උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන ලෙස ලැබුණු කෝටි ගණනක ආහාර ද්‍රව්‍ය ගුල්ලන් ගසා කල් ඉකුත් වී ඇති බවට පසුගිය ජුනි 25 වන දින සිට සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත පිටුපස බරපතළ සැක සංකා රැසක් මතුව තිබේ.
2025 නොවැම්බර් 27 දන “දිට්වා” ආපදාවෙන් පසු අඛණ්ඩව සිදු කළ සහන බෙදා හැරීමේ ක්‍රියාවලිය හදිසියේම මෙලෙස ආන්දෝලනාත්මක මුහුණුවරක් ගත්තේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු පිරිසක් සිදුකරන පුද්ගලික පළිගැනීමක ප්‍රතිඵලයක් ලෙස බවට දැඩි චෝදනාවක් එල්ල වේ.
චෝදනා වල පදනම් විරහිත බව සහ නිලධාරීන්ගේ කැපවීම,ආපදා සහන බෙදා හැරීම ආරම්භ වූ දින සිට 2026 ජුනි 23 වන දින අනීතික ලෙස කාර්යාල පරිශ්‍රයේ යතුරු පැහැරගෙන ගිය මොහොත දක්වාම, කිසිදු කල් ඉකුත් වූ හෝ පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා දුන් බවට උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එරෙහිව කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නැත.
කෝටි ගණනක ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේදී මෙලෙස චෝදනාවකින් තොරව කටයුතු කිරීමෙන්ම නිලධාරීන්ගේ ප්‍රවේශම සහ කැපවීම මනාව පැහැදිලි වේ. ජූනි 23 සිද්ධියට මෙපිට, එනම් ජුනි 19 වන දිනද අදාළ පරිශ්‍රය තුළට ජනතාව ගෙන්වා හාල් ඇතුළු ද්‍රව්‍ය බෙදා දී ඇත.
එදින සහන ලබාගත් ප්‍රතිලාභීන් 56 දෙනාගෙන් කිසිවෙකුත් ගුල්ලන් හෝ මීයන් සිටි බවට පැමිණිලි කර නොමැති අතර, අදාළ අවස්ථාවේ ඡායාරූප තවමත් ෆේස්බුක් හි පවතී. ජනතාව සෘජුවම පැමිණ භාණ්ඩ ලබා ගත් එම පරිශ්‍රයේ මීයන් සිටියේ නම් හෝ උන් විනාශ කර තිබුණේ නම් ජනතාවට එය මඟහැරී යාමට ඉඩක් නැත. ඒ අනුව ජූනි 23 දක්වාම අදාළ භාණ්ඩ නිසි ලෙස ආරක්ෂිතව පැවති බව සනාථ වේ.
දින 20 කින් ගුල්ලන් මීයන් වූ හැටි හා සිද්ධිය නාටකයක් බව වඩාත්ම තහවුරු වන්නේ විගණන වාර්තා සහ භාණ්ඩ සමීක්ෂණ වාර්තා අතර ඇති පරස්පරතාවයෙනි.ජුනි 23 වන දින බලහත්කාරයෙන් යතුරු රැගෙන ගිය අභ්‍යන්තර විගණන නිලධාරියාගේ ජුලි.09 දිනැති විගණන විමසුමේ 1.3.2 ඡේදයට අනුව හානි සිදුව ඇත්තේ මේ ආකාරයටයි.
- මීයන්ගෙන් හානියට පත් වයිපර් – 98.
- මීයන්ගෙන් හානියට පත් පැම්පර්ස් – 06.
- පොඩි බිස්කට් පැකට් – 05.
- ගුල්ලන් සහිත හාල් 05 kg මළු – 177.
- ගුල්ලන් සහිත හාල් 02 kg මළු – 02.
- ගුල්ලන් සහිත හාල් 01 kg මළු – 02.
- ගුල්ලන් සහිත හාල් 40 kg මළු – 01.
දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පත්කළ භාණ්ඩ සමීක්ෂණ කමිටුව 2026.07.13 සහ 14 දෙදින තුළ සිදු කළ සමීක්ෂණයට අනුව වාර්තා කර ඇත්තේ වෙනස්ම කතාවකි.
- බාස්මති හාල් 05 kg මළු 168 ක් මීයන් හානි කර ඇත.
- බාස්මති හාල් 05 kg මළු 03 ක් මීයන් හානි කර ඇත.
- බාස්මති හාල් 02 kg මළු 02 ක් මීයන් හානි කර ඇත.
- බාස්මති හාල් 40 kg මළු 01ක් මීයන් ගැවසීම නිසා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතී.
ජූනි 23 වන දින රැගෙන ගිය හාල් මළු වල සිටියේ “ගුල්ලන්” බව අභ්‍යන්තර විගණනයේදී සඳහන් කර තිබියදී, දින 20 ක් යද්දී එම ගුල්ලන් ඉවත් වී මීයන් පැමිණියේ කෙසේදැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කළ යුතුය.
