නුවරඑළිය මහ නගර සභාවේ කප්පම් මන්ත්‍රී කෙනෙක් සිද්ධිය හෙළි කලාට පදික වෙළෙන්දෙකුට මරණ තර්ජන

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකු පදික වේදිකා වල අනවසර වෙළඳුන්ට වෙළඳාම සඳහා ඉඩ ලබා දීමට රුපියල් දහස බැගින් ලබාගෙන නගර සභාවට ලැබිය යුතු ආදායම සූක්ෂම ලෙස  ගසා කන බවට ,එම නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී වරු  සහ නගරයේ පදික වෙළෙන්දෙක්  චෝදනා කරති.

මෙම හෙලිදරව්ව කල පදික වෙළෙන්දාට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජූඩ්  නැමැත්තෙක් තමන්ට මරණ තර්ජන එල්ල කරන බවට ,පදික වෙළෙන්දෙක් වන මොහොමඩ්  මුබාරක් යන අය නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ,

එහෙත් මෙම මන්ත්‍රී වරයා  මාළිමාවේ අයෙකු නිසා ඔහුට  නීතීය ක්‍රියාත්මක නොවන බව  විපක්ෂයේ මන්ත්‍රීවරු පවසති.නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී මාකඳුරේ රතනවංශ හිමා පැවසුවේ රිසිට් පත් නොමැතිව පදික වෙළඳුන්ගෙන් මුදල් ලබා ගැනීම වංචනික ක්‍රියාවක් බවයි,මේ පිළිබඳව නගර සභාවේදී ප්‍රශ්ණ කරන බවද උන්වහන්සේ පවසයි.

නුවරඑළිය මහ නගර සභාවේ පුරපති වරයා මෙවැනි සිද්ධීන් හමුවේ නිහඬව සිටීම කණගාටුවට කරුණක් බවද   නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී  කණ්ඩායම පවසති.නුවරඑළිය  මහ නගර සභාවේ ආණ්ඩු බලය පවතින්නේ   ජාතික ජනබලවේගය පක්ෂයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *