සති කීපයක ඉන්දීය සංචාරය නිමවා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ලංකාවට පැමිණියේ මිට සති කිහිපයකට පෙරය. එම සංචාරයට සමගාමීව ඉන්දීය රජය මෙම වසරේ එරට අයවැයෙන් ඉන්දීය රුපියල් කෝටි 400 ක් ලංකාව වෙනුවෙන් වෙන්කර තිබුණි. ඒ පිළිබදව රජයේ මාධ්‍ය වලට වඩා කවි නිසැදැස් කීවේ ඉන්දීය මූල්‍ය පාලනයක් යටතේ ලංකාවේ විකාශනය වන සිරස නාළිකාවෙනි. හැබැයි ඒ මුදල් වෙන් කරේ කුමකටද යන්න කිසිවකු කීවේ නැත.
ටිල්වින් සිල්වා ලංකාවට පැමිණි විගස පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ජවිපෙ දේශපාලන මණ්ඩලයද ජාතික ජන බලවේගයේ ජාතික කමිටුවද කැදවා විශේෂ සාකච්ඡා දෙකක් පැවැත් වීය. එම රැස්වීම් දෙකේදීම ඔහු කියූ ප්‍රධාන කරුණු දෙකකි.
ඉංදියාව පිළිබදව අපගේ කියවීම( ඉංදියාණු ව්‍යාප්ත වාදය) සම්පූර්ණයෙන්ම වෙනස් කර ගතයුතු බවත්, පලාත් සභා ජන්දය ට සූදානම් වියයුතු බවත් ය.
ඉන්දියාවට අවශ්‍ය වූයේ ටිල්වින් සිල්වා සමග කතා කිරීමට ය. ඒ සාදහා ටිල්වින් සිල්වා සමග කීපදෙනෙකුට පැමිණෙන ලෙසට ආරාධනා කලද ඔවුන් සියළුම දෙනා මගහැර ඉංදියාව කතා සහ ගනුදෙනු කලේ ටිල්වින් සිල්වා සමග පමණි. එහිදී පැහැදිලි ලෙසම එරට රාජ්‍ය නියෝජිතයන් ටිල්වින් සිල්වාට පවසා ඇත්තේ ඔවුන් ඔවුගේ රටේ අයවැයෙන් ඉන්දීය රුපියල් කෝටි 400 ක් වෙන්කරේ විහිළු කිරීමට නොව දීර්ඝ කාළයක් නොපවත්වා ඇති ලංකාවේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට බවය.එම මැතිවරණය නොපැවැත්වීම දෙරට අතර අදටත් වලංගු ඉන්දීය ශ්‍රීලංකා සාමගිවිසුමට පටහැනි බවයි.එම මැතිවරණය පැවැත්වීමට ලංකා රජයට මුදල් නොමැති නම් ඒ සදහා ඉංදීය රුපියල් කෝටි 400 එනම් ඉන්දීය රුපියල් බිලියන 4 ක් ලබාදෙන බවයි.
එසේම ඉන්දියාව තවත් කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇත එනම් එසේ පවත්වන පලාත් සභා මැතිවරණය කදී උතුරු නැගෙනහිර පලාත් සභා දෙක වෙනුවෙන් එහි ජනතාවගේ අභිලාෂය අනුව පාලකයන් පත්විය යුතු බවත් අනෙක් පලාත් සභා ගැන ඔවුන්ට විශේෂයක් නොමැති බවත් ය. ඒ පලාත් සභා 7 ම ආණ්ඩුව කුමන ආකාරයෙන් ජන්දය පැවැත්වුවත් ඔවුනට වැඩක් නැති බවය.
ඇමති ලාල්කාන්ත මාධ්‍යට කීවේරටේ විපක්ෂය නැති නිසා විපක්ෂයක් ඇති වූ පසු ජන්දය ට යාමට කැමති බවය. සත්‍ය වශයෙන්ම ඒ හඬ තුල තිබුණේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තුල ඇති බය සහ භීතීයයි.