මුලදී පෙන්වූ ගුල්ලන් සැබෑ ගුල්ලන් නොවන බවට එකල කළ ප්‍රකාශයන් සත්‍ය කරමින්, පසුව මීයන් ප්‍රයෝජනයට ගෙන ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ.
2026.06.23 වන දින කාමර 03 ක කොළ අලවා, යතුරු සොරකම් කර ගෙන ගොස්, පසුව මුර කුටියේ තබා ගොස් තිබුණේ දිස්ත්‍රික්ක ලේකම් ඉන්දික උඩවත්තගේ උපදෙස් පරිදිය.
එදින සිදු වූ යතුරු මංකොල්ලය නිසා අදාළ කාමර සහ භාණ්ඩ සියල්ල අනාරක්ෂිත විය. ජූනි 23 සිට දින 20 කට පසු විවෘත කළ කාමර වල තිබූ භාණ්ඩ වලට යම් හානියක් වී නම්, එහි සමස්ථ වගකීම භාර ගත යුත්තේ යතුරු පැහැරගත් පිරිස මිස කාර්යාල නිලධාරීන් නොවේ.
ඊටත් අමතරව, ජුනි 25 වන දින රාත්‍රියේ නගර සභාවේ මහජන සෞඛ්‍යව පරීක්ෂකවරයා දැඩි ලෙස බ්‍රැන්ඩි මද්‍යසාර පානය කර (සූර් වී) සිටියදී එදිනම රාත්‍රියේ අදාළ ලේඛන සකස් කර ඇත්තේ කාගේ අවශ්‍යතාවයටද යන්න සොයා බැලිය යුතුය.
කිසිදු විද්‍යාත්මක හෝ රසායනාගාර පරීක්ෂණයක් පවා නොකර එම වාර්තා ලබා දී ඇත. ඒ ආත්මා මහත්මිය කොටු කිරීමේ පටු අරමුණෙනි.
උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනු ගබඩාවක් හෝ තොග කඩයක් නොවේ. ආපදා අවස්ථාවේදී ඔවුන් භාණ්ඩ ගබඩා කළේ හැකි උපරිම අයුරිනි. මුල් මාසයේ මුළු කාර්යාලයම ගබඩාවක් බවට පත්වෙද්දී ඒ පිළිබඳව සොයා නොබැලූ අය, අද ප්‍රායෝගික නොවන නිර්දේශ දෙමින් පළිගැනීමට ලක්කිරීම කණගාටුදායකය.
යාබද දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “වතුර බෝතල්” ජාවාරම උඩපළාතට ඇඟිල්ල දිගු කරන බලධාරීන්ට නොපෙනීමද පුදුමසහගතය. එවැනි බරපතළ තත්ත්වයන් නොසොයා අතහැර දමා ඇත්තේ සමරු ඵලකවලට හිලව්වටද යන්න ජනතාව ප්‍රශ්න කරති.
ආත්මා මහත්මියගෙන් පුද්ගලිකව පළිගැනීමට ගොස් මේ විනාශ කරන්නේ රටේ මහජන මුදල් සහ මිනිසුන්ගේ බඩගින්න නිවීමට තිබූ ආහාර ද්‍රව්‍යයන්ය. විමර්ශනයට පැමිණි නිලධාරීන් අදාළ භාණ්ඩ නිසි ලෙස ඇසිරුවේ නම් මීයන්ට හානි කිරීමට ඉඩක් ලැබෙන්නේද නැත.
එබැවින්, පටු චේතනාවෙන් ‘නුසුදුසු’ ලේබල් ගැසූ මෙම ආහාර ද්‍රව්‍ය වහාම විධිමත් රසායනාගාර පරීක්ෂාවකට ලක් කර, පරිභෝජනයට සුදුසු නම් ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කළ යුතුය.
1994 වසරේ සිට 2024 වසර දක්වා වූ දශක තුනක කාලයක් මුළුල්ලේ “ජයරත්නලාගේ” ගෙදර බල්ලට පවා නැමෙන තනතුරක්ව තිබු උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ධුරයට නිසි වටිනාකමක ගෞරවය හා වගවීම අත්කර දෙමින් ආත්මා දිල්රුක්ෂි මහත්මිය කල රාජකාරි නිසා රිදි, කීපී, වෛරය හා ද්වේෂය උපදවා ගත් උඩ පළාතේ හිටපු නෝනා මහත්වරු ගම්පොල මෙට්ට හාමුදුරුවන්ගේ පන්සලට රැස්වී කතිකා කර දියත් කළ “ආත්මා දඩයම” නම්, නිහීන කුමන්ත්‍රණයෙන් දැළි ගැවි ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මිස අන් කිසිවකුගේ නොවේය.
නීති විරෝධී ලෙස වැටුප් දෙකක් ලබා ගැනිමේ වරද මත උසස්වීම් අත්හිටුවනු ලැබු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක “සුබසිංහ” මෙම ත්‍රාඩ මෙහෙයුමට සහයවී ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට කර ඇති අවමානය කැළලද සුළු පටු එකක් නොවෙි.

