ප්‍රවාහන නියෝජ්‍ය ඇමති තුමනි අප්‍රසන්න තෙල්දෙනිය ඩිපෝව ප්‍රසන්න කරන්න

තෙල්දෙණිය නගරයේ සිට දිනපතා ධාවනය වන සඳසිරි දුනුවිල ලංගම බස්රිය එන්ජිම අකර්මණ්‍ය වී මාස හයකි.එහෙත් නව පාලනය තෙල්දෙණිය ඩිපෝව කඩා වැ⁣ටටන්නට ඉඩ හැර නිහඬව සිටිතැයි ලංගමට ආදරය කරන හිටපු සේවකයන් පවසති.
ටිකට් පරීක්ෂා කිරීමට නුවරින් පැමි⁣ණෙන පරික්ෂකයින්ට රුපියල් 500/= බැගින් බස් කොන්දොස්තරවරුන් විසින් එකතු කර සතියකට වරක් කප්පම් ගෙවයි.එවිට ඔවුන් ( ජංගම ප්‍රවේශපත්‍ර පරීක්ෂක ) බස් රථවල ටිකට් පත් පරීක්ෂාව මන්දගාමීව සිදුකර රාජකාරී වෙලාවන් තුල මෙම දූෂිත නිලධාරින් තෙල්දෙණිය ජීවන් අවන්හලට රිංගා මත්පැන් පානය කර ,බස් රථ ටිකට් පරීක්ෂාව මගහැර යන බව ද ඉතා විශ්වාශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩිපෝවේ ඇතැම් කොන්දොස්තර වරු ප්‍රවේශ පත් ජාවාරමෙන් ගසා කන්⁣නේ ජංගම පරීක්ෂකවරුන්ට මාස් පතා කප්පම් ⁣වීමෙනි.තෙල්දෙණිය ඩිපෝව හොර ගුහාවක් බව ලංගම හිටපුු සේවකයන් ද පැවසූයි.
සතියකට රුපියල් 25000/= කට වඩා කප්පම් මුදල එකතුු කර ජංගම ටිකට් පරීක්ෂවරුන් අත තබන නිසා ,බස්වල ටිකට් නොදී සල්ලි යටි මඩි ගසන ඇතැම් කොන්දොස්තරවරුන්ට ගජ වාසි අත්වී තිබෙන බව දැන ගන්නට ලැබිණි..
තෙල්දෙණිය ඩිපෝවේ පාලනය භාර නිලධාරින් දෙදෙනාගේ ගැටුම නිසා ,මෙහි පවතින්නේ දූෂිත ,හොරකම් බහුල පාලනයකි.මගී ජනතාවට ගම්වලට යාමට බස්රථ නොමැති නිසා ,ග්‍රාමීය පෙදෙස්වලට යන ජනතාව අසරණ වී සිටිති.සිස්ටම් චේන්ජ් වුවද මෙම ඩිපෝවේ හොර දූෂිත පාලනය වෙනස් කරන්නට මයික් ඉදිරියේ පම්පෝරී ගහන ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට ද අපොහොසත් වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *