දැන් යල් කන්නයේ වී වැපිරීම අවසන් වෙමින් තිබේ.ඒවායේ අස්වනු නෙලීම ජුලි ,අගෝස්තුවේ දී සිදුවනු ඇත. කුඩා වැව් යටතේ වගා කල කුඹුරු හා නැගෙනහිර පලාතේ ඇතැම් ප්‍රදේශවල කුඹුරු වල අස්වනු නෙලීම ඊට පෙර සිදුවනු ඇත .
ප්‍රශ්නය ඇත්තේ එතැනය.මෙවර ගොවීන් කන්නය ආරම්භ කලේ ප්‍රශ්න රැසක් හිස මත තබාගෙන ය. ගියවර මහ කන්නයේ ඔවුන්ට අස්වැන්නට සාධාරණ මිලක් ලැබුනේ නැත.ඔවුන් වී අලෙවි කලේ කිලෝව රුපියල් සියයක් වැනි මිලකට ය.දැනුත් වී මුදලාලිලා වී ගන්නේ කිලෝ64 ක මිටියක් රුපියල් 7000.00 කටය.
ලෝක අර්බුදය හමුවේ ඩීසල් මිල ඉහළ යාමත් සමඟ මෙවර ට්‍රැක්ටර් හිමියන් කුඹුරු අක්කරයක් හාන්නට රුපියල් 28,000 -30000 ක් මිලක් අය කලේය .ආණ්ඩුවේ අලස ප්‍රතිපත්තියක් නිසා පොහොර මිල දාසය දහසක් , දාහඅට දහසක් දක්වා ඉහළ නැග තිබේ.කුලී කම්කරුවන් තම වැටුප රුපියල් 3500.00 -4000.00ක් දක්වා වැඩිකර ගත්තේය.ගොවිතැනට අවශ්‍ය වල් නාශක ,උපකරණ සියල්ල උඩ ගොස් ඇත.ඒ සියල්ල මැද ඩඩ්ලිලා ,නිපුනලා ,නිව් රත්නලා රිසි ලෙස ගොවින්ගේ වී ටික කුණු කොල්ලයට ගනිමින් සිටීයි.
මේ ආණ්ඩුවේ කෘෂි කර්මාන්තය භාර ගෙන ඇත්තේ මරු ඩබලකි..ලාල් කාන්ත ගැන මුලදී ගොවීන් තුල ලොකු බලාපොරොත්තු රැසක් තිබිණි .ඊටත් වඩා ගොවින් බදාගෙන හිටි නාමල් කරුණාරත්න ගැන තදබල විශ්වාසයක් තිබිණි .හැබැයි දැන් ගොවින් කියන්නේ මේ දෙදනා වෙල මැද සිටවු පඹයන් වගේ කියාය .එක්කො මල ගෙවල් වල පාලු කපන කයිවාරු කරුවන් වගෙ කියාය .
ඇත්තටම කෘෂි කර්මාන්ත අමාත්‍යාංශය සැබැවින්ම ෆේල්ය .ඇමති ඩබලට එදාවේල විසදුම් හැර වෙනත් කිසිදු සැලැස්මක් නැති ගානය.වගා සැලසුමක් ,ඉලක්කයක්,අස්වනු මිලදී ගැනීම , වෙළෙඳ පල සැකසීම ,පාරිභෝගිකයන් සඳහා සාධරණ මිලක් වැනි දේවල් ඔවුන්ගේ ඔලුවෙ නැති ගානය.
පෙර පැවති ආණ්ඩුවලින් ගොවීන්ට සැලකූ විදිය මෙවැනි වමේ යැයි කියන ආණ්ඩුවකින් ගොවීන් නිකමට හෝ අපේක්ෂා කලේ නැත. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද ? රුපියල් සියයට වී ගන්නා මොල් හිමියෝ හාල් දෙන්නේ රුපියල් 225.00 න් එහා මිලකට ය.කීරි සම්බා විකුණන්නේ හොරෙන් ගංජා විකුණනවා මෙන් ගිනි ගණන් වලටය .මේ සියල්ල සිදු වෙද්දී කෘෂි කර්මාන්ත ඇමති,උප ඇමති තද නින්දේ පසුවෙති .
රනිල්ගේ ආණ්ඩුවේ අවසන් භාගයේදී පොහොර මිල රුපියල් 8500.00 කි.වී මිටිය රුපියල් 7500- 8000 අතරය .හාල් මිල 220.00 කි. දැන් සිදුවන්නෙ කුමක්ද ? රනිල්ගේ ආණ්ඩුවට වඩා ප්‍රගතිශීලි යැයි කියන ආණ්ඩුවකින් මෙවැන්නක් කවුරුන් හෝ අපේක්ෂා කලේද ? .
ලෝක අර්බුදයක් තියෙන බව සැබෑවක් වුවද රුසියාව ,පාකිස්තානය ,වියට්නාමය,චීනය වැනි රටවලින් කෘෂිකාර්මාන්තය වෙනුවෙන් මීට වඩා සහායක් ලබා ගැනීමට නොහැකි ද? මේ සියල්ල එසේ වන්නේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ ඇති උද්දච්ච කම නිසාය .මේ විදියට දිගටම ගියහොත් සිදුවන්නේ ගොවීන් තව දුරටත් වල පල්ලට යාම හැර වෙන් කුමක්ද .

