ගෝන මස් කිලෝ දෙකට පීචං වූ ටිකලෝ වටගල

වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති නීතීඥ සුනිල් වටගලය. ඒත් ඔහුගේ වත්මන් සහ ඉතිහාස ක්‍රියාකාරකම් අනුව ඔහු නීතීඥ ලෙස හදුන්වා දීම නීතීඥයන්ට කරන අපහාසයකි. ඔහු නීතිය දන්නේ ටිකක් නිසා නීතීඥයන් ඔහුට ආදරයට කියන්නේ ටිකලෝ කියාය.

 පසුගිය වසරේ දෙසැම්බර් 14 වෙනි ඉරිදා ටිකලෝ වටගල ගිරාඳුරුකෝට්ටේ පොලීසියට යන අතරතුර දඹුල්ල පොලීසියට ගොස් ඇත. නැවත පැමිණෙන විට කන්ඩලම හෝටලයට පැමිණෙන බවත් ඒ එනවිට තමා වෙනුවෙන් සංග්‍රහයක් ලෑස්ති කරන ලෙසටත් ස්ථානාධිපති ට උපදෙස් දී ඇත.

 ඒබව ඕඅයිසී දැනුම් දී ඇත්තේ දඹුල්ල ආර්ථික මද්ධ්‍යස්ථානයේ කිරි කඩය කරන බිමල් ජයවීර නම් අයටය. ඔහු ප්‍රමිත තෙන්නකෝන් ගේ හොඳම ගෝලයන්ගෙන් එකෙකි. ඔවුන්ට ඕනෙත් කොහොමහරි ආණ්ඩුවේ එකෙකුට සෙට්වී තමන්ගේ කොටස කඩා ගැනීමට නිසා ටිකලෝ වටගලට එනවිට සැලකීමට කැමැත්තෙන්ම බාරගෙන තිබුණි.

 ජයවීර ගෝන මස් කිලෝ දෙකක් ගෙන ඉස්තරම් ලෙසට එයින් බයිට් එකත් හදාගෙන බ්ලැක් ලේබල් විස්කි බෝතලයක් ද සෙට් කරගෙන ටිකලෝ වටගල  එනතෙක් කන්ඩලම හෝටලේ රැදී සිට ඇත.

 විස්කි බී ගෝන මස් සප්පායම් වූ ටිකලෝ වටගල ප්‍රමිත තෙන්නකෝන් ගේ ගෝලයා වූ බිමල් ජයවීරට කියා ඇත්තේ ” ඕනෑම ප්‍රශ්නයක් ආවොත් මට කියන්න අපේ ආණ්ඩුවෙන් ඔයාට ඕනෑ උපකාරයක් කරනවා” කියාය. 

 සල්ලි වලට සහ බීමට කෑදර ටිකලෝ වටගල කලිසම ගලවා බිමල් ජයවීර ලග දෙකට නැමුනා කීවත් අපි පුදුම නොවන්නෙමු. ඒ ටිකලෝ වටගල යනු ඒ තරමට පීචං බුවෙක් බව අපදන්නා නිසාය.

අනේ අපි හදපු ආණ්ඩුවේ ගෝන මස් බයිට් එකට ඇඹරෙන ඇමතිවරු ඉන්නවා කියලා දැනගත්තම අපේ හිතේ ඇතිවෙන සතුටට වඩා සතුටක් ඇමතිවරු පත්කල ජනාධිපති අනුර කුමාර දිසානායකටත් දැනෙනු ඇතැයි අපි සිතමු.

( දඹුල්ලේ ව්‍යාපාරිකයෙකු එවු ලිපියකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *