ත්‍රිකුණාමලය වරාය පරිහරණය කරන ප්‍රීමා ලංකා සමාගම හා ටෝකියෝ සිමෙන්ති සමාගම වරාය අධිකාරියටවසර විසි තුනක් සිට ගෙවිය යුතු ගාස්තු නොගෙවා පැහැර ඇති බව වාර්ථාවෙි.
ප්‍රීමා ලංකා සමාගම හා මිට්සුයි සමාගම 2003 වසරේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු හාබර් ටනේජ් ගාස්තුව වන ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් ගෙවා නැති බව සදහන්වේ.
එය රුපියල් වලින් බිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් බව පැවසේයි.
මේ කාලය තුළ ආණ්ඩු තුන හතරක් මාරුවී ඇතත් එම මුදල් අය කර ගැනිමට කටයුතු කර නොමැති හෙයින් වත්මන් ආණ්ඩුව හෝ එම මුදල් අයකර ගැනිමට කටයුතු කළ යුතු බව ජනතාව පවසයි.

