කොළඹ ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ක්‍රිකට් උසස් කාර්ය සාධක මධ්‍යස්ථානයේ මෙතෙක් සිදු කර ඇති කෑම පාර්සල් වලින් මුදල් ගසා කෑමක් ගැන වාර්තා වෙි.
මෙහි විවිධ සංචිත පුහුණුවීම් දිනපතා සිදු කෙරෙන අතර කාන්තා කණ්ඩායම් පුහුණු කිරීම් පී.සරා ක්‍රීඩාංගණයේ සිදු කෙරේ.
මෙහි පුහුණුවට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කොන්ත්‍රාත්කරුවකු මගින් උදේ හා දහවල් ආහාර ලබා දෙන අතර මෑතක් වන තුරු එම කොන්ත්‍රාත්තුව සිදු කර ඇත්තේ හිටපු උප සභාපතිවරයකි.එහෙත් දැන් එහි කොන්ත්‍රාත්තුව සිදු කරන්නේ හිටපු සභාපතිවරයාගේ හිතවතෙකි.
මේ ආහාර කොන්ත්‍රාත්තුව සඳහා මාසිකව ලක්ෂ ගණන් ගෙවන අතර දිනපතා ඇනවුම් කරන ආහාර පාර්ෂල් සංඛ්‍යාව පුහුණුවට පැමිණෙන ක්‍රීඩකයන්ට වඩා දෙගුණයක් වන බවත් එම අමතර ආහාර පුහුණුකරුවන්ද අනුභව කොට නිවෙස් වලටත් රැගෙන යන බවත් වාර්තා වේ.සාමාන්‍යයෙන් පුහුණුකරුවන්ට කෑම සපයනු නොලබයි.
මෙසේ වැඩිම ආහාර පැකට් සංඛ්‍යාවක් ඇනවුම් කරන්නේ එක්තරා කාන්තා ක්‍රිකට් පුහුණුකරුවකු බව දැන ගන්නට ලැබී තිබේ. මොහු මීට අමතරව තවත් චෝදනා රැසකට හිමි කම් කියන පුහුණුකරුවෙකි
2026-05-31

