ඉන්දියදියානු දැඩි විරෝධය හේතුවෙන් හම්බන්තොට ඉදිකිරීමට යෝජිත චීන සමාගමක් වන සයිනොපෙක් හි නව තෙල් පිරිපහදුව ඉදිකිරීම අත්හැර දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මේ තෙල් පිරිපහදුවේ නිපදවනු ලබන ඉන්ධනවලින් සියයට 20 ක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමටත්, බදු සහන ලබාදීමටත් වූ පූර්ව ගිවිසුම් මත මේ සඳහා ගිවිසුම් සකස්කර තිබිණි.
කෙසේවුවද, IMF කොන්දේසිවලට අනුව මේ සඳහා බදු සහනදීමට නොහැකි බව ශ්‍රී ලංකා රජය විසින් අදාළ සමාගමට මීට පෙර දන්වා තිබිණි.
ඒ අනුව සයිනොපෙක් සමාගම ඔවුන්ට බදු සහන නොදෙන්නේ නම් සිය පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට වෙළෙඳපොළේ සියයට 40 ක් අලෙවි කිරීමට අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමට ද ශ්‍රී ලංකාව මේවන විට විරෝධය දක්වා තිබේ.
එම තත්ත්වයන් හේතුවෙන් අදාළ සමාගමේ සිටි චීන ජාතිකයින් මේවන විට නැවත සිය රටට ගොස් ඇත.මේ පිරිපහදුව තුළ දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර ඇත.
මේ අතර ජනාධිපති අනුර කුමාරගේ චීන සංචාරයේදී අත්සන් කරන ලද චීන මාධ්‍ය ආයතන හා රාජ්‍ය මධ්‍ය මාධ්‍ය ආයතන අතර සහයෝගිතා ඇතුළ ගිවිසුම් 7ක් කොළ කැබලිවලට සීමා වී ඇති බව වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවක සේවිකාවන්ට චීනය විසින් නොමිලේ ලබාදුන් රට සවාරි හැරෙන්නට එම ගිවිසුම්වලින් සිදුවූ කිසිවක් නැතැයි ද වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවල ඉන්දීය රජය විසින් අදාළ රාජ්‍ය මාධ්‍ය ආයතන සේවක සේවිකාවන්ට ඉන්දීය සංචාර සමඟ ඉන්දීය ක්‍රමයට මාධ්‍ය හසුරුවන පුහුණු වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති බවද ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

