මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න යනු හොඳ ඩීල් කාරයෙකි. ඔහු කරන කියන සෑම දෙයකින්ම ඔහුට පුද්ගලික වාසියක් නොලැබේ නම් ඔහු එය කරන්නේ නැත. පාරම්පරික යූඑන්පී කාරයෙකු වූ රවී සෙනවිරත්න වත්මන් ආණ්ඩුවට සම්බන්ද වෙන්නේ විශ්‍රාමික පොලිස් සාමූහිකය හරහාය. ඒ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන ඔහුට මෙන්ම වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂ රීලෝඩ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකරටද එල්ලවූ චෝදනා වලින් ගැලවීමටය. ඒ අපරාධය වලක්වා නොගැනීම ගැන තමන් දෙදෙනාව අත් අඩංගුවට ගැනීම වලක්වාලන ලෙසට දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩු පවරා ඇති අයය.
රවී සෙනවිරත්න සීඅයිඩී හි නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටියදී නිස්ශංක සේනාධිපතිට අයත් ඇවන්ගාඩ් ආයතනයට එරෙහිව පැවති පාවෙන අවි ගබඩාව නඩුවෙන් නිදහස් වීමට උදව්කල පොලිස් ලොක්කාය. එයට තුටුපඬුරු ලෙසට දෙහිවල වින්සර් ඇවිනිව් හි ස්ෆෑන් ටවර් එකේ එපාර්ට්මන්ට් එකක් ලබා දී ඊට අමතරව රවී සෙනවිරත්න ගේ පුත් ගයාන් සෙනවිරත්න ට මාසිකව රුපියල් ලක්ෂ 5 ක වැටුපක් රියදුරකු සමග වාහනයක් නිස්ශංක සේනාධිපති විසින් ලබා දී ඇත.
පසුගිය මාර්තු මස අගදී රවී සෙනවිරත්න ඔහුගේ බිරිඳ සමග සිංගප්පූරුවේ පුද්ගලික සංචාරයක නිරත විය. එම සංචාරය ඔහුගේ පුද්ගලික ධනයෙන් ගියානම් අපිට ප්‍රශ්නයක් නැත. නමුත් ඔහු මෙම සංචාරය සදහා ගුවන් ටිකට් පත් ලබාදුන්නේ ශ්‍රීලංකා දුම්කොළ සමාගමෙනි. පුද්ගලික සමාගකින් රජයේ ලේකම් වරයෙකුට එසේ තුටුපඬුරු ලබාගත හැකිද? එසේ ලබා ගැනීම තුලින් අදාල සමාගම වෙත ඔහුගේ ලබැදියාවක් ඇති නොවන්නේද? එසේ තුටුපඬුරු ලබාගන්නා ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රවී සෙනවිරත්න වෙත උපදෙස් ලබාදී ඇතිදැයි දැනගැනීමට කැමැත්තෙමු.
(විශ්‍රාමික පොලිස් සාමුහිකයේ සාමාජිකයෙකු විසිනි)

