විජේපාල හා වටගල ඇමතිවරුන්ගේ ඥතියෙකු ඝාතනය කිරිමට පාතාලය කළ සැලසුමේ විමර්ශන යට යයි

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ඇමතිවරයාගේ හෝ නියෝජ්‍ය අමති  සුනිල් වටගල ඇමතිවරයාගේ ලගම ඥතිවරයෙකු ඝාතනය කිරිම සදහා පාතාල කණ්ඩායමක් විසින් සිදු කළ බව කියන සැලසුම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා කොලඹ අපරාධ කොඨ්ඨාශය සිදු කළ  විමර්ශන අතරමග නැවතී ඇති බව වාර්ථාවෙි.

ලැබුණු තොරතුර මත් ආචාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇමතිවරයාගේ හා නියෝජ්‍ය ඇමතිවරයාගේ  ආරක්ෂාවද වැඩි කර ඇත.

ආදාළ ඝාතන සැලසුම බම්බලපිටිය ප්‍රසිද්ධ සමාජශාලාවක දී සිදු කර ඇති බව කරන ලද විමර්ශනයේදී හෙළ් කර ගෙන ඇති අතර දැනට විදේශ ගතව සිටින සංව්ධානාත්මක අපරාධ කරුවෙකුගේ උවමනාව මත මෙය සිදු කිරිමට සැලසුම් කර තිබෙි.

පසුව එහි වගකිම දකුණේ පාතාල සංවිධානයක් වෙත බැර කිරිමටද සැලසුම් කර තිබු බව සදහන්වේ.

දැනට මත්ද්‍රව්‍ය ජාවාරමේ ඇති වී තිබෙන ගැටලුවක් නිසා මෙම අපරාධය සිදු කිරිමට සැලසුම් කර තිබි ඇත.කෙසේ වෙතත් අමාත්‍යංශය බාර ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා සම්බන්ධ පරික්ෂණයක් යටපත් වේ නම් රටේ සෙසෙු ජනතාවගේ විමර්ශන ගැන කෙසේ විශ්වාශය තැබිය හැකිද යන ප්‍රශ්ණය මතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *