගාර කැරැල්ල කොළඹ මැගසින් බන්ධනාගාර වෙතද , කුරුවිට හා පල්ලන්සේන ආදී ස්ථාන කරා ව්‍යාප්ත වී තිබුණි. බුදුසරණයි කියා බෝඩ් එකක් ගසාගෙන හොර හරක් අදින ලොරියකට සමාන වත්මන් ආණ්ඩුව සමාජවාදී ලේබලයක් එල්ලාගෙන අති දක්ෂිණාංශික ලෙස කටයුතු කරමින්සිටීයි. රටේ මූලික ප්‍රශ්න අමතක කිරීමට දැන් ඔවුන් උපයෝගී කර ගන්නේ බන්ධනාගාර තුල ඇතිවූ සිදුවීම් සියල්ල පිටුපස සිටින්නේ ආණ්ඩුවය.
එය හොඳින්ම තේරෙන්නේ වැඩේ පටං ගන්න කලිං එහි වගකීම විපක්ෂය පිට පටවා ආණ්ඩුවට පක්ෂව ලියන නෝනලා සහ මහත්වරු මුහුණු පොතේ පලකරන පෝස්ට් ය. නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ කියන ලෙසට දේශීය සහ විදේශීයව සිටින එම ප්‍රමාණය 70000 ( හැත්තෑ දහස) කි.
වත්මන් ආණ්ඩුව ඉතිහාසය නිසිලෙසට කියවා නැත. එදා ලංකාවේ උතුරු නැගෙනහිර ත්‍රස්ථවාදීන් පෝෂණය කරේ ඉංදියාවය. නමුත් එම ත්‍රස්ථවාදීන් ඉංදියාවට එරෙහිව මෙහෙයවීමට ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය ක්‍රියාත්මක විය. මෙම ආණ්ඩුව පටං ගත් බන්ධනාගාර කැරැල්ල මතු දිනක මේ ආණ්ඩුවටම එරෙහිව ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය ක්‍රියාත්මක වීම ආරම්භ කර හමාරය.
මේ ආණ්ඩුවට බලය ගැනීමට උදව් කරාසේම ඇමරිකාව තමනගේ න්‍යාය පත්‍රය අනුව සියළු කටයුතු ඉටුකර ගත් පසුව මේ ආණ්ඩුව පලවා හැරීමද කරන්නේ නිකම නොවේ. දැවැන්ත විනාශයක් ආණ්ඩුවට සහ රටට කිරීමෙනි. ඒ ගැන දීර්ඝ ලිපියක් ඉදිරියේ දී ලිවීමට බලාපොරොත්තු වන්න.
(නීතීඥ ධනුෂ්ක සේනානායක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *