මහනුවර මාතලේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල දීර්ඝ කාලයක් සේවය කරන නිළදාරින් ස්ථාන මාරු කිරිම සදහා ගෙන ඇති තිරණයත් සමග තව අවුරුද්දක් දෙකක් තුළ විශ්‍රාම යාමට නියමිතව සිටින නිළදාරින් දැඩි ගැටලුවකට මුහුණ පා ඇත.
එහි දී වැඩිම පිරිසක් කාන්තා නිළදාරින් සිටින අතර එම නිළදාරින් දිගින් දිගටම ඉහළ නිළදාරින්ට එරෙහිව පෙත්සම් ගසන නිසා මෙම තිරණය ගෙන ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව මහනුවර, මාතලේ , ගම්පොළ හා තෙල්දෙනිය යන පොලිස් කොඨඨාශවල එසේ සේවය කරන නිළදාරින් ලබන 20 වෙනි දිනට පෙර ස්ථාන මාරු කරන ලෙසට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ නියෝග කර ඇත.

